Breaking News• උණුසුම් පුවත්
Showing page 240 of 2911 (43,654 articles)

රාජ්‍ය සේවයේ ‘ෆයිල් කන්ද’ ඩිජිටල් කිරීමට අමාත්‍යාංශයෙන් සැලසුම් : තාක්ෂණික සිහිනය සහ පරිපාලනමය බියුරොක්‍රැටික් යථාර්ථය මෙන්න!
* “පුද්ගලයා මත නොව පද්ධතිය මත දිවෙන පරිපාලනයක් හදනවා” - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් තෙවැදෑරුම් සැලැස්මක්.

බාහිර කම්පන හමුවේ භාණ්ඩාගාරය මූල්‍ය විනය රකී: 2025 අයවැය හිඟය 2.3% දක්වා පහතට!
* ‘දිත්වා’ සුළි කුණාටු ආපදා සහ මැදපෙරදිග අර්බුදය නිසා 2026 ප්‍රාථමික අතිරික්තය 1%ක් දක්වා තාවකාලිකව සීමා වෙයි.

අභිසාරි තේමා ගීතය අන්තර්ජාලයට!
කිසි දිනක අපේ සිනමාවෙ කතා නොකළ ස්ත්‍රී මානයක් තිරය මතට ගෙනෙන, අභිසාරි චිත්‍රපටියෙ තේමා ගීතය අද මුදාහැර තිබුනා.

ඩොලරයේ හැසිරීම වෙළෙඳපොළ බලවේග මතයි; කෙටි කලකින් සමතුලිත වෙනවා - මුදල් නියෝජ්‍ය ඇමති කියයි
* රුපියල 335 සීමාවට එද්දී බැඳුම්කර පොලී අනුපාතත් (Bond Yields) පහළට ගිය හැටි ... * මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඩොලරයට තාවකාලික ඉල්ලුමක්; අපනයන සහ සංචාරක ආදායම් ශක්තිමත් බව භාණ්ඩාගාරය කියයි.

ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය!
*උපත් අනුපාතයත් අඩකට බසියි: මන්දපෝෂණය සහ ශ්‍රම බලකායේ කඩාවැටීම රට බරපතළ අර්බුදයකට ඇද දමයි! * නිදහසින් පසු සෞඛ්‍ය දර්ශක ඉහළ ගියත් පෝෂණ මට්ටම තවමත් අඩාලයි - සෞඛ්‍ය ලේකම්ගෙන් අනාවරණයක්

10 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ අනුරාධපුර විහාරාධිපතිට වසර 24ක බරපතළ සිරදඬුවමක්
10 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලෙන්බිඳුණුවැව, සිවලාකුලම ශ්‍රී සීවලි චෛත්‍යාරාම විහාරාධිපති පොල්ගම්පොළ ධර්මාලෝක (අවු. 40) නැමැති හිමිනමට වසර 24ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද (ජූනි 05) තීන්දු කළේය.

ඉන්දියාව හොල්ලන 'කැරපොතු ජනතා පක්ෂය': අල්ලපු රටටත් අරාබි වසන්තයක්? - චම්පිකගෙන් අනාවරණයක්!
ඉන්දියාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින්, එරට තරුණ පරපුර කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතින "කැරපොතු ජනතා පක්ෂය" (Cockroach Janata Party - CJP) නැමැති දේශපාලන ප්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී කලාපය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය හැකි බව පාඨලී චම්පික රණවක පවසයි.

'රටේ අවදානම අස්සේ අපේ ස්වෛරීත්වය බිලිදෙන්න ඉඩ තියන්න බෑ' - විපක්ෂ නායක
රට පවතින ආර්ථික, සමාජීය අර්බුද මෙන්ම බඩුමිල උද්ධමනය හේතුවෙන් ජනතාව දැඩි ජීවන පීඩනයකට ලක්ව ඇති මේ අසීරු අවස්ථාවේදී, පටු දේශපාලන මතිමතාන්තර පසෙකලා රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලක්ෂ 220ක් වූ සමස්ත පුරවැසියන් අත්වැල් බැඳගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලැබූ අටමස්ථානාධිපති හිමියන් ගැන මල්වතු පාර්ශවය ‘බලන් ඉමු’ ප්‍රතිපත්තියක!
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන අභ්‍යන්තර පරීක්ෂණයක් නොපැවැත්වීමට මල්වතු පාර්ශවය තීරණය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රීඩාංගණ සහ පාප්තුමා ඉලක්ක කර ISIS ත්‍රස්ත තර්ජනයක් !
ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකානු ක්‍රීඩාංගණවලට පහර දෙන ලෙසට හා අමෙරිකානු ජාතිකයෙකු වන පාප් වහන්සේ ඉලක්ක කර ගන්නා ලෙසට සිය අන්තවාදීන්ට දන්වමින් ISIS ත්‍රස්තවාදීන් බිය උපදවන තර්ජනයක් නිකුත් කර තිබෙනවා.

ඩොලර් මිලියන 2.5ක් වටිනා හොර පාපන්දු භාණ්ඩ ටොරොන්ටෝ පොලිස් අත්අඩංගුවට
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නිවේදනයක් නිකුත් කරන ටොරොන්ටෝ පොලිසිය, ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම ව්‍යාජ පාපන්දු කමිස තොගය අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරනවා.

හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
ඉරාන සහාය හිමි හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය විසින් ලෙබනනයේ නව සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.

චීන ජනපති ලබන සතියේ උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක
චීන ජනාධිපති ෂී ජින් පිං ලබන සතියේ උතුරු කොරියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන සහ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

ඉදිරි පස රෝදය බිඳී බොයිඞ් මගී ගුවන් යානයක් බිමට
ෆ්‍රෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පර්යන්ත දොරටුවක නවතා තිබියදී, ඊයේ (4), බෝයිඞ් 787 ගුවන් යානයක ඉදිරිපස රෝදය බිඳී, යානය බිම ඇද වැටීම සම්බන්ධයෙන්, ගුවන් අනතුරු විමර්ශනය පිලිබඳ ජර්මානු ෆෙඩරල් කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරේ.

රාක්ෂාව (35 කොටස) : තේරු උත්සවය | ඉන්දු පෙරේරා
සෑම වසරකම ජූලි මාසයේ රාක්ෂාවේ පත්තිනි කෝවිලේ තේරු උත්සවය (Ther festival) ආරම්භ වෙයි. ඒ අනුව ලබන මාසයේ එහි තේරු උත්සවය පැවැත්වෙනු ඇත.

