BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මෙරිල් ස්ට්‍රීප් : ඔබේ ඒ බිඳුණු හදවත අරගන්න. ඒ බිඳුණු හදවතින් ඔබ තව කලා කෘතියක් කරන්න...( ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

December 27, 2023 • 9:41 AM

මෙරිල් ස්ට්‍රීප් : ඔබේ ඒ බිඳුණු හදවත අරගන්න. ඒ බිඳුණු හදවතින් ඔබ තව කලා කෘතියක් කරන්න...( ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආත්මමූලික බව සහ මමංකාරය ඉස්පොල්ලේ ගිය මේ යුගයේ අපි ''ගේමක් ගහල'' ''තැනකට ඇවිල්ල''
  • මෙරිල් ආශ්වාදජනක රඟපෑමක් කළේ මට කිසිම දවසක අමතක නොවන විජිතකරන (colonial) තේමාවක් රැගත් චිත්‍රපටයක් වෙච්ච Out of Africa (1985) වල.
  • ඇයගේ වෘත්තීය රංගන සාක්ෂාත්කිරීම් ඇතුලත ඇකඩමි සම්මාන නාමකරණ 21ක් සහ දිනාගැනීම් 3ක් වගේම ගෝල්ඩන් ග්ලෝබ් නාමකරණ 33ක් සහ දිනාගැනීම් 8ක් ඇතුලත්.
  • මේ මොහොතේ මේ ශාලාවේ නැති මිළියන ගණනක් මිනිස්සු එයාලගේ ජීවිතවලට අපිව ඇතුල්කර ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
(ඉරාජ්ගේ මිලේනියම් වචන) ඊට පස්සේ ඒ තමන් ආපු ගමන ගැන සැමරීමක් (celebration) කරන එක ඕනිනම් මේ යුගයේ වටිනාකම් ඇතුලේ තේරුම් ගන්න පුළුවන්.

විශේෂයෙන් ගැහැණියක් හැටියට තරමක අමාරු ගමනක් තෝරාගෙන, සුවිශේෂ දුෂ්කරතා ප්‍රමාණයක් පසුකරමින්, යම් නිශ්චිත ගමනාන්තයක් වෙත ආවම ඒක 'නිහතමානී' විදියට සමරන එක මම වැරද්දක් විදියට දකින්නේ නැහැ. ඕනිම කෙනෙකුට යම් අභිමානයක් තියෙන්න ඕනි.

හැබැයි ඒ සැමරීම කයිවාරුවක් සහ නිකම් රස්තියාදු පොර ටෝක් එකකින් වෙනස් කරලා දකින්නත් අපිට පුළුවන් වෙන්න ඕනි. මොකද හිස් මිනිස්සු පොරවල් කරලා එකෙ ප්‍රථිපල හැටියට අම්බානකට කට්ටකන සහ සංකේතීය මරණයක් අත්පත් කරගත්ත ජාතියක් අපි. ඒ වැරදි නැවත නැවත නොකරගන්න අපි වගබලාගන්න ඕනි. පුද්ගලිකවත් සාමුහිකවත්.

තමන් තෝරාගත් වෘත්තීය ජීවිතයේ ඉහළ හිණිපෙත්තටම ගිය, ගෝලීය ජනප්‍රියත්වයේත් ඉහලම අංශක ස්පර්ශකළ, සමාජ දේශපාලන දේශපාලන ජීවිතයේ පවා සෘජු ලෙස කටයුතු කළ, තමන් විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් හැමදාම පෙනී සිටපු මම කැමතිම සමාජීය ගැහැණියක් තමයි මෙරිල් ස්ට්‍රීප් කියන්නේ (Maryl Streep).

මෙරිල් ආශ්වාදජනක රඟපෑමක් කළේ මට කිසිම දවසක අමතක නොවන විජිතකරන (colonial) තේමාවක් රැගත් චිත්‍රපටයක් වෙච්ච Out of Africa (1985) වල.

ඇයගේ වෘත්තීය රංගන සාක්ෂාත්කිරීම් ඇතුලත ඇකඩමි සම්මාන නාමකරණ 21ක් සහ දිනාගැනීම් 3ක් වගේම ගෝල්ඩන් ග්ලෝබ් නාමකරණ 33ක් සහ දිනාගැනීම් 8ක් ඇතුලත්. මේ එක්ක තව බොහෝ ගෝලීය අගයකිරීම් විශාල ප්‍රමාණයක් ඇය සතුයි.

වෘත්තීය සහ වෘත්තීය ජයග්‍රහණ ගැන එක්තරා ගෝල්ඩන් ග්ලෝබ් උළෙලක ඇය මෙහෙම කියනවා.

''ඔව්.. අපි අයිති වෙන්නේ හොලිවුඩ්වලට කියල කියමු. හොලිවුඩ් කියල කියන්නේ මොකක්ද? හොලිවුඩ් කියල කියන්නේ පිටින්ම පිටින් මෙහෙට ආපු පිටස්තරයින් පිරිසකට. ඇමෙරිකාවේ ඈත පළාත්වලින් වගේම ලෝකයේ හැමතැනින්ම ආපු එකතුවකට. විදේශිකයින් එකතුවකට. ඔහායෝ වලින්, ෆ්ලොරීඩා වලින්, නිව් ජර්සි වලින්, ඉතාලියෙන්, නයිජීරියාවෙන්, කැනඩාවෙන් වගේ හැම තැනකින්ම.

ඉතින් මේ විප්‍රදේශවාසීන් පිටමං කලොත් ඉතුරුවෙන කලාව මොකක්ද?

මේ මොහොතේ මේ ශාලාවේ නැති මිළියන ගණනක් මිනිස්සු එයාලගේ ජීවිතවලට අපිව ඇතුල්කර ගන්නවා. අපිට ඇතුල් වෙන්න ඉඩ දෙනවා. මේ නිසා ජනප්‍රිය බව එක්ක අපිට ලොකු සමාජ බලයක් ලැබෙනවා.

දැන් මේ ලැබෙන සමාජ බලය එක්ක අපි මොකද කරන්න ඕනි? අපි නරක පණිවිඩයක් හෝ පූර්වාදර්ශයක් දුන්නොත් ඒක අනික් අයටත් එසේම කරන්න කියල ලැබෙන බලපත්‍රයක්. දේශපාලන බලයේ ඉහලම ඉන්න කෙනෙක් යම් සුවිශේෂ අවශ්‍යතා තියන කෙනෙක් අරබයා උසුළු විසුළුවක් කලොත් මුළු සමාජයක්ම පහුවදා එහෙම සුවිශේෂ අවශ්‍යතා තියන අයට විසුළු කරන්න ගනීවි. ඒ නිසා හෙළාදැකීම කියන එක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනි.

ඒ නිසා බලය කියන්නේ ඉතාම පරිස්සමින් පාවිච්චි කලයුතු දෙයක්. බලය තියෙන්නේ මිනිස්සු බෙදල වෙන්කරන්න නෙවෙයි. එකතුකරන්න.

ජනමාධ්‍ය තියෙන්නේ සමාජයේ තියන සත්‍යය මිනිස්සුන්ට කියන්න. අපිට මොනවා හරි සමාජ බලයක් තියෙනවා නම් අපි සත්‍යයේ නාමයෙන් ඔවුන් ආරක්ෂා කරන්න ඕනි.

ඔව්...ජනප්‍රිය වීම සහ ඒ හරහා බලයක් ලැබීම වරප්‍රසාදයක්. හැබැයි ඒ බලය වගකීමෙන් පාවිච්චි කරන්න ඕනි.

ඔබ යම් යම් අරමුණු එක්ක දුෂ්කර ගමනක් යනකොට සමාජයේ යම් යම් තැන්වලදී ඔබේ හදවත බිඳෙන්න ඇති. ආපසු සමාජයට ගර්හා කරනවා වෙනුවට ඔබේ ඒ බිඳුණු හදවත අරගන්න. ඒ බිඳුණු හදවතින් ඔබ තව කලා කෘතියක් කරන්න. ඒකයි නළුකමේ කලාව කියන්නේ....'' (Take your broken heart, make it into art).

ඒක මෙරිල් ස්ට්‍රීප් වර්ගයේ පොර ටෝක් එකක්. ඒ පොර ටෝක් එක එයා දෙන්නේ ඇමෙරිකාවේ ඒ වෙලාවේ ජනාධිපති වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප්ට උත්තරයක් විදියට. මම කැමති ඒ වර්ගයේ ඒවට.
 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...