ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන වසරේදී කළුවර ජූලියක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4ක් පමණ බව ද ඔහු සඳහන් කළේය.
මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද නිහාල් වීරරත්න පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද සඳහන් කළේය.
"වාරකන් කාලය 2022 සැප්තැම්බර් අවසන් වුණා. එතැන ඉඳලා 2022 ඉතුරු කාලපරිච්චේද වගේම 2023 අප්‍රේල් දක්වාත් විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000ක නැව් 38ක් එන්න ඕනේ. මේ වෙද්දි අපිට ඇවිත් තියෙන්නේ නැව් 4ක් පමණයි. පස්වෙනි නැව වරායේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා ඒ නැව එන්න ප්‍රමාද වෙනවා. මේ නැව් 38 ලබාගත්තේ නැත්නම් අප්‍රේල් 15 වෙද්දි පැහැදිලිවම ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වෙද්දි ලොකු විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ 2023 දී කළුවර ජූලියක් එන්න පුළුවන්. දැනටමත් නැව් 20ක් ඇණවුම් කරලා එයින් 4යි ඇවිත් තියෙනවා. තව 16ක් තියෙනවා. ඒ නැව් හැකි ඉක්මනින් ළඟා කර ගැනීම අවශ්‍ය වෙනවා.
ලක්විජය විදුලි බලාගාරය රටේ අවශ්‍යතාවය ඇති විදුලි ප්‍රමාණයෙන් 45% ලබා දෙනවා. දැන් ගල්අඟුරු නොලැබුණොත් වෙනත් තාපවිදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගතහොත් ඒකට වැයවන පිරිවැය ඉතා විශාල මුදලක්. ලංකා විදුලිබල මණ්ඩලය විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අඩු මුදලකින් විදුලිය නිපදවා ගැනීමට. එහෙම නැති වුණොත් වෙන්නේ පැහැදිලිවම ලොකු විදුලිය විසන්ධි වීමකට යන්න වෙනවා. ඒ විදුලි කප්පාදුව මොනම විදියකින්වත් හදිසි විදුලිය මිල දී ගැනීමකින් කරන්න බෑ."
2023 කළුවර ජූලියක් ගැන අනතුරු ඇගවීමක්!
T
The Leader
November 28, 2022 • 12:19 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත්
- එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන වසරේදී කළුවර ජූලියක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
- මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4ක් පමණ බව ද ඔහු සඳහන් කළේය.
- මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද නිහාල් වීරරත්න පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



