BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රශ්මිකා ගේ ෆේක් වීඩියෝවට එරෙහිව අමිතාබ් ඉදිරියට

T

The Leader

November 7, 2023 • 3:00 AM

රශ්මිකා ගේ ෆේක් වීඩියෝවට එරෙහිව අමිතාබ් ඉදිරියට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා ගනිමින් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ පටයකට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රවීණ බොලිවුඩ් රංගන
  • තාක්‍ෂණයේ අනිසි භාවිතය අතිශය බියකරුයි  සෝපානයකට ගොඩවන ආකාරය දැක්වෙන මෙම වීඩියෝ පටය ගැන අදහස් දක්වමින් 27 හැවිරිදි රශ්මිකා ප්‍රකාශ කර තිබුණේ ''තාක්ෂණය අවභාවිතය අතිශය බියකරු'' බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශිල්පී අමිතාබ් බච්චන් කියා සිටියි.

සාරා පටෙල් නම් බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික කාන්තාවක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළ වීඩියෝවකට රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා සැකසු වීඩියෝවක් පසුගිය දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගෙන තිබූ අතර ඊට විරෝධය පළ කරමින් ඔහු මේ බව සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහන් කර තිබුණි.

තාක්‍ෂණයේ අනිසි භාවිතය අතිශය බියකරුයි 

rashmika mandanna Deepfake video
සෝපානයකට ගොඩවන ආකාරය දැක්වෙන මෙම වීඩියෝ පටය ගැන අදහස් දක්වමින් 27 හැවිරිදි රශ්මිකා ප්‍රකාශ කර තිබුණේ ''තාක්ෂණය අවභාවිතය අතිශය බියකරු'' බව යි.

“මට විතරක් නෙවෙයි, තාක්‍ෂණය අවභාවිතය නිසා වින්දිතයින් බවට පත්වෙන අප සෑම කෙනෙකුටම මෙය බියජනකයි.”

"මම පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ මේක සිද්ධ වුණා නම්, මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරිවෙයි."

මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතු බව ඉල්ලා සිටි රශ්මිකා මෙම සිදුවීමේ දී සිය පවුලෙන් මෙන්ම යහළුවන්ගෙන් ලැබූ සහයෝගය වැඩිදුරටත් අගය කර සිටියා ය. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...