BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කය මිය ගියත් හඬ මිය නොගිය කලාකරුවා

T

The Leader

January 10, 2024 • 4:20 AM

කය මිය ගියත් හඬ මිය නොගිය කලාකරුවා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජයගේ චරිත කතාව මේ වන විට සිනමා තිරය මත මැවීමේ කාර්යභාරය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
  • මිය ගිය බව කීවත් මේ දක්වා යළි නූපන් හඬක හිමිකරුවෙකි. විජය කුමාරණතුංග සිය නමින් ශ්‍රී ලාංකික කලා ඉතිහාසය තුළ තැබූ සලකුණු සදාතනික රසවිඳමකි.
  • එම විඳීම විජය කුමාරතුංග නමැත්තෙකු අප අතර නැතැයි හැඟීමක් ඇති කරන්නේ නැත.
  • ඒත්, විජය අයියා ඉක්මනින් ගායනයට යනවා." චන්ද්‍රලේඛා මහත්මිය එසේ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ ගායක භූමිකාව එහිදී විශේෂ කොට ඇත්තේදැයි අපි තවමත් නොදන්නෙමු. කෙසේ නමුත්, විජය චරිත කතාව ජීවමානව දැකීමට බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

rajnastrrhb copy

විජය යැයි කී පමණින් ලාංකික බොහෝ දෙනෙකු සිහි කරන රංගන ශිල්පියෙකි. මිය ගිය දේශපාලනඥයෙකි. මානවවාදී අදහස් දැරූවෙකි. මිය ගිය බව කීවත් මේ දක්වා යළි නූපන් හඬක හිමිකරුවෙකි. විජය කුමාරණතුංග සිය නමින් ශ්‍රී ලාංකික කලා ඉතිහාසය තුළ තැබූ සලකුණු සදාතනික රසවිඳමකි. එම විඳීම විජය කුමාරතුංග නමැත්තෙකු අප අතර නැතැයි හැඟීමක් ඇති කරන්නේ නැත.

vijaya lekha 1

ඔහු ඇසුරු කළ ඔහුගේ යුගයේ බොහෝ දෙනෙකු වියපත්ය. නො එසේ නම් අප අතරින් සමු ගනිමින් සිටී. චන්ද්‍රලේඛා පෙරේරා යනු මේ අතර විජයගේ හඬ සමග වඩා හොඳින් තම හඬ පෑහුණු ගායිකාවයි. විජය කුමාරණතුංග හා වැඩිම ගීත සංඛ්‍යාවක් ගීත ගායනා කළ ගායිකාව වන්නේද චන්ද්‍රලේඛාය. 

"සැරයටියෙන් අපි යනෙන තුරා 
සංසාරේ අපි එකට ඉමූ"



යැයි ගයමින් වත්මන් ආදර කතාවලද ගීතමය ඉඩක් වෙන් කරගැනීමට විජය කුමාරතුංග - චන්ද්‍රලේඛා පෙරේරා තවමත් දක්වන සමත්කම පුදුමාකාර එකකි. 

"මම විජය අයියා එක්ක යුග ගීත 24ක් කරලා තියෙනවා. ඔහු මම පුංචි කාලෙ ඉඳන් ආස කරපු නළුවෙක්. ඔහු සමග ගීත ගායනය කරන්න ලැබෙනකොට මම හුඟක් සතුටු වුණා." චන්ද්‍රලේඛා මහත්මිය පවසන්නීය.

110325472 2699361417053299 391570004709943741 n
තරුණ වියේ ප්‍රිය කරන තාරකාවක් සමග ගීත ගායනයට අවස්ථාවක් ලැබීම ගැන ඇය පැවසුවේ එසේය. විජය ගැන මතකය අවදි කරන්නට චන්ද්‍රලේඛාට කාලය ගත වන්නේ නැත. ඔහු ගැන මතකය වචනවලට පෙරළීමට ඇය පමා නොවූවාය. 

"ගායකයෙක් හැටියට මම විජය අයියගෙ දැක්කේ ඔහු ගීතයේ තනුව එකවර තමන්ගෙ මනසට උකහා ගන්නවා. පෙර සූදානමක් නැතුවම වුණත් ගීතයක් ගායනා කිරීමේ හැකියාවක් විජය අයියට තියෙනවා. ඒ කාලෙ මට ටිකක් වෙලාව යනවා පුහුණු වීමට. ඒත්, විජය අයියා ඉක්මනින් ගායනයට යනවා." චන්ද්‍රලේඛා මහත්මිය එසේ පවසයි.

ඈත එහා ඔබ, පුංචි පැලත් මේ කාලේ මාලිගා, මල් හසරැල් සැළුණ ලොවක්, මා දිනු ගම්බද යනාදී මතකයේ රැඳෙන ගීත ගණනක් ඔවුන් දෙදෙනා ගායනා කර තිබිණි. විජය මිය යන විට චන්ද්‍රලේඛා සමග ගීත ගායනා 24ක් අවසන් කර තිබිණි. 

''සහරාවේ සිහිනය'ට 'මල් හසරැල් සැළුණ ලොවක්' තමයි අන්තිමට මමත් එක්ක විජය අයියා ගායනා කර තිබුණේ. ගීත ගායනා කරන්න ගියාම හැමෝම එක්ක විහිළු කරමින් සිනාසී හිටපු ගායකයෙක්. වැරදි අඩුපාඩු කියමින් කතා කරලා නෑ. මගේ ගායන ජීවිතයේ ඒ විදිහේ ගායකයෙක් මම තවමත් දැකලා නැහැ."



විජය - චන්ද්‍රලේඛා ඉතා හොඳින් ගැලපෙන ගායන හඬ පෞරුෂ බවට විශ්වාස කෙරෙන වකවානුවක් එළඹී තිබූ නමුත්, සිනමා රංගනයට සහ දේශපාලනයට දුන් තරම් ප්‍රමුඛත්වයක් ගීත ගායනයට කාලය විජයගෙන් ලැබී තිබුණේ නැත. නමුත්, ඔහු ඉතා කෙටි කලකදී පවා බොහෝ ගීත සංඛ්‍යාවක් ගායනා කර තිබිණි.

"ඔහු අපට හමු වූ ඉතාම හොඳ මනුස්සයෙක්. තමන් දන්න දේ බලෙන් කාටවත් උගන්වන්න හැදුවෙ නෑ. ගීත ගායනයේදී පවා එහෙමයි. ඔහු ජීවත්ව සිටියා නම් විශාල පෙරළියක් කරන්නේ නෑ. සාමාන්‍ය ගායකයෙක් වගේ වැඩ කරාවි. නමුත්, ඔහුට තිබුණේ දුර්ලභ කටහඬක්. සංගීතය ගැන සාමාන්‍ය දැනීමක් තිබුණේ. ඒත්, ඒ හැකියාව හරිම දුර්ලභයි. තව දියුණු වෙනවා හිටියා නම්. මුළු රටේම මිනිස්සු ඔහුට ආදරෙයි. ඒත් අපිට ඔහු අහිමි වුණා."

vijaya 384

විජය කුමාරතුංගගේ වියෝව චන්ද්‍රලේඛා මහත්මියගේ හදවත කැළැඹූ හැටිද ඇය මෙසේ විස්තර කළාය. 

"විජය අයියා නැති වුණා කියලා රේඩියෝ එකේ කියනවා ඇහුණම මට පුටුවෙන් නැගිටගන්න බැරි වුණා. ඒ තරම් ඔහු මිත්‍රශීලීව අපිත් සමග හිටියා. එවෙලෙම මම සූදානම් වෙලා කොළඹ එන්න පිටත් වුණා."

විජය මිය ගිය දින ගැන එසේ කියවුණද ගීත ගායනයෙන්, රංගනයෙන් විජය යනු මිය ගිය මිනිසෙකු නොවන බව ඔහුගේ නිර්මාණ අපට තහවුරු කර හමාරය. 

සටහන - ශිවන්ති ප්‍රනාන්දු

shivfernando87@gmail.com

සබැඳි පුවත් :

විජයගේ ජීවිත කතාව රන්ජන් අතින් සිනමාවට නැගෙයි


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...