BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජාත්‍යන්තර නිර්මාණ සංග්‍රහයකට ලංකාවේ දෙමළ ලේඛකයන්ගේ කතාවක්

T

The Leader

November 3, 2023 • 4:42 AM

ජාත්‍යන්තර නිර්මාණ සංග්‍රහයකට ලංකාවේ දෙමළ ලේඛකයන්ගේ කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිටුවහලේ ජීවත් වන ලේඛකයන් පහලොස් දෙනෙකුගේ ජීවමාන අත්දැකීම් ඇතුලත් කරමින් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර කතා සංග්‍රහයකට ලංකාවේ දෙමළ ලේඛකයකුගේ
  •   කැනඩාවේ ජීවත් වන සරණාගතයන් ලේඛකයන් 15 දෙනකුගේ ජීවමාන අත්දැකීම් ඇතුලත් The Uncaged Voice (කූඩුවෙන් මිදී ආ කඩහඬ) නම් වූ මෙම කෘතිය කොමොරන්ට පොත් ප්‍රකාශකයන් මගින් ඔක්තෝබර් 21 වැනිදා කැනඩාවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.
  •   මේ ජාත්‍යන්තර කථා සංග්‍රහයට ලංකාවෙන් පිටමං වු දෙමළ ලේඛක හා ලේඛිකා ඉලමරන් නාගරාසා හා දිශාලි ඉලමරන් දෙදෙනාගේ  “Maran’s Unknown Journey” (මාරන්ගේ අප්‍රකට චාරිකාව) නම් කතාව ද ඇතුලත්ව ඇත.
  • මාරන් නමින් හඳුන්වන ඉලමරන් නාගරාසා, නිදහස් මාධ්‍යවේදියෙක්, මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ සරණාගත උපදේශකයෙකු ලෙස කටයුතු අතර, 2009 දී කැනඩාවට පලා යාමෙන් අනතුරුව ත්‍රස්තවාදි සාමාජිකයෙක් යැයි සැකපිට වසරකට වැඩි කාලයක් ඔහු සිරගත කර තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ලේඛිකාවකගේ අත්දැකීම් වලින් නිර්මාණය වූ කතාවක් ද ඇතුලත්ව තිබේ.

 

කැනඩාවේ ජීවත් වන සරණාගතයන් ලේඛකයන් 15 දෙනකුගේ ජීවමාන අත්දැකීම් ඇතුලත් The Uncaged Voice (කූඩුවෙන් මිදී ආ කඩහඬ) නම් වූ මෙම කෘතිය කොමොරන්ට පොත් ප්‍රකාශකයන් මගින් ඔක්තෝබර් 21 වැනිදා කැනඩාවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.

illamaran  
මේ ජාත්‍යන්තර කථා සංග්‍රහයට ලංකාවෙන් පිටමං වු දෙමළ ලේඛක හා ලේඛිකා ඉලමරන් නාගරාසා හා දිශාලි ඉලමරන් දෙදෙනාගේ  “Maran’s Unknown Journey” (මාරන්ගේ අප්‍රකට චාරිකාව) නම් කතාව ද ඇතුලත්ව ඇත.

මාරන් නමින් හඳුන්වන ඉලමරන් නාගරාසා, නිදහස් මාධ්‍යවේදියෙක්, මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ සරණාගත උපදේශකයෙකු ලෙස කටයුතු අතර, 2009 දී කැනඩාවට පලා යාමෙන් අනතුරුව ත්‍රස්තවාදි සාමාජිකයෙක් යැයි සැකපිට වසරකට වැඩි කාලයක් ඔහු සිරගත කර තබා ඇත. ජනමාධ්‍යවේදය සහ නීතිය පිළිබඳ කැනඩාවේ කාල්ටන් විශ්වවිද්‍යාලයේ ද්විත්ව උපාධියක් හදාරන දිශාලි ඉලමාරන් ඉලමාරන් නාගරාසාගේ දියණියයි.

මුද්‍රිත පිටු 248 ක් පුරා දිවෙන මේ ජීවමාන අත්දැකීම් ඇතුලත් කථා සාරයන්, සරණාගත බවේ අත්දැකීම් තුලින් ඔප් නැංවෙන භාෂණයේ නිදහස, ඒකාධිපතිත්වය, පුවත්පත් කලාව යනාදී තේමාවන්ගෙන් සමන්විත වෙයි.

tempImageHBkAMW
“ද අන්කේජ්ඩ් වොයිස්” කෘතියෙහි අන්තර්ගත රචනා විටෙක කෘරත්වය ප්‍රකට කරන්නා සේම හෘදයාංගම ද වන්නේ ය.

කීත් රොස් ලෙකී ගේ සංස්කරණයෙන් යුත් මේ ග්‍රන්ථය මේරි ජෝ ලෙඩිගේ හැඳින්වීමකින් යුක්තය.
 
එමෙන්ම මේ රචනාවෝ  මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශනයේ නිදහස හුදු පරමාදර්ශයන් වීමට අමතරව යථාර්ථයේ නොපවතින දේශයන්හි වෙසෙන මාධ්‍යවේදීන්ගේ සහ ලේඛකයන්ගේ වීර්ය සහ දරාසිටීමේ හැකියාව පෙන්නුම් කරයි.
ඒරිත්‍රියාවේ ආරොන් බර්හාන් (Aaron Berhane), ඉතියෝපියාවේ ගෙසාහෙගන් එම්. ඩෙමිසි (Gezahegn M. Demissie),  වෙනිසියුලාවේ ඇලෙක්සැන්ඩර් ඩුආර්ටේ (Alexander Duarte),  කුර්දියේ ආවා හෝමා (Ava Homa),  ඉරානයේ  මන්දි සරෙමිෆා (Mahdi Saremifar) , සිරියාවේ අදුල්රහ්මාන් මාතාර් (Adulrahman Matar), මෙක්සිකෝවේ ලුවී හොරේශියෝ නජේරා (Luis Horacio Nájera),  පකිස්තානයේ කිරාන් නාසිෂ් (Kiran Nazish), කොලම්බියාවේ පේද්රෝ ඒ. රෙස්ට්රෙපෝ (Pedro A. Restrepo) , ඉරානයේ මාරියා සබා (Maria Saba) , ඉරාකයේ ආචාර්ය කාසිවා සාලිහ් (Kaziwa Salih, PhD) ,  ඇෆ්ඝනිස්ථානයේ බිලාල් සර්වේ (Bilal Sarway),  ඉංදියාවේ සාවිත්‍රි (Savithri),  තුර්කියේ අර්සු යිදීස් (Arzu Yildiz) යන  මේ වන විට කැනඩාවේ ජීවත් වන ලේඛකයන් 15 දෙනාගේ  කතා මෙම කෘතියට ඇතුලත්ය.
 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...