BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පියා විසින් අලෙවියට තැත් කරනු ලැබූ තාරකාවේ කතාව

T

The Leader

December 29, 2023 • 5:52 AM

පියා විසින් අලෙවියට තැත් කරනු ලැබූ තාරකාවේ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුශ්බු සුන්දර් යනු නාඛාත් ඛාන් ලෙස ඉපිද පසුව කලා කටයුතු හේතුවෙන් සිය නාමික වශයෙන් සිය අනන්‍යතාව පසුව වෙනස් කිරීමට ලක් වූ කොලිවුඩයේ නිළියන් අතර මීට පෙර පරපුරක ආකර්ෂණීය නිළියකි.
  • මීට වසර කිහිපයකට පෙර ඉන්දීය දේශපාලනයට එක් වූ ඇයට සිය සැබෑ නම වසන් කළ බවට විරුද්ධ දේශපාලන පාර්ශ්වවලින් චෝදනා එල්ල විය.
  • ළමා කලාකාරිනියක ලෙස හින්දි චිත්‍රපටවල රඟපෑ ඇය ඇගේ රංගනය ඇතුළත් සමහරක් ළමා ගීත දැනුදු ඉන්දියාවේ වාදනය වේ.
  • රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූවාක් මෙන්ම දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව ඇය යළි සිනමාවට පැමිණියේ 2021දී ඇය රජිනිකාන්ත් සමඟ අන්නත්තේ චිත්‍රපටයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමානයේ ඉන්දීය කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ, දේශපාලන චරිතයක් ලෙස ප්‍රසිද්ධ වුවද ඇය ජනප්‍රිය වන්නේ දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි චිත්‍රපටවල රඟපෑම හේතුවෙනි.

මුම්බායිහි උපන් ඇය කුඩා කල සිටම කලා කටයුතුවලට සම්බන්ධ වී වර්තමානයේ චෙන්නයිහි වාසය කරන්නීය.

kushboo 1

ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු සිවාජි ගනේශන්ගේ පුතු සහ ජනප්‍රිය නළු ප්‍රභූ සමග පැවති ආදර සම්බන්ධය හේතුවෙන් විවාහ වූ ඇය පසුව සිවාජි ගනේශන්ගේ විරෝධය හේතුවෙන්ම කෙටි විවාහයකට නැවතුම තබා වර්තමානයේ ජනප්‍රිය නළුවකු වන, අධ්‍යක්ෂක සහ නිෂ්පාදක සුන්දර් සමග විවාහ වී සිටින්නීය.94399881 681073722703002 2609080036323310268 n

මීට වසර කිහිපයකට පෙර ඉන්දීය දේශපාලනයට එක් වූ ඇයට සිය සැබෑ නම වසන් කළ බවට විරුද්ධ දේශපාලන පාර්ශ්වවලින් චෝදනා එල්ල විය.


ළමා කලාකාරිනියක ලෙස හින්දි චිත්‍රපටවල රඟපෑ ඇය ඇගේ රංගනය ඇතුළත් සමහරක් ළමා ගීත දැනුදු ඉන්දියාවේ වාදනය වේ.

annaatthe 1635965406

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූවාක් මෙන්ම දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව ඇය යළි සිනමාවට පැමිණියේ 2021දී ඇය රජිනිකාන්ත් සමඟ අන්නත්තේ චිත්‍රපටයෙනි.

වර්තමානයේ නිළියකට වඩා සමාජයේ කීර්තිමත් අවස්ථා වෙනුවෙන් ආරාධනා ලබන ඇය බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ සිය කලා කටයුතුවලදී සිය පියා ඇයව චිත්‍රපට නිශ්පාදකවරුන්ට අලෙවි කරන්නට උත්සාහ කළ බව කියන ප්‍රකාශයත් සමග වේ.



බර්කා දත්ගේ 'ඉන්සයිඩ් අවුට්' වැඩසටහනේදී තම පියා ගැන අනාවරණ රැසක් කර තිබිණි. රැයකට රුපියල් 25,000ක මුදලක්ට අවුරුදු 16දී ඇය අලෙවියට උත්සාහ කළ බව කුෂ්බු පවසා තිබිණි.

Khushbu 2 20201013

ඩීඑම්කේ, භාරතීය ජනතා පක්ෂය සහ සිය දේශපාලන ගමන ගැනද එහිදී ප්‍රකාශ කරන්නීය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...