BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Interstellar ප්‍රතික්ෂේප කළ දුර්ලභ නළුවා ඔහුය

T

The Leader

January 8, 2024 • 4:04 AM

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Interstellar ප්‍රතික්ෂේප කළ දුර්ලභ නළුවා ඔහුය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට වසර හතරකට උඩදී ගණන් කළ නොහැකි තරමේ රසික සමාජයක් හඬවමින් අප අතරින් වියෝ වූ චරිතාංග බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගේ ජන්ම දිනය ඊයේ (07) දිනයට යෙදී තිබිණි.
  • ඉර්ෆාන් හින්දි සිනමාවට මෙතෙක් පහළ වූ ජාත්‍යන්තර මට්ටමේ වටිනාකම් ඇති විශිෂ්ටතම නළුවෙකි.
  • නමුත්, ඉතා අවාසනාවන්ත ලෙස 2020 අප්‍රේල් මාසයේදී ඔහු අපෙන් සමුගත්තේ ඔහුට වැළඳුණු පිළිකාවට මුහුණ දීමේ ශක්තිය අවසන් වීමත් සමගය.
  • ඉර්ෆාන් ජීවත්ව සිටියේ නම් අදට වයස අවුරුදු 57කි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ක්‍රිස්ටෝපර් නෝලන් ජනප්‍රිය බ්‍රිතාන්‍ය චිත්‍රපට නිමැවුම්කරුවාගේ Interstellar චිත්‍රපටය ඉර්ෆාන් ප්‍රතික්ෂේප කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණක් නමුත්, මේ නළුවාගේ විශිෂ්ටත්වය මැන ගැනීමට එම සිදුවීම සිහිපත් කිරීම ඉතා වැදගත්ය. ඔහු එම චිත්‍රපටය ප්‍රතික්ෂේප කළේ මන්ද යන්න ඔහුගේ ජන්ම දිනය සමරන දිනයේ සිහිපත් කිරීම තරම් වෙනත් සුදුසු දිනයක් නොමැත.

15881665985ea97fc644939 1588166598 3x2 rt
ඉර්ෆාන් හින්දි සිනමාවට මෙතෙක් පහළ වූ ජාත්‍යන්තර මට්ටමේ වටිනාකම් ඇති විශිෂ්ටතම නළුවෙකි. නමුත්, ඉතා අවාසනාවන්ත ලෙස 2020 අප්‍රේල් මාසයේදී ඔහු අපෙන් සමුගත්තේ ඔහුට වැළඳුණු පිළිකාවට මුහුණ දීමේ ශක්තිය අවසන් වීමත් සමගය.

ඉර්ෆාන් ජීවත්ව සිටියේ නම් අදට වයස අවුරුදු 57කි. වසර 30කට අධික කාලයක් නියැලුණ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් තිබූ මේ නළුවා The Darjeeling Limited, Slumdog Millionaire, The Amazing Spider-Man, Life Of Pi, Jurassic World, Inferno සහ තවත් ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘතිවලද කටයුතු කළ අයෙකි.

gggg 900x506

සත්‍ය කතා මත පදනම් වූ හොඳම බොලිවුඩ් චිත්‍රපට අතර නම් කියැවෙන චිත්‍රපට 10 අතරේ No one Killed Jessica, Airlift, Neerja සිට Super 30 දක්වාත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 2014 නිමැවුණ චිත්‍රපටය වන Interstellar චරිතයක් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු ජීවත්ව සිටියදී වරක් හෙළි කළේය.

එයට හේතුව ලෙස ඉර්ෆාන් පෙන්වා දුන්නේ 'දින වෙන් කිරීමට නොහැකි කාලසටහන් පිළිබඳ ගැටලු හේතුවෙන් තමන්ට එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවය. Interstellar භූමිකාව භාර ගතහොත් මාස 4ක කාලයක් එක්සත් ජනපදයේ නැවතී සිටීමට සිදු වන අතර ඒ වන විට තමන් LunchBox සහ D-Day සඳහා ඉන්දියාවේ සිටීම අනිවාර්ය බවත්ය.

විශිෂ්ට ගණයේ නළුවෙකු වූ ඉර්ෆාන්ගේ විශිෂ්ටත්වය කීමට මේ කතාව ප්‍රමාණවත්ය. තමන්ට හිමි වන මුදල, කීර්තිය සලකා භාරගත් වැඩ අතහැර දැමීමට පවා හැකියාවක් නළුවකුට තිබුණත් ඔහු එසේ නොකළ නළුවෙකි. එවැන්නන්ගේ නික්මයාම බොලිවුඩයට සදාතන පාඩුවක් වන්නේද එහෙයිනි.

සටහන - ශිවන්ති ප්‍රනාන්දු

shivfernando87@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...