BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කලා මෙහෙයට හරසර - ජනාධිපති ඉදිරිපිට දීම නිරිඇල්ලගෙන් විරෝධයක්

T

The Leader

December 20, 2023 • 11:45 AM

කලා මෙහෙයට හරසර - ජනාධිපති ඉදිරිපිට දීම නිරිඇල්ලගෙන් විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන්
  • බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබිණි.
  • නාට්‍ය ඉතිහාසය ඇතුළු නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය නැරඹීමටද එක්විය.
  • රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, සංස්කෘථික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී ඊයේ (19) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර දෙදෙනාට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන පිරිනැමිණ.

ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර, එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් මහත්ම මහත්මීහු වෙනුවෙන් ද මෙහදී සම්මාන පිරිනැමිණ.

ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

නාට්‍ය ඉතිහාසය ඇතුළු නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය නැරඹීමටද එක්විය.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, සංස්කෘථික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

hfgouoew


ජනාධිපතිත් ඇමතිත් සිටියදීම නිරිඇල්ලගෙන් එල්ල වූ විරෝධය

50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සභාව ඇමතු රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල, විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායකව දැඩි ලෙස විවේචනය කළේය.

සභාව ඇමතු පරාක්‍රම නිරිඇල්ල මෙලෙස අදහස් දැක්වීය.

"ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුක්‍රමයක් තියෙනවා කියන මේ මව්බිම මත, අපේ නාට්‍ය කේෂේත්‍රයේ හදගැස්ම දන්නේ ඒ කේෂ්ත්‍රයේම නියැලී සිටින අපි. ඒ දැනුම අනුව විදේශයන්හි අපේ මව්බිමේ නාමය සටහන් කළ කලාකරුවන් තිදෙනෙකුට හා කලාකාරියකට ඇගයිම් සම්මාන ලබාදීම සුදුසුයි කියලා අපි යෝජනා කළා. එසේ තිදෙනෙකු යෝජනා කළේ, මීට පෙර එලෙස ලබාදී තිබූ බව දැනගෙනයි. නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවලා එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා...

කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ ගැන විමසීමේ දී දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව වෙනස සිදුකළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි. මේ ලෝකේ කොහේදීවත් සිදුවුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවලට මෙහෙවරක් කළ කලාකරුවෙකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැනි දෙයක්. මකා දැමිය නොහැකි කිළුටක්. ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට තීරණ හිතුමතේ වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ.

 මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතීත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මට ජනතාව අතරට යන්න පුළුවන්."
 

 
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...