BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශකීරාගේ කීර්තිය අඩි 20ක් උසට බැබළෙයි

T

The Leader

December 29, 2023 • 4:46 AM

ශකීරාගේ කීර්තිය අඩි 20ක් උසට බැබළෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ප්‍රසිද්ධ ගායිකා ශකීරා වෙනුවෙන් අඩි 20ක් උසැති ප්‍රතිමාවක් ඉදිකර තිබේ.
  • උකුල දකුණතට බර වී පැද්දෙන විලාසයක් පෙන්වන අතර ඇගේ දෑත් අලංකාර ලෙස අහස දෙසට  ඔසවා තිබේ.
  • පෙරේදා (26) දින පැවැත්වුණ කුඩා උත්සවයකදී මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණු අවස්ථාවට ෂකීරාගේ දෙමාපියන් සහ නගරාධිපති ජේමි පුමරේජෝ සහභාගි වී තිබිණ.
  • මෙම ලෝකඩ ප්‍රතිමාව ශකීරා වෙනුවෙන් ඉදි කළ පළමුවැන්න නොවන අතර කැරිබියන් නගරයේ පළමු ශකීරා ප්‍රතිමාව මීට පෙර 2006 වර්ෂයේදී ඉදි කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කොලොම්බියානු ජාතික පොප් තරුවක් වන ශකීරා ගේ මෙම පිළිරුව ඇගේ සුප්‍රකට ''Hips Don't Lie'' ගීතයේ එන නර්තන විලාසයක් නිරූපණය කර ඇත. උකුල දකුණතට බර වී පැද්දෙන විලාසයක් පෙන්වන අතර ඇගේ දෑත් අලංකාර ලෙස අහස දෙසට  ඔසවා තිබේ.

බොගෝටා, කොලොම්බියා සම්භවයක් සහිත ශකීරාගේ පිළිරුව ඇගේ ගම වන කොලොම්බියාවේ බැරන්කිලාහි ඉදිකර තිබේ. යෝධ ලෝකඩයෙන් ප්‍රතිමාව නිමවා තිබේ.



පෙරේදා (26) දින පැවැත්වුණ කුඩා උත්සවයකදී මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණු අවස්ථාවට ෂකීරාගේ දෙමාපියන් සහ නගරාධිපති ජේමි පුමරේජෝ සහභාගි වී තිබිණ.

f2c322769905d25e0cfecc1b7619b407
මෙම ලෝකඩ ප්‍රතිමාව ශකීරා වෙනුවෙන් ඉදි කළ පළමුවැන්න නොවන අතර කැරිබියන් නගරයේ පළමු ශකීරා ප්‍රතිමාව මීට පෙර 2006 වර්ෂයේදී ඉදි කෙරිණි. එම ප්‍රතිමාව ගිටාරයක් වාදනය කරමින්, ජීන්ස් සහ බූට් පැළඳ සිටින ඇගේ වෙනත් විලාසයක් නිරූපණය කරයි. එය බැරන්කිලා දේශීය පාපන්දු ක්‍රීඩාංගණයේ දොරටුව අසල පිහිටා තිබේ.

GettyImages 1878229123 scaled
බැරන්කිලාහි කලා ඇකඩමියේ මූර්ති ශිල්පී ඉනෝ මාකේස් සහ ඔහුගේ සිසුන් මේ සඳහා මූලික වී ඇති අතර ශකීරාද X සමාජ මාධ්‍ය නිවේදනයකින් මේ සඳහා ස්තුති කර තිබිණි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...