BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Derana Music Video Awards : වැඩිම සම්මාන 'මමාස් බෝයිස් ෆිල්ම්ස්'ට

T

The Leader

December 21, 2023 • 6:29 AM

Derana Music Video Awards : වැඩිම සම්මාන 'මමාස් බෝයිස් ෆිල්ම්ස්'ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා පැවති TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකේය මියුසික් වීඩියෝ කලාවට නිර්මාණශීලී මෙන්ම රසික හදවත් දිනා ගත් නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර වුණා.
  • ඒ TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, නිර්දේශ 9න් 7ක්ම "ඇස් වසා" ගීතයේ වීඩියෝව දිනා ගැනීමට සමත් වීම නිසාවෙනි.
  • මෙය දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ එක් ගීතයක් ලබාගත් වැඩිම සම්මාන ගණනයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අතරිනුත් බොහෝ දෙනාගේ අවධනය දිනාගත් මියුසික් වීඩියෝව බවට පත් වුණේ ලහිරු පෙරේරා විසින් ගායනා කරන, Mama’s Boys Films විසින් නිර්මාණය කරන ලද "ඇස් වසා" ගීතයේ වීඩියෝවයි.

WhatsApp Image 2023 12 21 at 4.11.12 PM 2
ඒ TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, නිර්දේශ 9න් 7ක්ම "ඇස් වසා" ගීතයේ වීඩියෝව දිනා ගැනීමට සමත් වීම නිසාවෙනි. මෙය දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ එක් ගීතයක් ලබාගත් වැඩිම සම්මාන ගණනයි.

2022 වසරේ හොඳම සංගීත වීඩියෝව:
හොඳම ශ්‍රී ලංකන් පොප් වීඩියෝව - 2022
හොඳම අධ්‍යක්ෂණය - Mama’s Boys Films
හොඳම කැමරාකරණය - දිමුතු කාලිංග
හොඳම සංස්කරණය - සිතුම් සමරජීව
හොඳම කලා අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙණිය
වීඩියෝවක හොඳම නිළිය - මංජු ද සිල්වා

WhatsApp Image 2023 12 21 at 4.11.11 PM

මෙවන් අපුරු වීඩියෝවක නිර්මාණකරුවන් බවට පත් වුණේ Mama's Boys Films කණ්ඩායමයි.

නිර්මාණශීලිත්වය මෙන්ම ප්‍රඩක්ෂන් කොලිටිය පැත්තෙනුත් හොඳම දේ තමන්ගේ නිර්මාණවලට එක්කරගෙන තියෙනවා කියන එකට හොදම උදාහරණය තමයි Mama's Boys Films කණ්ඩායම අතින් නිර්මාණය වුණු සම්මානනීය රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපය.

හොඳම අධ්‍යක්ශණය සඳහා වන සම්මානය ලබාගත් මමාස් බෝයිස් හි නිර්මාතෘ ඉල්හාම් හොසන් ඔවුන් එක් නිර්මාණයක් කිරීමට ඉතා දැඩි ශ්‍රමයක් දරණ බවත්, එය ඔවුන්ගේ සියලුම නිර්මාණවලින් දැකගත හැකි බවත්, ඒ ආකාරයෙන්ම දැඩි අධ්‍යයනයකින් සහ පරිශ්‍රමයකින් ගොඩ නගන ලද චිත්‍රපටිය සඳහා නිශ්පාදකයෙකු සිටී නම් ඔහු අමතන ලෙස කියා සිටියේය.



වත්මන් ශ්‍රී ලාංකීය සිනමාකරනයටත් මෙවන් රූපමය වටිනාමක් එක් කළ හැකි නිර්මාණශීලි පිරිස්‌ බොහොමයකගේ එක්වීම කලාවක් විදියට ආස්වාදජනක දෙයක් වෙයි.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...