BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රඟබිම ලියන පුරාවෘත්තය: හේමාවලෝකන

T

The Leader

December 13, 2023 • 4:27 AM

රඟබිම ලියන පුරාවෘත්තය: හේමාවලෝකන 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හඬ පෞරුෂයෙන් සලකුණු තබමින් ටෙලි, රිදී තිරයේ හෝ වේදිකාවේ රඟපාන්නට හැකි වීම යනු නළුවෙකුට බෙහෙවින් අල්පව පිහිටන
  • කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සවස 05ට පැවැත්වෙන උලෙළේදී හේමසිරි ලියනගේ  විසින් රංගන දායකත්වය දක්වනු ලැබූ චිත්‍රපට තුනක් හේමසිරි ලියනගේ ප්‍රත්‍යාවලෝකනය වැඩසටහනද සමගින් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
  • 1965දී සුදු ඇතා, 1970 චූලෝදර මහෝදර සහ 1975 නරියා සහ කේජු යන නාට්‍ය නිර්මාණය කළ ඔහුගේ නාට්‍ය පිටපත් එදින එක් කෘතියක් වශයෙන්ද එළිදැක්වීමට නියමිතය.
  • නළුවෙකු වීමට ප්‍රථමව නාට්‍ය නිර්මාණකරුවෙකු ලෙස සිය කෞෂල්‍යය ප්‍රගුණ කළ හේමසිරි ලියනගේ  එම ගමන වෙනස් වන්නේ සිය නාට්‍යකරණය තුළ වූ දේශපාලනික ආකල්ප සමග වන සක්‍රීයභාවය හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුසලතාවකි. හේමසිරි ලියනගේ යනු රංගනයෙන් මෙන්ම රංගනය නොබලන අයකුට සිය හඬ පෞරුෂයෙන්ද මතකයේ තබා ගැනීමට කුසලතා දැක්වූ, ජනතාවගේ හද බැඳගත් චරිතාංග රංගන ශිල්පියකු වේ. 

නාට්‍යකරුවෙකු ලෙස වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණ වෙමින් කලාවේ ආරම්භය සනිටුහන් කළ ඔහු ටෙලි, රිදී තිරවලද රංගනයට දායක වෙමින් චරිතාංග නළුවෙකු හැටියට කළ සේවයේ විශාලත්වය වදනින් කියා, ලියා නිම කළ හැක්කක් නොවන්නේය. නමුත්, ඒ වෙනුවෙන් ඇගයුමක් අවැසිම මොහොතක එළඹෙන දෙසැම්බර් 16 වැනිදා දශක හයකට වැඩි කාලයක් සිහිපත් කරමින් 'හේමාවලෝකන' උපහාර දැක්වීමේ උත්සවය පැවැත්වීමට කටයුතු මේ වන විට යෙදී ඇත.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සවස 05ට පැවැත්වෙන උලෙළේදී හේමසිරි ලියනගේ  විසින් රංගන දායකත්වය දක්වනු ලැබූ චිත්‍රපට තුනක් හේමසිරි ලියනගේ ප්‍රත්‍යාවලෝකනය වැඩසටහනද සමගින් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.


409733293 10232103875316418 5938689405408946351 n1965දී සුදු ඇතා, 1970 චූලෝදර මහෝදර සහ 1975 නරියා සහ කේජු යන නාට්‍ය නිර්මාණය කළ ඔහුගේ නාට්‍ය පිටපත් එදින එක් කෘතියක් වශයෙන්ද එළිදැක්වීමට නියමිතය. නළුවෙකු වීමට ප්‍රථමව නාට්‍ය නිර්මාණකරුවෙකු ලෙස සිය කෞෂල්‍යය ප්‍රගුණ කළ හේමසිරි ලියනගේ  එම ගමන වෙනස් වන්නේ සිය නාට්‍යකරණය තුළ වූ දේශපාලනික ආකල්ප සමග වන සක්‍රීයභාවය හේතුවෙනි. 1980දී කළ වැඩවැරුමකට සක්‍රීයව දායක වීම හේතුවෙන් වැඩ තහනමට ලක් වීමෙන් අනතුරුවය හේමසිරි ලියනගේ නම් නළු පෞරුෂය අපට මුණගැසෙන්නේ. උද්ගත වූ තත්ත්වය උඩ නාට්‍යකරුවෙකුට වඩා චරිතාංග නළුවෙකු ලෙස හේමසිරි ලියනගේ ජනතාවට දැකීමේ අවස්ථාව උදාවන්නේ එසේය. 


අඹ යහළුවෝ, අසල්වැසියෝ, තට්ටු ගෙවල් වැනි නාට්‍යවල රඟපෑ චරිත බොහොමයක් මෙන්ම 'අයි නෝ ද ප්ලේස් ඕල්සෝ පුතා' යන වැකිය සමග දායකත්වය දැක්වූ වෙළඳ දැන්වීමද එවකට රසික මතකයෙන් නොගිලිහෙන අවස්ථා අතර වේ. 

leopard do not bite 421d679a a86d 4bc1 9068 b2c00452ea7 resize 750
සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සප්ත කන්‍යා, මධුර චාරිකා, සුළඟ එනු පිණිස වැනි සිනමා නිර්මාණ ඔස්සේද ඔහු කළ රඟපෑම්ද මතකයෙන් ගිලිහෙන ඒවා නොවේ. 


'හේමාවලෝකන' උපහාර උලෙළ පැවැත්වෙන දින උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා පෙරවරු 10.30ට, ප්‍රසන්න ජයකොඩිගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පස්වරු 1.30ට, අශෝක හඳගමගේ චන්ද කින්නරී සවස 7.00ට (උලෙළෙන් අනතුරුව) ප්‍රදර්ශනය කෙරේ.

408571565 7626440184047272 5146405249598303203 n

 

හේමසිරි ලියනගේ නමින් 1942 දෙසැම්බර් 25 උපන් මෙම කලාකරුවා හොරණ විද්‍යාරතන විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කර ගුරු වෘත්තීය නියැළුනද කලාවට, දේශපාලනයේ බල ලෝභීකම ප්‍රකාශ කිරීමට ඇති ඇල්ම හේතුවෙන්ම සිය ජීවිතයට අභියෝග ළං කරගත් කලාකරුවෙකි. 

කෙසේවුවද, ඒ සිදු වූ දේ මත සැමගේ මතකයේ රැඳෙන නළුවෙකු වීමට ඔහුගේ මග විවර වී තිබුණ අතර 'හේමාවලෝකන' දෙසැම්බර් 16 වැනිදා සවස 05ට පැවැත්වෙන්නේද එම අතීත මතක මතය. 

ජෝසෙ මරියලා පේදුරු ජුදාස්ලා එක්ක ජේසු අයියලා එකට නෑව වැලිගම්පිටියේ බාර ළිඳ  - (ශිවන්ති ප්‍රනාන්දු )-ශිවන්ති ප්‍රනාන්දු

සබැඳි පුවත් :

'හේමාවලෝකන' : හේමසිරි ලියනගේ ප්‍රත්‍යාවලෝකනය දෙසැ: 16 තරංගනීයේ දී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...