BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'වායාම' සැබෑ ඉතිහාස ගවේෂකයින් ට දියමන්ති දෝනාවකි - (අනුරාධා නිල්මිණි)

T

The Leader

November 25, 2023 • 2:25 AM

'වායාම' සැබෑ ඉතිහාස ගවේෂකයින් ට දියමන්ති දෝනාවකි - (අනුරාධා නිල්මිණි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලක් ඉතිහාසයේ ජීවදත්ත සොයා යන්නෙකුට ඒ සඳහා සුව පහසු මාර්ග ගණනාවක් ම ඉතිහාස කතුවරුන් විසින් අපට තනා දී තිබේ. ඵ් අතුරිනුත්
  • ඒ ධර්මසේන හිමියන් විසින්, රිසි සේ හෙළි පෙහෙළි කරදී ඇති, කාපට් මාවතෙන් පිටත අතුරු මාවතක, අඩි පාරක, ඒදණ්ඩක මතින් ගොස් ඉතිහාසය වෙත එළඹීමට ඇති බලවත් අකමැත්ත විය හැකි ය.
  • එසේ නැතහොත් ඒ ඇත්තට සම්මුඛ වීමට ජාතියක් ලෙස තවමත් අපට දිරියක් නොමැති කමද විය හැකිය.
  • ඒ දෙකම නොවේ නම්, හිතේ තනියට හෝ පොදු සතුරෙකු, නැතහොත් කවර හෝ තරහකාරයෙකු නිර්මාණය කරගැනීමේ අවිඥාණික උවමනාව නිසා ද විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

වඩා ආකර්ෂණීය වග විත්ති සහිත පෙළ හමුවන්නේ මහාවංශය තුළිනි.

මහාවංශය එකම හා තනි මූලාශ්‍රය කොටගෙන කලා, සාහිත්‍යය ඈ විෂයෙහි අප විසින් නැවත නැවත ප්‍රතිනිර්මාණය කරන ලක් ඉතිහාසය ද අර, මහාවංශ කතාවෙන් වෙනස් වන්නේ එහෙමත් වෙලාවක පමණි. ලංකා වංශ කතාවේ පූජනීය ග්‍රන්ථ රත්නය ලෙස මහාවංශය වන්දනීයත්වයෙන් අදහන්නට මැලිනොවන අප, මහාවංශය තුළින් ද සෙවණැලි සේ දැනී නොදැනී මෙන් මතුකර ඇති සමහර ගැඹුරු මූලාශ්‍ර, සිද්ධාන්ත සහ මකා නොදැමිය හැකි එදා මහපොළොවේ සත්‍යය, ධර්මසේන හිමියන්ටත් වඩා ශූර ලෙස, සටකපට ලෙස අකා මකා දැමීමෙහි දක්ෂයෝ වෙමු.

වායාම : පළමු සේනගේ වාග් පෙරළිය - (සුජිත් අක්කරවත්ත)
ඒ ධර්මසේන හිමියන් විසින්, රිසි සේ හෙළි පෙහෙළි කරදී ඇති, කාපට් මාවතෙන් පිටත අතුරු මාවතක, අඩි පාරක, ඒදණ්ඩක මතින් ගොස් ඉතිහාසය වෙත එළඹීමට ඇති බලවත් අකමැත්ත විය හැකි ය. එසේ නැතහොත් ඒ ඇත්තට සම්මුඛ වීමට ජාතියක් ලෙස තවමත් අපට දිරියක් නොමැති කමද විය හැකිය. ඒ දෙකම නොවේ නම්, හිතේ තනියට හෝ පොදු සතුරෙකු, නැතහොත් කවර හෝ තරහකාරයෙකු නිර්මාණය කරගැනීමේ අවිඥාණික උවමනාව නිසා ද විය හැකිය.

ඒ කවරක් වුවද, වංශ කතා තුළින්, ඓතිහාසික මූලාශ්‍ර තුළින්, ඒ ආශ්‍රයෙන් බිහිවූ කලා සාහිත්‍ය නිර්මාණ තුළින් අප ඕනෑකමින් ම වසංඟා, යටපත් කොට ඇති එදා සිරිලක සංහිඳියාව, සහසංකෘතික මිශ්‍රණය, දේශපාලනික මොහොත මෙන් ම අද ට නොදෙවෙනි ආත්මාර්ථය, ව්‍යාජය, මමායනය වැනි සහජාත්මක මිනිස් ගතිකයන් පිළිබඳ අවදිමත්, ලිවීමක් කළ හැක්කේ ඒ ඉතිහාසය පිළිබඳ අව්‍යාජ හැඟීමක් සහිත පුද්ගලයෙකුට ම පමණි.

එවැන්නන් අතේ ඇඟිලි ගණනටත් අඩු නූතනයේ, දීර්ඝ කාලයක් මුළුල්ලේ ඒ විෂයෙහි ප්‍රාමාණික අධ්‍යයනයක, හැදෑරීමක නිරත වෙමින්, පාලි, සංස්කෘත වැනි තම භාෂා කෝෂයේ දැනුමින් උපරිම ඵල නෙළාගනිමින්, අර පෙර සඳහන් කළ, ඉතිහාස ගවේෂණයේ  මතුපිට කාපට් මාර්ගය වෙනුවට, ගම්භීර අතුරු මාර්ග ගණනාවක ගමනාන්තයක් කරා නූතන ලංකා මානවයා රැගෙන යන කෘතියක් සුජිත් අක්කරවත්ත නම් ඉතිහාස ගවේෂකයා සම්පාදනය කර තිබේ.

ඒ ,"වායාම " නම් වෙයි.

උල්ලාස සැත්තෑ තුනකින් සමන්විත 'වායාම' සැබෑ ඉතිහාස ගවේෂකයින් ට නම් දියමන්ති දෝනාවකි.

Bavari
පච්චිම රාජිනී, තනේගල කුමාරයා, අර්ධනාරි වංශය, සිරි පැරකුම්ගේ සෘංගාර සාහිත්‍යය, විජයගේ සරාග සූත්‍රය, මල් මද බිසෝ යොන් ලියන්, තෙරණියකට පෙම්කොට, රාග දෙවොලේ රති කෙළි, තුලහාර ජනසවිය, නන්දි මිත්‍රගේ පුරුෂ ලිංගය, දෙමළ  ආලය, මේ ඒ අතුරු මාර්ග ඔස්සේ අපට හමුවන දිගු නැවතුම් තැන් කිහිපයකින් ස්වල්පය කි.

මේ මාහැඟි කෘතිය  පිළිබඳව ගැඹුරු සංවාදයක් , කතිකාවක්, පසු විපරමක් කිරීම මෙන් ම ඒ හරහා ලංකා ඉතිහාසය යළි ප්‍රති කියැවීමකට ලක්කරවීමට මුල පිරීම, විෂයෙහි විශේෂඥයන් වෙත , ඉතිහාසය විසින් ම පවරා දී ඇති එක්තරා අභියෝගයකැයි අවසාන වශයෙන්  විශ්වාස කරමි.

(අනුරාධා නිල්මිණි)
23/11/23
Anuradha Nilmini ගේ ෆේස්බුක් පිටුවෙන්... 

වායාම කෘතිය ගැන සුජිත් අක්කරවත්ත සහභාගී වූ චරණ TV පොතයි හිතයි වැඩසටහන පහතින් නරඹන්න,


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...