BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කීර්තිමත් නළුවකු වුවත් බොන්ඩා මනි මිය ගියේ සරණාගතයකු හැටියටය

T

The Leader

January 4, 2024 • 5:08 AM

කීර්තිමත් නළුවකු වුවත් බොන්ඩා මනි මිය ගියේ සරණාගතයකු හැටියටය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'කඳුළු මැදින් සිනාසීම' යනු මිනිස් දිවියේ සාර්ථකභාවය සඳහා වැදගත් කුසලතාවක් වන බව බොහෝ කතාන්දර මැදින් අසන්නට ලැබේ.
  • හදිසියේ ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු මිය ගිය බව අනාවරණය කරගෙන තිබිණි.
  • චිත්‍රපට 270කට අධික සංඛ්‍යාවක ප්‍රහසන සහ සහාය චරිත සඳහා දායක වූ ඔහුගේ මුල් නාමය වන්නේ කේදීශ්වරන් වේ.
  • අනතුරුව සිනමාවට යොමු වීමේදී තිර නාමය ලෙස ඔහු බොන්ඩා මනි නාමය භාවිත කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන නළුවකු වන 'බොන්ඩා මනි'ද කඳුළ මැදින් තමන්ද හිනැහෙමින් සිනමා ප්‍රේක්ෂකයින් සැනසීමට කටයුතු කළ එවැන්නෙකි. 

එම සිනහවත් කඳුළු කතාත් අවසන් කොට මනි පසුගිය දෙසැමබර් 23 වැනිදා අභාවප්‍රාප්ත වූයේ වකුගඩු රෝගාබාධයක් හේතුවෙන් බව ඉන්දීය මාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

බොන්ඩා මනි 1983 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ගොස් තිබූ අතර මිය යන විට වයස අවුරුදු 60 සපුරා තිබිණි. හදිසියේ ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු මිය ගිය බව අනාවරණය කරගෙන තිබිණි.

චිත්‍රපට 270කට අධික සංඛ්‍යාවක ප්‍රහසන සහ සහාය චරිත සඳහා දායක වූ ඔහුගේ මුල් නාමය වන්නේ කේදීශ්වරන් වේ. අනතුරුව සිනමාවට යොමු වීමේදී තිර නාමය ලෙස ඔහු බොන්ඩා මනි නාමය භාවිත කර ඇත. ජනප්‍රිය 'බොන්ඩා' සඳහා දැක්වූ කැමැත්තත් සිය ගුරු ලෙස මගපෙන්වූ ගෞන්ඩාමනිගේ නමින් කොටසක් වන මනි යන්නත් ඈඳාගනිමින් ඔහුගේ තිර නාමය සකස් කරගෙන තිබේ.

විනර්, ඉන්ග්ලිශ්කාරන්, ආරු, මරුදමලෛ සහ කන්නුම් කන්නුම්, තනිමායි, සුන්දර ට්‍රැවල්ස්, මදුරෛ මනික්කුරුවර් යන චිත්‍රපටවල රඟපෑ ඔහු මන්නාරමේ ඉපිද ඉන්දියාව බලා ගොස් තිබුණේ ළමා සරණාගතයකු ලෙසයි.

තමිල්නාඩුව බලා බෝට්ටුවකින් යන අතරතුරදී එල්ල වුණ බෝම්බ ප්‍රහාරයකින් සිය පවුලේ අය මිය ගිය බව බොන්ඩා මනිගේ ජීවිතය ගැන කෙරෙන විවරණවලදී ඔහු විසින්ම පෙන්වා දෙනු ලැබූ කරුණකි.

සරණාගතභාවය යනු සුන්දර එකක් නොවන බවට බොන්ඩා මනිගේ ජීවිතය ශ්‍රී ලංකාව තුළම හොඳම උදාහරණයක් වන්නේ 1983දී මෙරට සිදු වූ ජනවාර්ගික සංහාරයේදී සිය පවුලේ සාමාජිකයින් සියලු දෙනා ඔහුට අහිමි වීම නිසාය. 

Unknown

ඉන්දියාවේ ජනප්‍රිය ප්‍රහසන නළුවෙකු වන වඩිවේල් සමගද බෙහෙවින් ළැඟ ඇසුරක් ඔහුට තිබී ඇත. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ශය සමග ක්‍රියාකාරී දේශපාලනයටද බොහෝ කොලිවුඩ් නළුවන් වාගේ ඔහුද සම්බන්ධ වී කටයුතු කළේය.

සරණාගතයකු වීමේ ඛේදවාචකය මෙන්ම සිය ජීවිතයේ සිදු වූ වංචා සහ නළුවෙකු වීම සඳහා මුහුණ දුන් අභියෝග මනි ඉතා සංවේදී ලෙස හෙළි කර තිබිණි. බොන්ඩා මනි ඉන්දීය පුරවැසිභාවය ලැබීමට කිහිපවර උත්සාහ කළද එය නොලැබීම හේතුවෙන් ඔහුට කෙදිනකවත් රටින් බැහැර ප්‍රසංග හෝ කලා කටයුතු සඳහා යොමු වීමට ඉඩකඩ සීමා වී තිබිණි. 

871756
2022දී රෝගාතුර වූ තැන පටන් වකුගඩු රෝගයට අදාළ ප්‍රතිකාර ගැනීමට ඔහුට සහාය වූයේ රජිනිකාන්ත්, ධනුශ්, විජේසේදුපති වැනි ජනප්‍රිය නළුවන්ය.

කෙසේනමුත්, අවසානයේදී කොතෙක් කීර්තිය ලබා ගත්තද මිය යන තුරුම ඉන්දියාවේ ඔහු අයත් වූයේ සහ ජීවත් වූයේ සරණාගතයෙකු යන අනන්‍යතාවය ඇතිවය. 

මීට මාස කිහිපයටකට පෙර මනි ඉන්දියාවේ 'කුමුදම්' වෙබ් අඩවිය සමග තම ජීවිතය ගැන ඉතා සංවේදී කතා කිහිපයක් පවසා තිබූ අතර ඔහුගේ ජීවිතය ගැන නොදත් කතා ගණනක් අපට එයින් වටහාගත හැකිය.



-බොන්ඩා මනිගේ සාකච්ඡා සහ විකිපීඩියා ඇසුරෙන් සැකසුණ ලිපියකි.   


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...