ගීතය යනු කුමක්ද?: සම්ප්‍රදායික කියවීම
ගීතය යනුවෙන් (ගේය පද) සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන්නේ වචන සහ සංගීතය සංකලනය කර නිර්මාණය කරන, සවනට මෙන් ම බුද්ධියට එක සේ ගෝචර වන සාමූහික කලා මාධ්‍යයකි.
මෙම මාධ්‍යයේ පැවතිය යුතු යැයි විශ්වාස කරන ප්‍රධාන අංග කිහිපයක් පවතී. එනම්:
* ගේය පද (වචන): ගීතයක භාෂාව සරල, තේරුම් ගත හැකි සහ ගායනයට පහසු (සුගේය) විය යුතුය යන්න.
* සංගීතය සහ තනුව: නාද රටා, තාලය සහ රිද්මය මත පදනම්ව ගීතයට මනරම් ස්වරයක් එකතු කළ යුතු ය යන්න.
* අර්ථ රසය සහ ශබ්ද රසය: මිනිස් සිතට සතුටක්, සැනසීමක් හෝ හැඟීමක් දැනවීම සඳහා අර්ථවත් පද මාලාවක් සහ ශබ්ද සංකලනයක් මෙහි අඩංගු විය යුතු ය යන්න.
* කාව්‍යමය නිදහස: විශාල වශයෙන් කවියකට සමාන වුව ද, කවියකට වඩා නිදහස් සහ සංගීතයට අනුව ගැයිය හැකි ආකෘතියක් ගීතය සතු විය යුතු ය යන්න.
මේ තමයි ගීයක් යනු කුමක් ද යන්නට සාම්ප්‍රදායිකව අපි සලකන ආකාරය සහ අපි හඳුන්වා ගන්නා ආකාරය.
සම්ප්‍රදායෙන් ඔබ්බට: 'සංගායනා' අලුත් වැඩක්
නමුත් ගීතයකින් මීට වඩා යමක් කළ නොහැකි ද…?
මෙන්න මේ පැනයට පිළිතුරක් සපයන අතර ම එය ප්රත්යක්ෂ කරමින් ප්‍රේක්ෂකයා, රසිකයා යන දෙපාර්ශ්වය ම එක විට ග්‍රහණය කරගත හැකි නිර්මාණයක් සමඟ ප්‍රවීණ කවියකු වන ජනක මහබෙල්ලන නුදුරු දිනක දී ඔබ හමුවට ඒමට සූදානමින් සිටියි.
ඔහුගේ මෙම කාර්යයට සංගීතය පැත්තෙන් සහය ලබා දෙන්නේ වයසින් අඩු වුව ද ප්‍රවීණ සංගීතවේදියකු වන මනුමිත් තොටලියනගේ ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව අද වෙන්වන්නේ එම දෙපළ සහ ඔවුන් ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින ''සංගායනා'' සංගීතමය වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමඟ ''සංගායනා'' සංගීතමය වැඩසටහනෙහි ගීත රචක, අධ්යක්ෂ ජනක මහබෙල්ලන සහ එහි සංගීත නිර්මාණ ශිල්පී මනුමිත් තොටලියනගේ කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝවයි.
(සටහන - ජයසිරි අලවත්ත)
වීඩියෝව:



