BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජනාධිපති සිනමා සම්මාන උලෙළ : හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලිනි

T

The Leader

November 15, 2023 • 12:11 AM

ජනාධිපති සිනමා සම්මාන උලෙළ : හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ
  • ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි.
  • මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ''ගින්නෙන් උපන් සීතල'' චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද, 2020 වසරේ හොඳම නළුවා ලෙස දි ''නිවුස්පේපර්'' චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.
  • මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස ''දැකලා පුරුදු කෙනෙක්'' චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි.

මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ''ගින්නෙන් උපන් සීතල'' චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද, 2020 වසරේ හොඳම නළුවා ලෙස දි ''නිවුස්පේපර්'' චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස ''දැකලා පුරුදු කෙනෙක්'' චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර ඒ අවස්ථාවේදී නන්දා මාලිනිය වෙත  සම්මානය පුද කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සම්මානය පුද කිරීම විශේෂත්වයක් විය.

එහිදී අදහස් දක්වමින් 1963 නන්දා මාලිනිය ගැයූ ''දොයි දොයි දොයි දොයිය බබා'' ගීතය තමන් රස විඳි බවත් එය සරසවි සම්මාන දිනූ බවත්, එම අවස්ථාවට තමන්ද එක්ව සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

රටටම සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් නන්දා මාලිනියට ස්තූතිය පුදකරන බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක්

20 film
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ, රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටු වීමට පියවර ගන්නා බව පැවසිය. 

කලාකරුවන්ට විදීමට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. 

"මම දැන් ක්‍රියා කරගෙන යන්නේ රැඟුම් පාලක මණ්ඩලය ගැන තීරණයක් ගන්නවා මං. අපි රැඟුම් පාලන පනත දැන් අවුරුදු 100ක් විතර පරණයි. අපි රැඟුම් පාලන මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවන්න යන්නේ. කලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතේ ගේනවා. ඒ නිසා කලාකරුවන්ට අපහසුතාවයන්ට මුහුණදෙන්න වෙනවා. දැන් තියෙන්නේ චිත්‍රපටි විශේෂයෙන් වර්ගීකරණ සහතිකයක් එක්ක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපි දැන් අලුතින් හිතන්න ඕනේ. පරණ නීතිවලට හිරවෙලා මේ වැඩකටයුත්ත කරන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා චිත්‍රපට, රූපවාහිනි නිෂ්පාදන වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ මේක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ."

state awards 1 401523161 854380106381587 5962679754481011341 n

2 7
 3 3
4 4

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...