BREAKING
Top Ad
පුවත්

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

T

The Leader

May 25, 2019 • 9:20 PM

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊට අදාළව දේශපාලන සාකච්ඡා මාලාවක් හා ප්‍රචාරක මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබේ.
  • ඒ අතර ධම්මික පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව දන්වා ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
  • පසුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ රාජපක්ෂ මහතාගේ සමීපතම හා ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අමතා ඇති හෙතෙම ඔවුන් සමඟ ද තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ.
  • තමන්ට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවක් ලැබී ඇති බවත් එයට අකැමැත්තක් නැති බවත් නාමල් මන්ත්‍රීවරයාටත් රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ටත් ධම්මික පෙරේරා මහතා කියා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමා ඉදිරි ජනාධිපතිවරණයෙදී එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව ඔහු විපක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි සති අන්ත 'දේශය' පුවත්පත වාර්තා කරයි.

ඒ අතර ධම්මික පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව දන්වා ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

පසුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ රාජපක්ෂ මහතාගේ සමීපතම හා ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අමතා ඇති හෙතෙම ඔවුන් සමඟ ද තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ.

තමන්ට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවක් ලැබී ඇති බවත් එයට අකැමැත්තක් නැති බවත් නාමල් මන්ත්‍රීවරයාටත් රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ටත් ධම්මික පෙරේරා මහතා කියා තිබිණි.

විපක්ෂ නායකවරයාගේ එක් සමීපතම ජ්‍යෙෂ්ඨයකු සමඟ ඔහු පැය 2 2/1ක පමණ දීර්ඝ දුරකථන සංවාදයක් ද පවත්වා තිබේ. තමන්ගේ තීරණය දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට අපේක්ෂා කරන්නේ යැයිද එහිදී ධම්මික පෙරේරා මහතා පැවසූ බව වාර්තා වෙයි.

රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ මේ නිලධාරීන් දෙදෙනාම ධම්මික පෙරේරා තමන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බව තහවුරු කර ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස දන්වමිනි.

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂට දැනුම් දී ඇත්තේ ඔහු මුණගැසීමෙන් පසුව බවද වාර්තා වෙයි.

 

සමාජ මාධ්‍ය අනාවරණ :

ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය ගැන සමාජ මාධ්‍ය ජාලා පුවත් පළ කරන්නට පටන් ගත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධම්මික පෙරේරාගේ නිවෙසේදී හමුවීමත් සමඟය. මෙහිදී පොදු අපේක්ෂකත්වය ගැන ආරාධනයක් හා අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

අනතුරැව වාර ගණනාවකදී ඔහු තමන්ට ජනතාවට සේවය කිරීම සඳහා වන අභිලාෂය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයට පත් කළේ තම යෝජනාව ගැන මත විමසුමක් ආරම්භ කරමිනි. එහෙත් ඔහු සෘජුවම තමන්ගේ අපේක්ෂකත්වය ගැන කරුණු හෙළිදරව් කළේ නැත.

ඒ අතර අරලියගහ මන්දිරයේදී රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට රටේ ආර්ථිකය නාගරික සංවර්ධනය සහ කඩාවැටී තිබෙන ආර්ථික මර්මස්ථාන නගාසිටුවීම ගැන මේ සතියේ විශේෂ විග්‍රහයක් කර ඇති බවද වාර්තා වේ.

ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පළමු වරට අනාවරණය කලේ lankanewsweb.net පුවත් වෙබ් අඩවියයි. අනතුරුව අගමැති වික්‍රමසිංහ මහතා හා ධම්මික පෙරේරා මහතා අතර රහස් හමුව newstube.lk වාර්තා කර කර තිබුනේ මෙසේය.

රනිල්, දිනේෂ්, ධම්මික රහස් හමුවක් !

 

නරේන්ද්‍ර මෝදි අනුගමනය කරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක්

සිය ජනාධිපතිවරණ සටනේදී සමාජ මාධ්‍ය ප්‍රචාරණය කෙරෙහි වඩා උනන්දුවක් දක්වන ධම්මික පෙරේරා මහතා, ඒ සඳහා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරට ලද මැතිවරණ විජයග්‍රහණය සඳහා සමාජ මාධ්‍ය යොදාගත් ආකාරය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

පසුගිය මහමැතිවරණ සමයෙහි අගමැති මෝදි සහ ඔහු නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ දේශපාලන සංධානය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයෙ හි මුල්තැනට පැමිණ ඇති බවක් පෙන්නුම් කෙරෙයි.

ඒ අනුව මේවනවිට රටේ පවතින අර්බුදයන් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ මාලාවක් විකාශය කරවීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කර ඇත.

සහජීවනයට අවශ්‍ය ප්‍රයෝගික විසදුම දැයි ඔහු විසින් කරන ලද වීඩියෝ පටය පහත දැක්වේ.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...