BREAKING
Top Ad
පුවත්

දමා නොයන ජනපති-අගමැති එළවීමට 28 වැඩ වර්ජනයක්

T

The Leader

April 26, 2022 • 7:42 AM

දමා නොයන ජනපති-අගමැති එළවීමට 28 වැඩ වර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා ඉල්ලීම් නොතකා තවදුරටත් බලයේ රැඳී සිටින ජනාධිපති-අගමැති ඇතුළු `පොහොට්ටු` ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග
  • කොළඹ, කොල්ලුපිටිය ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ මුලස්ථානයට ඊයේ [25] රැස්වූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නායකයෝ  තීරණය කර ඇත්තේ අප්‍රියෙල් 28 වැනිදා ඒකාබද්ධ සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමටයි.
  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමිති නායකයන් එම තීන්දුව ගත් දිනයේම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි බලය අත් නොහැර සිටීමට සහාය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා තිබේ.
  • ඒ, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන පාලනයකට රට භාර දෙන ලෙස ඉල්ලා මහනාහිමිවරුන් විසින් අප්‍රේල් 4 දා යවන ලද සංදේශයකට පිළිතුරු වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දියත් කිරීමටත්, උදාවන මැයි දිනය ඒ වෙනුවෙන් වෙන් කිරීමටත් කම්කරුවන් තීරණය කර තිබේ.

කොළඹ, කොල්ලුපිටිය ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ මුලස්ථානයට ඊයේ [25] රැස්වූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නායකයෝ  තීරණය කර ඇත්තේ අප්‍රියෙල් 28 වැනිදා ඒකාබද්ධ සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමටයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමිති නායකයන් එම තීන්දුව ගත් දිනයේම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි බලය අත් නොහැර සිටීමට සහාය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන පාලනයකට රට භාර දෙන ලෙස ඉල්ලා මහනාහිමිවරුන් විසින් අප්‍රේල් 4 දා යවන ලද සංදේශයකට පිළිතුරු වශයෙනි.

"ඔබවහන්සේලා ද සඳහන් කරන පරිදි  දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලු රජයන් වගකිව යුතු අතර, ඒවාට තාවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේවනවිට විධිමත් මාර්ගයකට  අවතීර්ණ වී ඇති බැවින්, එයින් නිසි ප්‍රතිපල ලබා ගැනීමට යම් කාලයක් අප වෙත ලබා දෙන මෙන් ඔබවහන්සේලාගෙන් දෙපා නැමැද ඉල්ලා සිටින අතරම ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරමි," යි ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 21 දා යවන ලද ලිපියක දැක්වේ.

අප්‍රේල් 28 දා වෘත්තීය ක්‍රියා මාර්ගයට එක් එක් වෘත්තීය සමිති සංගම් වල කැමැත්ත අනුව ලෙඩ නිවාඩු දමා හෝ වැඩ වරා හෝ දායක විය හැකිය.

මෙදින බස්නාහිර පළාතේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොළඹ -කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක් පවත්වා කොම්පඤ්ඤ වීදිය, පිත්තල හංදිය,කොල්ලුපිටිය ඔස්සේ ගාලු මුවදොර අරගල බිම වෙත පෙළපාලියේ ගමන් කිරීමට ද තීරණය කර තිබේ.

අනෙකුත් පළාත් වල වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නායකයන්ගේ අභිමතය පරිදි උද්ඝෝෂණ හා රැලි ජනාකීර්ණ නගර වල පැවැත්වීමට නියමිතයි.

සංකේත වැඩ වර්ජනයේ අරමුණු හා රටේ පවතින අර්බුදකාරිත්වය ගැන ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් මුද්‍රණය කොට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විසින් බෙදා හැරීමට ද මෙම හමුවේදී තීරණය කොට තිබේ.

ඊට අමතරව දිවයින පුරා  පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කෙරෙනු ඇත.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මැයි දිනය පැවැත්වීමට ද මෙහිදී තීරණයකට එළඹ තිබේ. ස්ටැන්ලි ජෑන්ස් පිටියෙන් ආරම්භ කෙරෙන මැයි පෙළපාලිය ගාලු මුවදොර අරගල බිම දක්වා පැමිණ එහිදී රැළියක් පැවැත්වේ.

PHOTO 2022 04 26 17 48 52 1
PHOTO 2022 04 26 17 48 52PHOTO 2022 04 26 17 48 53PHOTO 2022 04 26 17 48 53 1

 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...