BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වෙනින් කවුරුවත් නෙමෙයි ගිවන්ත අර්ථසාද් !

T

The Leader

December 14, 2023 • 6:15 AM

වෙනින් කවුරුවත් නෙමෙයි ගිවන්ත අර්ථසාද් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිවන්ත අර්ථසාද් කියන ලංකාවෙ සිනමා විද්‍යාඥයා අපිට මෑතක මුනගැහෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මීයා ටෙලි නාට්‍යයෙන්.
  • දිනේෂ් ප්‍රියසාද්ට සිනමාව උගන්නන්නෙත් ගිවන්ත.  ලංකා චිත්‍රාගාරයේ සහ විජයා චිත්‍රාගාරයේ කුණු බාල්දිවලින් එකතු කරගන්න මි.මි 35 කෑලි ගිවන්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ‍එකතු කරලා ගෙදර ගෙනත් තියාගන්නවා.
  • ඒ චිත්‍රපටි කෑලි ගෙදර බිත්තියට ප්‍රොජෙක්ට් කරලා බලන්න පුළුවන් ස්ලයිඩ් ප්‍රොජෙක්ටරයක් ගිවන්ත නිර්මාණය කරනවා.මේ 1960 ගනංවලදි.
  • චිත්‍රපටි කෑලි එකතු කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බුබුල්ස් හෙවත් ‍තරිඳුගේ මිතුරු විද්‍යාඥයෙක් හැටියට ගිවන්ත එහි අපූර්ව චරිතයක් නිරූපණය කරනවා. ඒත් ඒ නරඹන බොහෝ දෙනෙක් ගිවන්ත අර්ථසාද් කියන්නෙ කවුද කියලා දන්නෙ නැති වග විශ්වාසයි.

ගිවන්ත අර්ථසාද් කියන්නෙ සිනමා විද්‍යාඥයෙක් හැටියට මුලින්ම නම් කලේ එඩ්වින් ආරියදාස ශූරින්. ඒ ගිවන්ත විසින් සිනමා තාක්ෂණයට එකතු කළ අපූර්ව සොයාගැනීම් නිසා. චිත්‍රපටියක් කරන්න ආසාවට සිනමා කැමරාවක් තමන් විසින්ම නිෂ්පාදනය කරපු කෙනෙක් ගිවන්ත. ඒ දුටුගැමුණු චිත්‍රපටිය වෙනුවෙන්. ඒ කැමරාව ලියාපදිංචි, ආනයනය කළ කැමරාවක් නොවීම චිත්‍රපටය ප්‍රදර්ශනයෙදිත් බලපෑමක් වුනා.

24 1

ගිවන්ත පාසැල් කාලෙදිම මේ සිනමාවේ විද්‍යාව කියන කලාපය ගැන උනන්දු වෙනවා. ගිවන්තගේ සහෝදරයා තමයි දිනේෂ් ප්‍රියසාද්. දෙමෝදර පාලම වගේ දැවැන්ත චිත්‍රපට කරපු කෙනෙක්. දිනේෂ් ප්‍රියසාද්ට සිනමාව උගන්නන්නෙත් ගිවන්ත. 

26 1ලංකා චිත්‍රාගාරයේ සහ විජයා චිත්‍රාගාරයේ කුණු බාල්දිවලින් එකතු කරගන්න මි.මි 35 කෑලි ගිවන්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ‍එකතු කරලා ගෙදර ගෙනත් තියාගන්නවා. ඒවා සිනමාප්‍රේමියෙක් වුනු ගිවන්තට මහා ධනයක් වගෙයි. ඒ චිත්‍රපටි කෑලි ගෙදර බිත්තියට ප්‍රොජෙක්ට් කරලා බලන්න පුළුවන් ස්ලයිඩ් ප්‍රොජෙක්ටරයක් ගිවන්ත නිර්මාණය කරනවා.මේ 1960 ගනංවලදි. ඒ කියන්නෙ ලංකාවෙ රූපවාහිනියක්වත් නැති කාලෙදි. මේ ප්‍රොජෙක්ටර් වැඩ හින්ද ගිවන්ත මැජික්කාරයෙක් වගේ වෙනවා.

ගිවන්ත කොළඹ හැමතැනම යන්නෙ බයිසිකලෙන්. එයාගෙ බයිසිකලේ තියෙනවා ලොකු ලැගේජ් එකක්. ඉස්සරහ තව කූඩයක්. අව්ව වැස්ස කිසි වෙනසක් නැතුව ගිවන්ත බයිසිකලේ පදිනවා. චිත්‍රපටි කෑලි එකතු කරනවා. සිනමාවට අමතරව ගිවන්තගේ වි‍ශේෂ දක්ෂතා කලාපයක් තමයි මුද්‍රණය.

සාමාන්‍ය පෙලට විතරක් විධිමත් අධ්‍යාපනය ලබන ගිවන්ත අර්ථසාද් අද මුද්‍රණය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මුද්‍රණාලයක් ආරම්භ කරන්න සල්ලි නැති වුනාම ගිවන්ත කරන්නෙ ලෙටර් ප්‍රේස් මුද්‍රණ යන්ත්‍රයක් තමන් විසින්ම නිර්මාණය කරන එක. එතකොට එයාට වයස අවුරුදු දාසයක් විතර වෙන්න ඇති.

images

ගිවන්ත ගැන දන්න කීපදෙනාටත් මතක ගිවන්තගේ තහනමට ලක්වූ කාටූන් චිත්‍රපටිය දුටුගැමුණු විතරයි. දුටුගැමුණු තහනමට ලක්වුනේ එයින් ජේආර් උපහාසයට ලක් කරපු නිසා කියල ප්‍රසිද්ද කතාවක් තියෙනවා. ඒත් ගිවන්ත කියන්නෙ දුටුගැමුණු චරිතය නිසා රටේ ජාතිවාදයක් නිර්මාණය වෙන්න පුළුවන් කියල රජය හිතපු නිසා තමන් සමග සාකච්ඡා කරලා සියලු පිරිවැය පියවීමෙන් පසු චිත්‍රපටිය තහනම් කළා කියලයි.

නමුත් දුටුගැමුණුට කලින් ගිවන්ත කාටූන් චිත්‍රපටි දහයක් කරනවා. අන්දරේ, මුහුද යටට ඉර පායයි, දේවදත්ත, කදා වළලු, කුරුල්ලා මීයා සහ ඉඹුල් කිරිබතා, ලෝකෙම සාක්කුවෙ, වෛකල්ප, මහාචාර්ය, අල්ලස් සහ දුම කියන්නෙ ඒ චිත්‍රපටි. අද මේ චිත්‍රපටි කෙනෙකුට නරඹන්නවත් තියෙනවද කියල සැකයි. ඒත් මොරටුවේ ජීවත්වෙන ගිවන්තව මුනගැහෙන්න කෙනෙක් ගියොත් ඔහුගේ බොහෝ නිර්මාණවල කොටස් හෝ බලන්න පුළුවන් වෙයි.

2 5 988x658

ගිවන්ත කියන්නෙ සිනමා අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙමෙයි. සිනමාවෙ අධ්‍යක්ෂණය, දර්ශන ප්‍රයෝග, නාමාවලී, කලා අධ්‍යක්ෂණය ආදී අංශ 06ක බලපත්‍රලාභී එකම පුද්ගලයා වෙන්නෙ ගිවන්ත අර්ථසාද්.

ගිවන්‍තගේ අලුත්ම කාටූන් චිත්‍රපටිය තමයි යුරේකා. 2019දි ඒ චිත්‍රපටය නිර්මාණය කරලා අවසන් වුනා. ඒත් අපිට තවමත් එය නරඹන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.

ඉතින් මීයා ටෙලි නාට්‍යයේ බුබුල්ස් වගේම ඇත්ත ගිවන්ත අර්ථසාද් කියන්නෙ පිස්සු හැදෙන විද්‍යාඥයෙක්. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...