BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඉන්දීය සංගීතඥ රෂීඩ් ඛාන් සමුගනී

T

The Leader

January 10, 2024 • 1:40 AM

ඉන්දීය සංගීතඥ රෂීඩ් ඛාන් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතඥ විශාරද රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ.
  • ඔහුගේ වියෝව මුළු රටටම වගේම සමස්ත සංගීත ක්ෂේත්‍රයටම විශාල පාඩුවක්," යනුවෙන් බෙන්ගාලි මහ ඇමති මම්තා බැනර්ජි ප්‍රකාශ කළා ය.
  •   රෂීඩ් ඛාන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) දිනයේ දී සිදු කිරීමට නියමිත අතර ඔහුට ආචාර වෙඩිමුර සහිත රාජ්‍ය ගෞරවය පිරිනැමීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය. 

පිළිකා රෝගී තත්වයකට කොල්කටා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

රාම්පුර්-සහස්වාන් ඝරානා ගුරුකුලයට අයත් රෂීඩ් ඛාන්, එම ගුරුකුලයෙහි නිර්මාතෘ වන ඉනයාත් හුසේන් ඛාන් ගේ මී මුණුපුරා වේ.   



"මට ඔහුගේ මරණය දැනගන්න ලැබුණා. ඔහුගේ වියෝව මුළු රටටම වගේම සමස්ත සංගීත ක්ෂේත්‍රයටම විශාල පාඩුවක්," යනුවෙන් බෙන්ගාලි මහ ඇමති මම්තා බැනර්ජි ප්‍රකාශ කළා ය.  

රෂීඩ් ඛාන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) දිනයේ දී සිදු කිරීමට නියමිත අතර ඔහුට ආචාර වෙඩිමුර සහිත රාජ්‍ය ගෞරවය පිරිනැමීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...