BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මහා විනාසයක්' ! - ප්‍රගීත් එක්ක මයන්ත අභියෝගයකට

T

The Leader

October 30, 2023 • 1:15 AM

'මහා විනාසයක්' ! - ප්‍රගීත් එක්ක මයන්ත අභියෝගයකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රගීත් එක්ක මයන්ත චිත්‍ර කලා අභියෝගයකට සූදානම් වෙනවා.
  • කොච්චර විනාස වුනත් ආපහු එනවා.
  • තැප්‍රොබේන් එකේ මේ සිත්තම් සටන පවත්වන්න තීරණය වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තැප්‍රොබේන් එකේ මේ සිත්තම් සටන පවත්වන්න තීරණය වෙලා තියෙනවා. මාත් දවස් වෙන් කරගෙන කට ඇරගෙන බලන් ඉන්නවා. 

සුජිත් කියන්නෙ මේ වැ‍ඩෙන් මහා විනාසයක් වෙනවා කියලයි.

මං ප්‍රගීත්ගෙ චිත්‍ර දැකලා තියෙනවා. මයන්තගෙ චිත්‍ර දැකලා නෑ. සුජිත්ගෙ චිත්‍රවලට මං පට්ට ආසයි. ඌ කියන කතාවලට එච්චර කැමති නෑ. චිත්‍රයයි, ඒක අඳින එකාවයි, උගේ කතාවයි මට එකක් නෙමෙයි. ඒවා වෙන වෙනම රස විඳින කලාපයන්.

sujith r
මේ සිත්තම් සටනෙන් වෙන්න පුළුවන් විනාසය ‍මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රගීත් හරි මයන්ත හරි විනාස වුනා කියල (එහෙම එකක් වෙන්නෙත් නෑ) චිත්‍ර කලාවට වෙන හානියක් නෑ. ලංකාවෙ එහෙම කවුරුවත් විනාස වෙන්නෙත් නෑ. උදා විදිහට රාජපක්ෂලා බලන්නකො. කොච්චර විනාස වුනත් ආපහු එනවා. දේශපාලනේ එහෙම නං චිත්‍ර කලාවෙ එහෙම බැරි වෙන්න බෑ.

මේකෙන් මේ දෙන්නට මොනවා වුනත් බලන් ඉන්න අපිට වෙන්නෙ හොඳක්. කොටින්ම මේ දෙන්නාගෙ වාදෙන් සහ ඒ අතර විසිවෙන කමෙන්ට් වලින් අඩු ගානෙ චිත්‍රකාරයො කීප දෙනෙකුගෙ නම් හරි දැනගන්න පුළුවන්. ඒවා ගූගල් කරලා බලන්න පුළුවන්. මේ සංවාදෙට පැසිව් විදිහට වුනත් සහභාගි වෙන්න පුළුවන්. 

mayantha post 34මේ වගේ වැඩ මොනවා වුනත් ආතල්. මං හිතන්නෙ නෑ ආර්ට්වල කවදාවත් අරූට වඩා මූ හොඳයි වගේ එකක් තියෙනවා කියල. ආර්ට් කියන්නෙම සබ්ජෙක්ටිව් දෙයක්. හැබැයි ඒ සබ්ජෙක්ටිව් වාද විවාද සටන් මැද ඔබ්ජෙක්ටිව් හොඳ දේවල් සිද්ද වෙනවා. 

සුජිත් කියන මහා විනාසය මොකක් හරි ඒක වෙනවා නම් ඒක වුනත් වටිනවා. මොකද අපිට ආර්ට් ෆීල්ඩ් එකේ එහෙම මහා විනාසයක් වත් දකින්න නැති හින්ද. විනාස වෙන්න යමක් තියෙන්න එපැයි.

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...