BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

එම්. සෆීර් ගේ 'මම නෙමෙයි' චිත්‍රපටයට ජාත්‍යන්තර ඇගයීමක්

T

The Leader

November 25, 2023 • 3:22 AM

එම්. සෆීර් ගේ 'මම නෙමෙයි' චිත්‍රපටයට ජාත්‍යන්තර ඇගයීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාට්‍යවේදී එම්. සෆීර් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ''මම නෙමෙයි" චිත්‍රපටය මධ්‍යම ඇමරිකාවේ කොස්තරිකා රාජ්‍යයේ පැවැති 09 වැනි සෙන්
අකුරු ප්‍රමාණය (Font Size):

ජෝස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ ඒකමතික තීරණයට අනුව පර්යේෂණාත්මක වෘතාන්ත අංශයේ හොඳම චිත්‍රපටය බවට තෝරා ගෙන ඇත. 

සමස්ත චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට 600කට වැඩි ප්‍රමාණයක් තරග කර ඇති අතර, එයින් චිත්‍රපට 58ක් අවසන් තරගය සඳහා තෝරාගෙන තිබූ බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

එම චිත්‍රපට 58 අතරින් චිත්‍රපට 10ක් සම්මානයට පාත්‍රවී ඇති අතර මෙම පර්යේෂණාත්මක වෘතාන්ත අංශය සඳහා නොර්වේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග කර ඇත.  

පසුගිය ජනවාරි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමෙන් පසු, මෙම වසරේ නොවැම්බර් මස කුවේට් හීදි පැවැත්වුනු AIU ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත්, ලබන දෙසැම්බර් මස ඉන්දියාවේ මුම්බායි හිදි පැවැත්වෙන Third Eye ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත්, ලබන ජනවාරි මස ඉන්දියාවේ, කේරලයේ දී පැවැත්වෙන 7th IFFF-International Folklore ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ජාත්‍යන්තර තරගකාරී අංශය නියෝජනය කිරිම සඳහා ''මම නෙමෙයි'' චිත්‍රපටය තේරී පත්වී තිබේ. 


403758203 6893296530759419 97850797152109892 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...