BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මොකක්ද මේ අලුත්ම කෑම : කූණි-ඩෝ

T

The Leader

December 6, 2023 • 11:43 AM

මොකක්ද මේ අලුත්ම කෑම : කූණි-ඩෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත්ම කෑමක් ගැන දැන් ඔන්න කතාබහක් ඇවිල්ලා තියෙනවා.
  • ඔන්න ඒ කූණි-ඩෝ හදන හැටි පහල තියෙන වීඩියෝවෙ තියෙනවා.
  • මේ අමුතු කෑම එක හඳුන්වාදීලා තිබුනෙ ITN එකේ විකාශය වෙන මීයා ටෙලි නාට්‍යයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අමුතු කෑම එක හඳුන්වාදීලා තිබුනෙ ITN එකේ විකාශය වෙන මීයා ටෙලි නාට්‍යයෙන්. මීයා ටෙලි නාට්‍යයේ රස්සාව නැති කරගන්න මෝඩ තරිඳු අලුතෙන් හදන වඩේ එකක් තමයි මේ.

zdfstewඅපි හැමෝම දන්නවනෙ පාන්පිටිවලින් හදන වඩේ එක ගැන. පාන්පිටිවලට ඊස්ට් ටිකක් දාලා, ඒකට රතුළුනු, අමු මිරිස් දාලා, තාච්චියෙ දාලා බැදලා ගත්තම රසම රස ක්‍රිස්පි වඩේ එකක් හදාගන්න පුළුවන්.

ඒ වඩේ එක දෙකට පලලා ඒ මැද්දට කූණිස්සො බැදුමක් එක්ක ඒ වෙලාවෙම හදපු බුල්සයි බිත්ත‍රේකුත් දානවා. සලාද කොලයක් එහෙම තියලා තෙලේ බැදපු ඉස්සෙක් වඩේ එක මැද්දෙ ගැහුවම තමයි කූණි-ඩෝ එක සම්පූර්ණ වෙන්නෙ. ඔන්න ඒ කූණි-ඩෝ හදන හැටි පහල තියෙන වීඩියෝවෙ තියෙනවා.

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයෙක් අවුරුදු ගානකට කලින් කාපු ස්ට්‍රීට් ෆුඩ් එකක් තමයි දැන් මේ අලුත් නමකින් ආපහු හඳුන්වලා දීලා තියෙන්නෙ. ඕන කෙනෙකුට ගෙදරදීම වුනත් කූණි-ඩෝ එකක් හදාගෙන රස විඳින්න පුළුවන්. ලැබෙන ආරංචියෙ හැටියට රට පුරා තැන් තැන්වල කූණි-ඩෝ කඩ විවෘත වෙන්නලු යන්නෙ.

kunido

ඔන්න එතකොට ඌබර් කරලා හරි ගෙන්න ගෙන මෝඩ තරිඳුගෙ අලුත්ම වඩේ එක රස විඳින්න  පුළුවන්.

බලන්න දැක්කම ඔයගොල්ලොන්ගෙ කටටත් කෙළ උනනවද කියල. 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...