දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට නියමිත ය.
ඊට සුදුසුකම් ලැබූ සිනමාපට දෙසැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා යාපනයේ රීගල් සිනමාහල, කෛලාසපති ශ්‍රවණාගාරය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සහ කාලම් යන ස්ථානවල දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
හොඳම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ලාංකේය කෙටි චිත්‍රපටය ඇතුළු විශිෂ්ට සිනමාපට සඳහා යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ දී සම්මාන පිරිනැමීමට නියමිත ය.





