BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ගිරි හිස සිට' අද (09) දොරට වඩියි

T

The Leader

January 9, 2024 • 2:26 AM

'ගිරි හිස සිට' අද (09) දොරට වඩියි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිමක් නැති කවි සිතට බුද්ධදාස ගලප්පත්ති විසින් විරචිත ඔහුගේ දොළොස් වැනි කාව්‍ය සංග්‍රහය ‘ගිරි හිස සිට’ කාව්‍ය සංග්‍රහය අද (09) වැනිදා සවස 2.30ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.
  • 1965 වසරේ ශ්‍රී ලංකා විද්‍යේදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බුද්ධදාස 1968 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.
  • සාහිත්‍ය හා නාට්‍ය නිර්මාණයන්ට විශ්වවිද්‍යාල සමයේදීම යොමු වූ ඔහු 1971 වසරේදී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දැක්වූයේය.
  • කැටපත් පවුර, පාර වසා ඇත, රුජිණක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ, නිශ්ලයි රාත්‍රිය, තුරුලිය අකුරු, දවස හෙටය, නිම් නැති තුන්යම, තීර්ථය අසබඩ, පසළොස් පැය, ඒ අසිරිමත් නොනගතය, ගිරි හිස සිට අනෙක් කාව්‍ය සංග්‍රහයන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ධම්ම දිසානායක සහ සුහර්ශනී ධර්මරත්න ‘ගිරි හිස සිට’ අදහස් දක්වන අතර සභාව ආමන්ත්‍රණය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුද හෙට්ටි සමඟ තනුජා ජයවර්ධනයි.

p buddhi

1965 වසරේ ශ්‍රී ලංකා විද්‍යේදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බුද්ධදාස 1968 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය. සාහිත්‍ය හා නාට්‍ය නිර්මාණයන්ට විශ්වවිද්‍යාල සමයේදීම යොමු වූ ඔහු 1971 වසරේදී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දැක්වූයේය. එය ”දොලොස් මහේ පහන” ය. එතැන් පටන් ඔහු සාහිත්‍ය කෘති රැසක් ජනගත කළේය. ගිරි හිස සිට ඔහුගේ දොළොස්වැනි කාව්‍ය සංග්‍රහයයි. කැටපත් පවුර, පාර වසා ඇත, රුජිණක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ, නිශ්ලයි රාත්‍රිය, තුරුලිය අකුරු, දවස හෙටය, නිම් නැති තුන්යම, තීර්ථය අසබඩ, පසළොස් පැය, ඒ අසිරිමත් නොනගතය, ගිරි හිස සිට අනෙක් කාව්‍ය සංග්‍රහයන්ය.

‘නිශ්චලයි රාත්‍රිය’ සහ ‘තුරුලිය අකුරු’ විය කෘති සඳහා බුද්ධදාස ගලප්පත්ති රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

399011752 7613540768669147 9199346121210261972 n

එදවස සොඳුරුමය කෘතිය සඳහා ගොඩගේ සමිමානය හිමි විය. එසේම රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම අංග රචනා ශිල්පියාට හිමි සම්මානය බුද්ධදාස විසින් පස් වතාවත් හිමිකරගෙන ඇත.



කවිය, කෙටි කතා, තීරු ලිපි මෙන්ම බුද්ධදාස ගලප්පත්ති අතින් ලියැවුණු ගී අතර සනත් නන්දසිරි ගයන “දූ අනුරාධා” ගීතයත්, වික්ටර් රත්නායක ගයන “තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” ගීතයත් කා අතරත් ප්‍රසිද්ධය.

WhatsApp Image 2023 12 31 at 10.21.11 AM
dinamina.lk 

සබැඳි පුවත් :

නිමක් නැති කවි හිතක දොළොස්වැනි මධු විත 'ගිරි හිස සිට'...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...