The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සීනි දියවුණාට ගෝනි දියවෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 10, 2021 • 5:43 PM

සීනි දියවුණාට ගෝනි දියවෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාව යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව ද ඉක්මවා යන එකකි.
  •   මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙමගින් රජයට අහිමි වූ බදු ආදායම රු.
  •   ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, වසරකට සීනි මෙට්‍රික් ටොන් 550,000 – 650,000 අතර ආනයනය කරන බව වාර්තාවේ දැක්වේ.
  • ඒ අනුව මසක සාමාන්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 45,000 – 55,000 අතර ප්‍රමාණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ආවේ බැඳුම්කර වංචාකරුවන් කේපීව අල්ලාගෙන ආ ආකාරයට ලංකාවට ගෙන එන බව කියමිනි. එහෙත්, අර්ජුන් මහේන්ද්‍රන් තවමත් සිංගප්පූරුවේ හැංගිලාය.
 
මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙමගින් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 15.9 කි.
 
ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, වසරකට සීනි මෙට්‍රික් ටොන් 550,000 – 650,000 අතර ආනයනය කරන බව වාර්තාවේ දැක්වේ. ඒ අනුව මසක සාමාන්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 45,000 – 55,000 අතර ප්‍රමාණයකි.
 
පසුගිය ජූනි මාසයේදී ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුව ආනයනික සීනිවලට රු. 50ක බද්දක් පැනවූයේය. 
 
එම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඔක්තෝබර් 14දා ශත 25ට අඩු කළේය. බද්ද අඩුකිරීම රු. 49.75කි. 
 
 Sajad Basil1
ගාලුමුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි භුමියේ  Shangri-La හෝටලය ඉදිකිරීමට පළමු පස්පිඩැල්ල කැපීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණි විට විල්මාර්' (Wilmar Trading) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් විසින් පිළිගත් අවස්ථාව.
 
 
වහා ක්‍රියාත්මක වී සීනි ඇණවුම් කළ සජාඩ් මවුසූන් නම් ආණ්ඩුව සමග සම්බන්ධ ව්‍යාපාරිකයාට අයත් විල්මා සමාගම නොවැම්බර් 2දා මෙට්‍රික් ටොන් 26,000ක් ආනයනය කළේය.
 
 නොවැම්බර් 25දා තවත් මෙට්‍රික් ටොන් 37,000ක් ආනයනය කළේය. මෙම ආනයනකරු මේ වනවිට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කර ගබඩා කර ඇතැයි වාර්තා වේ. 
 
මෙම සජාඩ් ෂැංග්‍රිලා හෝටලයට ගාලු මුවදොර ඉඩම විකිණීම හා වියත් මග සමග ද සම්බන්ධ යයි කියවේ.
 
රජය ගැසට් නිවේදනයක් මගින් සීනි කිලෝවක මිල රු. 85 දක්වා අඩු කළමුත්, රු. 50 බැගින් රජයට බදු ගෙවා සීනි ආනයනය කර තිබූ ව්‍යාපාරිකයන්ට එම මිලට සීනි අලෙවි කළ නොහැකි විය. එම නිසා වෙළඳපොළේ සීනි මිල අඩු වූයේ නැත.
 
මේ අතර ඔක්තෝබර් 27දා ආණ්ඩුව නැවතත් ආනයනය කරනු ලබන සීනි සඳහා කිලෝවකට රු. 40ක බද්දක් පැණවූයේය. එහෙත්, ආනයන නීති අනුව, ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වූ බද්ද මාසයක කාලයක් යනතුරු වෙනස් කළ නොහැකිය.
 
එම නිසා, සත 25 බද්ද කාලයේ සීනි ඇණවුම් කර ආනයනය කළ ව්‍යාපාරිකයන්ට ආනයන අපනයන පාලක හරහා බලපත්‍ර ක්‍රමයක් ආනයනය කරන ලද සීනි වරායෙන් ඉවත් කරගත හැකි විය. ඒ අනුව, ඔක්තෝබර් 27දා සිට නොවැම්බර් 22දා දක්වා ආනයනය කරන ලද සීනි ශත 25 ආනයන බද්දට යටත්ව නිකුත් කරන ලදී.
 
මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන් සීනි ආනයනය කර තිබෙන සාමාන්‍ය මිල, ආනයන බදු ද ඇතුළුව රු. 84.50කි. ඔවුන් වෙළඳපොළේ සීනි විකුණා තිබෙන සාමාන්‍ය මිල කර 118.13කි. ලබා තිබෙන ලාභය රු. 44කට වැඩිය.
 
මෙම බදු සහනය මගින් පාරිභෝගිකයාට සහනයක් ලැබී ද නැත. එයින් ව්‍යාපාරිකයන් හය හත්දෙනෙකු අධික ලාභයක් උපයා ඇත. ආනයනය කරනු ලබන සීනිවලින් 85%ක් පමණ ආනයනය කරන්නේ මෙම සමාගම් කීපය විසිනි. 
 
ඔවුන් විසින් මෙම සීනි ජාවාරමෙන් අධික ලාභයක් උපයා තිබේ. එය සාධාරණ ලාභයක්ද? මෙම ලාභය භුක්ති වින්දේ ව්‍යාපාරිකයන් තනිවමද? නැතිනම්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට වාසිදායක මෙම තීරණය ගත් ආණ්ඩුවේ දේශපාලකයන්ට ද මෙම වංචාවෙන් ලැබූ ලාභයෙන් කොටසක් ගියාද?
 
ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට පිරමීඩ් විල්මා සමාගම විසින් රජයේ අයථා බදු හේතුවෙන් ලබා තිබෙන අයුතු ලාභය රු. කෝටි 1,000ක් පමණ වේ යයි ගණන් බලා තිබේ. 
 
 
මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ද දැක්වෙන ආකාරයට 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණයෙන් 39%ක් ම ආනයනය කර තිබෙන්නේ මෙම සමාගමයි. වංචාවෙන් රජය හා මෙරට මහජනතාව ලබන පාඩුව දවසින් දවස ඉහළ යයි.
 
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. 
 
මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
https://www.google.com/url?q=http://praja.lk&source=gmail&ust=1615473628512000&usg=AFQjCNHAvLTk2E1eZAyEI6r8vplXj28keQ">praja.lk
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


 

 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීනි දියවුණාට ගෝනි දියවෙයිද? - අජිත් පැරකුම් ජයසිංහ | The Leader