තමා ස්තුතිවන්ත වූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 58 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගියදා (7) ඉතාලියේ මිලාන්හි දී ADB සභාපති මසටෝ කන්දා හමුවූ අවස්ථාවේ මෙය ප්‍රකාශ කළ බවද ලේකම්වරයා කීය.
තමා ඇතුලු නියෝජිත පිරිස ADB හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවූ බව ඔහු සිහිපත් කළේය.
ADB සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී, නියෝජිත පිරිස "ගැඹුරු ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ADB විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිර සහයෝගයට ස්තූති කළහ. ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී කන්දා විසින් ලබා දුන් ශක්තිමත් උත්සාහයන් සහ නිශ්චිත දායකත්වය විශේෂයෙන් අගය කරන ලදී.
"ඊට අමතරව, ශ්‍රී ලංකා ආර්ථිකයේ වෙහෙස මහන්සි වී උපයාගත් ජයග්‍රහණ පවත්වා ගැනීමේ සහ ඉහළ, තිරසාර සහ රැකියා බහුල වර්ධනයක් අත්කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අභියෝග මෙන්ම එම උත්සාහයන් සහ අලුතින් මතුවන ගැටළු සම්බන්ධයෙන් ADB හි තාක්ෂණික හා මූල්‍යමය සහයෝගය වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී සාකච්ඡා කරන ලදී," මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් පැවසීය.
(සටහන | ජේ.මුණසිංහ)
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ADB දුන් ස්ථිර සහයෝගයට ශ්‍රී ලංකා රජය ස්තුතිය පළකරයි
T
The Leader
May 11, 2025 • 11:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- "ගැඹුරු ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිර සහයෝගයට
- තමා ඇතුලු නියෝජිත පිරිස ADB හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවූ බව ඔහු සිහිපත් කළේය.
- තමා ස්තුතිවන්ත වූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


