BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චොර සිනමාවෙන් කොර සිනමාවට…- (කේ සංජීව)

T

The Leader

December 6, 2023 • 1:20 PM

චොර සිනමාවෙන් කොර සිනමාවට…- (කේ සංජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් මනුවර්ණගේ ෆිල්ම් එක ගැන ලොකු සංවාදයක් මුහුණු පොතේ දලුලමින් තියෙනවා.
  • ප්‍රධාන හේතුව තමයි මේ ෆිල්ම් එක 1980 පරම්පරා නියෝජනයක් වීම.
  • 1988/89 මුළු රාජ්‍යයම වෙලාගත්ත භීෂණය තමයි මේ කතාවේ තේමාව.
  • 1971 අප්‍රේල් කැරැල්ල නිසා තරුණ ජීවිත 5000ක් විතර රටට අහිමිවුණා කියලා කතාවට කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක උද්‍යෝගය දනවනවා. ෆිල්ම් ගැන අනුරාගය හදනවා. ඉතිං මටත් මේ ෆිල්ම් එක බලපු ගමන් ඒ ගැන ලියන්න හිතුණා.

මේ ෆිල්ම් එක මට කොළඹ වන්ගෝල්ෆෙස් පීවීආර් සිනමා ශාලාවේ බලන්න ලැබුණට කලින්, දෙවතාවක් බලන්න ආරාධනා ලැබුණා. ඒ දෙවතාවෙම ෆිල්ම් එක පෙන්නුවේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ. හැබැයි මට ඒ අවස්ථා දෙකම මඟහැරීම ගැන මට සතුටුයි. ඒකට ප්‍රධානම හේතුව තමයි පීවීආර් එක හදන සිනමා හැඟීම තරංගනියට හදන්න බැරිකම. ලංකාවට දියුණු සහ පොහොසත් සිනමා කර්මාන්තයක් නෑ. ඒ නිසා සිනමා ශාලා අලුතින් හැදුණත් නව තාක්ෂණය ආවත් ඒවා නඩත්තු වෙන්නේ නෑ.

එහෙම වුණාම කාලයත් එක්ක ශබ්ද ප්‍රක්ෂේපණය වගේම දෘශ්‍ය ප්‍රක්ෂේපණයත් කැලේ යනවා. එහෙම උනාම ෆිල්ම් එක අස්සේ තියෙන ඔක්කොම ශබ්ද ටික ඇහෙන්නේ නැතුව යනවා. පාටත් එහෙමයි. වර්ණ සංයෝජනය කරපු මනුස්සයා දැකපු ෆිල්ම් එක අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඉතිං මම ආසයි පීවීආර් සිනමා ශාලාවේදී මේක මුලින්ම ඇස්දෙක ඉස්සරහට ආපු එකට. දැන් පීවීආර් එකට සිනමා වසන්තයක් ඇවිත් තිබෙන්නේ. ඔබට එහි ගියොත් මාර්ටින් ස්කෝසීස් කියන හොලිවුඩයේ ප්‍රකට අධ්‍යක්ෂවරයාගේ Killers of the Flower Moon කියන අලුත්ම චිත්‍රපටිය තිබෙනවා. ඒ වගේම රිඩ්ලි ස්කොට්ගේ අලුත්ම චිත්‍රපටිය නැපෝලියන් තිබෙනවා. මේ චිත්‍රපට දෙක ගැනම ලොකු සංවාදයක් ලෝකේ පුරාම තිබෙනවා. ඒ අස්සේ ජගත්ගේ රහස් කියන කඳුත් තිබෙනවා.


අපේ පරපුර සහ අසූ අට අසූ නවය

ජගත්ගේ මේ ෆිල්ම් එකට මම ගොඩක් කැමතියි. ඒ කැමැත්ත හදන හේතු ටික මම මෙහෙම කියන්නම්. ප්‍රධාන හේතුව තමයි මේ ෆිල්ම් එක 1980 පරම්පරා නියෝජනයක් වීම. මේ පරම්පරාව හදපු හොඳම චිත්‍රපටිය මේක වෙන්නත් පුළුවන් කියලා මට වෙලාවකට හිතෙනවා. අසූවේ ඉපදිලා සිනමාවෙන් සිනමාව ඉගෙනගෙන ෆිල්ම් කරන්න ආපු එවුන්ට ඩිජිටල් නිසා ෆිල්ම් පහසු වුණා, හැබැයි සිනමාව විනාශ වෙලා නිසා සිනමාකාරයෙක් වීම අහම්බයක් විතරක් වුණා. නැත්තං ඒක විශාල මහංසියක ප්‍රතිඵලයක් වුණා. ජගත්ගේ මේ සිනමාව අස්සේ සිනමාව තියෙනවා. ඔව් යහමින් තිබෙනවා. ජගත් ඉගෙනගත්ත දේවල් මේක අස්සේ පේනවා. අනෙක තමයි සිනමාකාරයෙක් වෙන්න ජගත් කාපු කට්ට මේ ෆිල්ම් එක අස්සේ දියවෙලා තියෙනවා. ඒ සුවඳ අපිට දැනෙනවා.

මේ ෆිල්ම් එක කතාකරන මාතෘකාවට මම කැමතියි. 1988/89 මුළු රාජ්‍යයම වෙලාගත්ත භීෂණය තමයි මේ කතාවේ තේමාව. 1971 අප්‍රේල් කැරැල්ල නිසා තරුණ ජීවිත 5000ක් විතර රටට අහිමිවුණා කියලා කතාවට කියනවා. අපි මේ කතාකරන 1988/89 භීෂණය නිසා තරුණ ජීවිත 60000ක් රටට අහිමිවුණා කියලා කියනවා. 2009 අවුරුද්දෙන් අවසන් වුණ තිස් අවුරුදු යුද්ධය නිසා ජීවිත ලක්ෂ 5ක් විතර අහිමිවෙන්න ඇති කියලා හිතනවා. මේ සියල්ලම අනුමානයන් විතරක් වෙන්නේ වගවීම් ක්‍රියාවලියක් නැති නිසා. යුක්තිය කියලා දෙයක් නැති නිසා. රාජ්‍යයට මිනිස් ජීවිතයක් නොවටිනා නිසා.

00 Mountains that tell secrets 5
ඉතිං මෙන්න මේ පසුබිම අස්සේ මේ ෆිල්ම් එක නිර්මාණය වීම විශේෂයි කියලයි මට හිතෙන්නේ. අපි කතා නොකරන අඳුරු කලාපයකට ජගා කැමරාව හරෝලා විතරක් නෙවෙයි ලයිට් එකකුත් ගහලා තිබෙනවා. සිනමාවෙදි අපි කරන්නේ කාලය අල්ල ගන්න එක. සිනමාව කියන්නේ කාලය සංරක්ෂණය කිරීම කියලත් ඕනෑනම් කියන්න පුළුවන්. ජගා 88/89 කාල කෑල්ල හරියටම අල්ලාගෙන තිබෙනවා කියලා මේ ෆිල්ම් එක බැලුවාම පේනවා. 88/89 ගැන යුක්තිය සහ වගවීම පිළිබඳ ක්‍රියාවලියක් නැතිවුණාට 88/89 ගැන සැඟවුණ අඳුරු සාහිත්‍යයක් තිබෙනවා. සැඟවුණ සාමූහික මතකයක් තිබෙනවා. සැඟවුණ සාමූහික වේදනාවක් තිබෙනවා. මෙන්න මේ සියල්ල මේ සිනමාව අස්සට කාන්දු කරගන්න ජගත් සමත් වෙලා තියෙනවා.


සිනමාව කියන්නේ සාහිත්‍යයක්

00 Mountains that tell secrets 6
සිනමාව අනෙක් කලාවන් වගේම අද විශාල දියුණුවක් හිමිකරගත්ත කලාවක්. අනෙක් පැත්තෙන් සිනමාව වර්ධනය වෙන්නේ විද්‍යාව සහ තාක්ෂණය එක්ක. ඊට සමගාමීව. ඒ නිසාම වඩාත් නූතන වඩාත් මානුෂබද්ධ කලාව සිනමාව කියලා හිතන්නත් පුළුවන්. මේ ෆිල්ම් එක අස්සේ අපි අපේ ගමන යනකොට අපිට කඳුකරයේ තිබෙන ලස්සන ගමක් හම්බවෙනවා. ඒ ගමේ බෙරකාරයෙක් ඉන්නවා. මේ කඳුකර ගම දකිනකොට මට තායිලන්තයේ අපිචත්පොන් වීරසේතුකල් කියන ප්‍රකට සිනමාකරුවාගේ Uncle Boonmee Who Can Recall His Past Lives කියන ෆිල්ම් එක මතක් වුණා. ඒ එක්කම විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටෙයි කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් දෙක අතරින් රහස් කියන කඳු තිබ්බාම, තියලා කියෙව්වාම අපිට වෙනස්ම තැනක ඉඳලා 88/89 කියවගන්න පුළුවන්.

Enemies of the People
කාම්බෝජයේ පොල්පොට් පාලනය මරලා දාපු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ගැන හදලා තියෙන Enemies of the People කියන වාර්තා චිත්‍රපටිය මතකයට නැඟෙනවා අනෙක් පැත්තෙන්. ඊට පස්සේ මිනිස්සු මරලා ඒ මිනිස්සු යොදාගෙන යාතුකර්මයක් කරන්න කඳුකර මඟක යන රූපාවලිය දකිනකොට Once Upon a Time in Anatolia කියන ඝාතනයට ලක්වුණ මනුස්සයෙක්ගේ මළසිරුරක් සොයාගෙන යන ෆිල්ම් එක මතක් වෙන එක වළක්වන්න බෑ. අනෙක් පැත්තෙන් කෙන් ලෝච් අධ්‍යක්ෂණය කරපු The Wind That Shakes the Barley කියන ප්‍රකට චිත්‍රපටිය. මේ චිත්‍රපටිය අස්සේ කතාකරන්නේ අයර්ලන්ත සිවිල් යුද්ධය ගැන. මෙන්න මේ චිත්‍රපටි එක්ක රහස් කියන කඳු එකට තියලා කියවන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ.

00 Mountains that tell secrets 3

00 Mountains that tell secrets 2

dsstw4
විමුක්තිය සොයාගෙන යාම, යුද්ධ, මනුෂ්‍ය ඝාතනයන්, යුක්තිය සොයාගෙන යාම වගේ දේවල් මනුෂ්‍ය ශිෂ්ටාචාරයටම පොදු දේවල්. ඒක උතුරු අර්ධගෝලයට වගේම දකුණටත් පොදු මිනිස් අත්දැකීම්. එවැනි තත්ත්වයක් අස්සේ ජගත්ගේ මේ ෆිල්ම් එක හරහා ඇවිදගෙන යනකොට ලෝකය පුරාම තිබෙන මේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නය අපිට මුණගැහෙනවා. ඒකයි මම කියන්නේ මේ ෆිල්ම් එක අස්සේ තියෙන මෙන්න මේ සාහිත්‍ය සොයාගෙන ගියොත් අපිට තවත් දොරටුවක් සාකච්ඡාව සඳහා විවෘත කරගන්න පුළුවන් කියන දේ.



සුඛා-දුක්ඛ අන්තරය

ජගත්ගේ මේ ෆිල්ම් එක බලනකොට අපිට හිනායනවා. හොඳටම හිනායන තැන් මේ ෆිල්ම් එකේ තියෙනවා. සරත් කොතලාවල ප්‍රධාන චරිතයකට (සිල්වා මහත්තයලාගේ චරිතයට) ස්ථානගත කිරීම අස්සෙම පේනවා ජගත් මේක කරන්නේ දැනුවත්ව කියන දේ. අනෙක් පැත්තෙන් ධර්මප්‍රිය ඩයස්ගේ චරිතය සහ සම්පත් ජයවීරගේ චරිතය අතර ඇතිවෙන ගස්ටනය නිර්මාණය වෙන්නෙම කොමඩියක ඉදලා ට්‍රැජඩියක් වෙත සිද්ධවෙන ගමනක් හරහා. ලක්මාල් ධර්මරත්න නිරූපණය කරන භික්ෂුවගේ චරිතය වුණත් මෙන්න මේ පැහැය තවරගෙන තමයි ෆිල්ම් එක අස්සෙන් මතුවෙන්නේ. මේ අහු අස්සේ සැටලිම විකුණගන්න ට්‍රයි කරන හාමුදුරුවෝ දකිනකොට අපිට මොහොතකට ඝාතන මිනී කඳු අමතක වෙනවා. බඩ අල්ලගෙන හිනාවෙන්න වෙනවා.
 
xdgert

ආනන්ද කුමාරඋන්නැහේ තමන්ගේ චරිතය අස්සේ එක තැනක කියනවා ‘මේක පියවි සිහියෙන් ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි‘ කියලා. මට හිතෙන්නේ සිනහව එක්ක අපිට එන බඩේ කොරය සමනය කරගන්න නම් කුමාරඋන්නැහේගේ චරිතයට වගේම කසිප්පු හෝ ගල් සරණ යන්න වෙනවා. මෙතනදී රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවන හමුදා නායකයාගේ චරිතයට පණපොවන ප්‍රියන්ත සිරිකුමාරගේ ඒ ප්‍රශස්ත පිස්සු හදන රංගනය අස්සෙත් ඉසියුම්ව ප්‍රේක්ෂකයා තුළ මුලින්ම හදන්නේ සිනහව. හැබැයි අපිට සිනහවෙලා අන්තිමට අඬන්න වෙනවා. මේ කොමඩියේ අන්තයට ගියාම එතන තියෙන්නේ දුක වේදනාව.


මේ සියල්ල එක්ක මේ ෆිල්ම් එක බලනකොට මට හිතුණා මේ ෆිල්ම් එක ්එයදක ත්‍මට්රා කියන දකුණු අප්‍රිකානු නාට්‍යකරුවාගේ නාට්‍යයක් වගේ නේද කියලා. (බුද්ධික දමයන්ත කියන නාට්‍යකාරයාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ මේ නාට්‍යකරුවාව අපිට මුණගැස්සුවාට) අනෙක් පැත්තෙන් නාන කාමරේදී ප්‍රසාද් කුමාර සොයිසාට විස්කි පොවන දර්ශනය බැලුවාම මතකයට එන්නේ රොබට් රොඩි්‍රගස්ගේ ඩෙස්පෙරාඩෝ කියන චිත්‍රපටිය, මේකෙනුත් මතුව එන්නේ දුක්ඛාන්තය. මේකෙන් පේනවා මේ සිනමාව ගොඩනගන්න සිනමාකරුවා කොයිතරම් වෙහෙසක් මහංසියක් අරගෙන තිබෙනවාද කියන දේ.

අධ්‍යක්ෂවරයාගේ වෙහෙසට මහංසියට නොදෙවෙනි වෙහෙසක් මහංසියක් මේ චිත්‍රපටියේ රඟන නළුනිළි කැළ, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂවරයා, අංගරචනා ශිල්පියා, සංස්කරණ ශිල්පියා ලබාදීලා තිබෙනවා. ඒ සියල්ලම අස්සේ කාලෙකට පස්සේ බලන්න ආස හිතෙන සිනමා මැජික් එක තිබෙන ෆිල්ම් එකක් සිනමා ශාලාවට ඇවිත් තිබෙනවා.

(කේ සංජීව - anidda.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...