BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්

කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්වන කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන අතරතුර ඔබේ නිරෝගීභාවය සහ ආරක්ෂාව සුරැකීමට අත්‍යවශ්‍ය ප්‍රායෝගික උපදෙස් පෙළක්.
  • පොත් ප්‍රදර්ශනේ කියන්නෙ ‘නොසැලකුවොත්’ ඔබේ සෞඛ්‍යය සම්බන්ධව ඉතාම අවුල් සහගත තත්ත්ව ඇති වෙන්න පුළුවන් තැනක්.
  • ප්‍රදර්ශනය ඇතුළෙ කිසිම කන බොන දෙයක් ‘අත් නොහෝදා’ හෝ ‘සැනිටයිස් නොකර’ අල්ලන්න නම් එපා.
  • (ටිකක් අපහසුයි තමා ඒක නම්) මේ දිනවල කැස්සක් එක්ක උණක් වැලඳෙන බවක් අහන්න ලැබෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):

පොත් ප්‍රදර්ශනයට එන ඔබ, ඔබේ සෞඛ්‍යය සම්බන්ධවත් හිතන්න

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තියෙන දවස් 10 ඇතුළත ලක්ෂ 10ක සෙනඟක් එනව කියල අනුමානයක් තියෙනව. පොත් ප්‍රදර්ශනේ කියන්නෙ ‘නොසැලකුවොත්’ ඔබේ සෞඛ්‍යය සම්බන්ධව ඉතාම අවුල් සහගත තත්ත්ව ඇති වෙන්න පුළුවන් තැනක්. ඔබ පොත් ප්‍රදර්ශනයට එනව නම්, මෙන්න මේ කාරණා ගැන සැලකිල්ලක් දක්වන්න.

විජලනයෙන් හා විෂබීජවලින් ආරක්ෂා වීම

වතුර බෝතලයක් හෝ බොන්න දියර ජාතියක් අරගෙන එන්න. දවල් දවස ඉතාම උණුසුම් මේ දවස්වල. ලොකු තිබහක් සහ වේළුණ ගතියක් දැනෙන්න පුළුවන්. ස්ටෝල්වල ඒසී සහ ෆෑන් දාල තියෙන්නෙ. ඔබෙ ශරීරය විජලනය වෙන්න දෙන්න එපා. ප්‍රදර්ශන භූමියෙ ‘ඇක්වාලයිෆ්’ සන්නාමයෙන් නොමිලේ වතුර බෙදන ස්ථාන ස්ථානගත කරල තිබුණත් ඒ තැන් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ වගෙම, සමහර වෙලාවට ඔබ ඉන්න තැන ඉඳල ඒ තැන්වලට යන්න අපහසු තරම් දුරක් තියෙන්නත් පුළුවන්. බොහෝ තැන්වල බීම වර්ග අලෙවිහල් තිබුණත්, ඒව තියෙන්නෙ ස්ටෝල්ස්වලින් එළියෙනෙ.

ප්‍රදර්ශනය ඇතුළෙ කිසිම කන බොන දෙයක් ‘අත් නොහෝදා’ හෝ ‘සැනිටයිස් නොකර’ අල්ලන්න නම් එපා. කුටිවල තියෙන හැම පොතක්ම ගබඩාවල තිබිලා, බිම තිබිල, එක එක වාහනවල ප්‍රදර්ශනයට ගෙනල්ල, මිනිස්සු සිය දාසක් අල්ලල, දවස් ගාණක් දූවිලි වැදිල තියෙන්නෙ. කුටිවල සේවය කරන අය වුණත්, ඒ පොත් අල්ලල සහ මුදල් එහෙම අල්ලල ඉන්නෙ. විෂබීජ උපරිම ඇති. කරුණාකරල, පොත් අල්ලල ‘ෆුඩ් කෝනර් එකට’ ගිහිල්ල කෑම අල්ලන්න එපා. අත් සෝදගෙන කරන දෙයක් කරන්න.


ශ්වසන අපහසුතා සහ කුඩා දරුවන්ගේ ආරක්ෂාව

Book-fair.jpg

මුව ආවරණයක් (මාස්ක් එකක්) දාන්න පුළුවන් නම් වඩාම හොඳයි. (ටිකක් අපහසුයි තමා ඒක නම්) මේ දිනවල කැස්සක් එක්ක උණක් වැලඳෙන බවක් අහන්න ලැබෙනව. වෙළෙඳකුටිවලත් සහෝදර සාමාජිකයො කීප දෙනෙක් අසනීපෙන් බව අහන්න ලැබුණා. ඊට අමතරව වෙළඳ කුටිවල එළල තියෙන බුමුතුරුණ පෑගෙද්දි සියුම් දූවිල්ලක් නිතරම කුටි ඇතුළෙ වායු පරිසරයෙ තියෙනව. (අපි රෑ වැඩ ඉවර වෙලා ගිහිල්ල නානකොට නහය පිරිසිදු කරද්දි, තද කළු ඝන පටලයක්/කබොලක් ගැලවිල එනවා)

අවුරුදු 10ට අඩු වගේ දරුවො සහ අත දරුවො බුක් ෆෙයාර් එකට ගේන්න එපා. සංවෘත වෙළෙඳ කුටිවලට ගේන්න එපා, දරුවන්ව එළියෙ තියන්න වැඩිහිටියෙක් එක්ක. මේ කුටි ඇතුළෙ තෙරපීම් වෙනවා. රස්නෙ වැඩි වෙනව සෙනඟ වැඩි වුණාම. දූවිල්ල තියෙනව. අසනීප මිනිස්සු ඉන්න පුළුවන්. රාක්කවල තියෙන පොත් පත් ඇඟට වැටෙන්න පුළුවන්.

විශේෂ සෞඛ්‍ය තත්ත්ව සහ අනතුරු වළක්වා ගැනීම

විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා තියෙන අය පරිස්සම් වෙන්න ටිකක්. මොකද: ප්‍රදර්ශන භූමියෙ පාද සිය දාස් ගාණකින් දූවිලි ඇවිස්සෙනව, උණුසුම ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් කුටි ඇතුළෙ සෙනඟ වැඩි වුණාම. සමහර කුටිවල උෂ්ණත්වය අධික වෙලා සිහි මූර්ඡා වීම් වෙන්න පුළුවන්. ආවෘත භීතිකාව (වැසුණු තැන්වලට බය) තියෙන අය පරිස්සමින්, වරින් වරේ සෙනඟ වැඩි වෙන වෙලා එනව ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න ම. කෑම තියෙන පැතිවල එක එක සුවඳ වර්ග අපහසුදායී විදියට දැනෙන්න පුළුවන්. කකුල්වල තුවාල සහ අපහසුතා තියෙන අය පරිස්සමින්, පෑගෙන්න පුළුවන් ඒව සෙනඟ වැඩි නිසා

ඔබේ ශරීරයේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න.

මිනිස්සු එහෙ මෙහෙ අරගෙන යන උණු කෑම වර්ග ඇඟේ හැලේවි, අවධානෙන් ඉන්න. වෙළෙඳකුටිවල එළල තියෙන බුමුතුරුණු, වයර්, රාක්කවල පාදවල ගැටිල ඔබ ඇදවැටෙන්න ඉඩ තියෙනව. කුටිවල බිම, රාක්ක අස්සෙ තියෙන වයර් අදින්න හෝ කඩන්න එපා. ඒව බොහොමයකගෙ විදුලිය සන්නයනය වෙනවා. රාක්කවල උඩ තියෙන පොත් ගනිද්දි සේවක සහය ගන්න. උඩ තියෙන බර සහ ලොකු පොත් ඔබ මතට ඇද වැටෙන්න ලොකු ඉඩක් තියෙනව. පොත් දාල තියෙන රාක්ක එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමට. පොත් නොවැටෙන්න ආධාරක විදියට කම්බි, ඇණ, තියුණු දාර සහිත උපකරණ පාවිච්චි කරල තියෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ ලෝහ පොත් රාක්කවල තට්ටුවල යට පැත්ත ඉතාම තියුණුයි. පරිස්සමින් අත් එහෙම දාද්දි, පොත් තෝරද්දි!

ඔබ නොදන්නවා වුණාට, මුද්‍රණයෙන් ගත්ත අලුත්ම පොත්වල කඩදාසි කැපෙන්නෙ ඉතාම සියුම් තලවලින් නිසා, පොත්වල පිටු සහ කවරයෙ කැපුම් දාරත් ඉතාම තියුණුයි. සරලවම; අලුත්ම පොත්වල පිටුවලට ඇඟිලි කැපෙන්න පුළුවන් සියුම් කැපුමක් විදියට.

වෙළෙඳකුටිවල ‘ගොඩ ගහල තියෙන’ පොත් අට්ටි හෝ පොත් පාර්සල් අදින්න යන්න එපා, ඒවගෙ ඉන්න අයගෙන් ඉල්ලන්න. ඒව බර පාර්සල්! ඇඟට වැටුණොත් හෝ ඇඟිලි එහෙම අහුවුණොත් තැළෙන්න පුළුවන්.

තෙරපීම මැද පෞද්ගලික ආරක්ෂාව සහ ඇවතුම් පැවතුම්

ඔබේ උපකරණ ගැන සැලකිලිමත් වෙන්න!

BMICH.jpg

මහ සෙනඟක් වටේ ඉන්න නිසා; කොපුව ගලවපු පෑන්, පැන්සල් අත්වල අරගෙන යන්න එපා! (ඇහැකට අඟලක් වගේ ළඟින් ඇනිල වුණ තුවාලයක් දැක්කා) සිය දහසක් සෙනඟ මැද්දෙ නිසා; ඔබේ බෑග් එකේ ‘කී ටැග්’ එකෙන් වටේ අයට වෙන්න පුළුවන් හානිය ගැන සැලකිලිමත් වෙන්න. (කී ටැග් එකක් දරුවෙක් ගෙ කොණ්ඩෙ පැටලිලා, ඇති වුණ ආරාවුලක් ඊයෙ දැක්කා)

මහ සෙනඟක් මැද්දෙ; අඩි උස සෙරෙප්පු, අඩිවල ඇණ තියෙන සපත්තු දාගෙන එන එක ගැන ටිකක් හිතන්න.

අනෙකගෙ ඔළුවෙ තමන්ගෙ මූණ ගෑවෙන තරම් සෙනඟ ඉන්න තැනක; කොණ්ඩවලට ගහන කොණ්ඩකූරු ගැන එහෙම සැලකිලිමත් වෙන්න.


කුඩයක් හෝ තොප්පියක් පාවිච්චියට ගන්න. මේ දවස්වල පුපුරන්න අව්ව! ඒ වගේම, ස්ටෝල් එකෙන් තව එකකට දුවගෙන යන්න බෑ, උරහිසෙන් උරහිස ගෑවෙන තරම් සෙනඟ. ගමන් වේගය, මන්දගාමියි. අව්වෙ ඉන්න වෙයි.

පොදු පහසුකම් භාවිතය සහ හදිසි වෛද්‍ය ආධාර

වැසිකිළි පාවිච්චියෙ දි පරිස්සම් වෙන්න. පුළුවන් නම් තමන් ළඟ ‘ටිෂූ’ පේපර් තියාගන්න. වැසිකිළි ගියාම, සීට් කවරයට තමන්ගෙ ටිෂූ පේපර් ටිකක් එළල ගන්න. වැසිකිළි පිරිසිදුයි තමයි. ඒත්… සියක් දහසක් පාවිච්චි කරනවනෙ. පාවිච්චි කරන්න කලින් වැසිකිළියෙ තත්වය බලල ඉන්න. සමහර ඒවගෙ ‘බිඩෙට් ෂවර් එක’ වැඩ නෑ! සමහර ඒවගෙ ‘සිස්ටන්’ එක (වතුර ටැංකිය) වැඩ නෑ! බලාගෙන!

වැදගත් - සිරිමාවෝ ශාලාව (අටපට්ටම් ලොකු ශාලාව) ඉස්සරහත්, පිටිපස්සෙත් වැසිකිළි දෙකක් තියෙනව. ඊට අමතරව මිහිලක මැඳුර (ගොඩගේ එක) ළඟ තව වැසිකිළියක් තියෙනව.

(කරුණාකරල, ‘සත්තු’ වගේ නැතුව වැසිකිළි පාවිච්චි කරන්න. ඊයෙ යනකොට එක වැසිකිළියක පිරිමි මුත්‍ර පෝච්චි දෙකක ටිෂූ දාල හිර කරල තිබ්බා! වැසිකිළි හතරක විතර සිස්ටන්ස් කඩලා)

හදිසි ශාරීරික අපහසුවක් ආවොත් (කලාන්තයක්… කැරකිල්ලක්…) වැටෙනකම්ම  ඉන්න එපා. ළඟම තියෙන වෙළෙඳ කුටියකින්, ඉන්න සේවකයින්ගෙන් උදව් ඉල්ලන්න. වාඩිවෙන්න පුටුවක් ඉල්ලගන්න. බොන්න වතුර ටිකක් ඉල්ලන්න. ප්‍රදර්ශනයෙ තියෙන ‘වෛද්‍ය උපකාරක සේවාව’ට දන්වන්න කියල ඉල්ලන්න.



(සටහන - චන්දික අබේවික්‍රම)
උපුටා ගැනීම - චන්දික අබේවික්‍රම ගේ ෆේස්බුක් පිටුවෙන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...