BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

THE MIRROR : ෆැන්ටසියේ වෘත්තාකාර ගමන - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader

November 11, 2023 • 11:52 AM

THE MIRROR : ෆැන්ටසියේ වෘත්තාකාර ගමන - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NETFLIX සමාගමේ ඉන්දීය අංශය විසින් ඉදිරිපත් කරන ලද LUST STORIES කතා මාලාවේ දෙවෙනි කතාව
  • ඒ වෙනුවට මෙහි ඇත්තේ අග සහ මුල එක්කරන ලද වෘත්තාකාර චලනයකි.
  •  ඔවුන්ගේ දෛනික ජීවිතය සකස් වී ඇත්තේ, ඒකතානමය ආකාරයකිනි.
  •  හිසරදය නිසා ඉෂීතා සවස 3 ට පමණ පෙරළා නිවසට පැමිණෙන අතර, ඇය කලබලයකින් තොරව, නිහඬව නිවස තුලට ගමන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, THE MIRROR නම් කෙටි චිත්‍රපටය ගැන අප විශ්ලේෂණයක් කරමු. මේ කතා මාලාවේ විශේෂය වන්නේ, ඉන්දියානු ස්ත්‍රියගේ දෘෂ්ටිකෝණයෙන්, ආශාව සහ සතුට නිදර්ශනය කිරීමයි. නූතන විවාහයට එරෙහිව පශ්චාත්-නූතන විවාහය යනු තහංචියට එහා  ගමන් කර තහනම් දෙය හිමි කර ගැනීම සහ එහි ආනිශංසයන්ගේ තිත්ත රසය විඳීම නූතන ජීවිතයේ දයලෙක්තික  හරයයි. 

 “දර්පණය”  නැතිනම්  MIRROR චිත්‍රපටයේ කතාව සැකවින් මෙසේය.

 මෙය මුල, මැද, අග වශයෙන් සංවිධානය කරන ලද කතාවක් නොවේ. ඒ වෙනුවට මෙහි ඇත්තේ අග සහ මුල එක්කරන ලද වෘත්තාකාර චලනයකි.  එම නිසාම, එකම දෙය යළි යළිත් සිදුවීම ගමන් කරයි.

ඉෂීතා යනු  දික්කසාද වූ  මධ්‍යම පාන්තික ස්ත්‍රියකි. ඇය විලාසිතා මවන සමාගමක කාර්යබහුල රැකියාවක් කරයි. එනිසාම, ඇයට තම නිවසේ දෛනික වැඩ කටයුතු කරගැනීමට ගෘහ සේවිකාවකගේ අවශ්‍යතාවය තදින් පවතියි.  එමනිසා,  ඉෂීතා විසින් ”සීමා” යන නමින් යුතු කාර්යක්ෂම සහ අවංක ගෘහ සේවිකාවකගේ සහාය ලබාගනී.  ඔවුන්ගේ දෛනික ජීවිතය සකස් වී ඇත්තේ, ඒකතානමය ආකාරයකිනි.  ඉෂීතා හිමිදිරියෙන් සේවයට යන අතර තුළදී  සීමා ඇයගේ ගෘහ කටයුතු සහ ඉවුම්-පිහුම්  කටයුතු සඳහා එන අතර, හවස් වරුවේ නිශ්චිත වේලාවකට ඇය නිවසින් ඉවතට යයි.


දිනක් ඉහත ඒකාකාරී දින චර්යාව බිඳ වැටෙන ක්ෂතිමය සිදුවීමක් සිදු වෙයි.  හිසරදය නිසා ඉෂීතා සවස 3 ට පමණ පෙරළා නිවසට පැමිණෙන අතර, ඇය කලබලයකින් තොරව, නිහඬව නිවස තුලට ගමන් කරයි.  එවිට ඇය දකින්නේ, වික්ෂිප්ත වන දර්ශනයකි. ඉන් නිරූපණය වන්නේ සීමා සහ ඇගේ සැමියාගේ වියරු ලිංගික ජවනිකාවයි. එය  සිදුවන්නේ, ඉෂීතාගේ නිදනාගාරයේ නිදන ඇද මතමය. නමුත්, ප්‍රේක්ෂකයා විමතියට පත් කරමින් සහ සීමාව පවා, විමතියට පත්කරමින් ඉෂීතා හැසිරෙන්නේ, අනපේක්ෂිත ආකාරයකින් ය. ඇය සීමාට හඟවන්නේ, ඇය දුටු දර්ශනය ගැන අමතර කලබලයක් ඇති කරගත යුතු නැති බව ය.

se4r33
මෙම සිදුවීම ඉන්පසු දෛනික තලයක සිදුවන අතර, එය පාර්ශවකරුවන් දෙදෙනාටම හුරු පුරුදු දෙයක් වෙයි. ඒ අනුව දෛනිකව ‘සීමා’ දෛනික රාජකාරී කටයුතු සඳහා ඉෂීතාගේ නිවසට එන අතර, හවස්වරුවේ ඇය නිවසට එන වේලාව ආසන්නයේ, සීමා තම සැමියාව එම නිවසට කැඳවන අතර, එහි දී ඉෂීතාගේ නිදන ඇඳ මත ඔවුන්ගේ රමණ ජවනිකාවක් දිග හැරෙයි.  එම කාමරය අසල පවතින කවුලුවකින් කාමරය තුළ සිදුවන ‘ලිංගික ජවනිකාව’  තල දර්පනයක් මගින්, ඉෂීතා නරඹයි. මෙම ජවනිකාව, රාජකාරියක් සේ යළි යළිත් සිදුවෙයි.  මෙම දෛනික සිදුවීමේ පුනරාවර්තනය, දිගටම සිදු වන අතර, එක් දිනක අනපේක්ෂිත සිදුවීමක් සිදුවෙයි. අහම්බයකින් බිත්තිය මත ගමන් කරන හූනකු දැක ඉෂීතාට කෑ ගැසෙන අතර, ඉන් ජවනිකාව හදිසියේ නතර වෙයි.

මෙම හදිසි තත්ත්වය නිසා, සීමා සහ ඉෂීතා අතර අහඹු ස්වයං සම්මුඛ වීමක්  සිදුවන අතර, එහිදී දෙදෙනා අතර රණ්ඩුවක් නිර්මාණය වෙයි. ඉෂීතා එහි දී, සීමා ගෙන් මෙසේ අසයි.  ‘ලැජ්ජා නැද්ද මගේ ම ඇඳ උඩ මේ වගේ දෙයක් කරන්න’.   එවිට සීමා ද තම ස්වාමි දුවට මෙසේ පිළිතුරු දෙයි.    ‘ ඇයි ඔයා, ඒක දන්නේ නැහැ වගේ කතා කරන්නේ? ඔයා ඒක කැමැත්තෙන් කරන දෙයක්’.  දෙදෙනා අතර වන මෙම විරසකය නිසා, ඉෂීතා විසින් සීමා ව තම නිවසින් එළවා දමයි. කාලය ගතවෙයි.  දිනක් වෙළඳපොලක දී, අහම්බයකින්  ඉෂීතා සහ සීමා නැවත එකිනෙකාට මුණ ගැසෙයි.  ඒ වන විට, දෙදෙනාම හෙම්බත් වී සිටිති.  සීමා ට වැඩ කිරීමට හොඳ තැනක් හමු නොවන අතර, ඇය තරම් හොඳ සේවිකාවක් ඉෂීතාට ද නැවත හමු වී නැත. යථාර්ථයේ නීති-රීති අනුව දෙදෙනාම දෙදෙනාටම අවශ්‍ය කරයි.  චිත්‍රපටය අවසන් වන්නේ නිශ්ශබ්දව දොරක් අරින දර්ශනයකිනි. එය අරින්න උත්සාහ කරන්නේ කවුද කියා අපට නො පෙනෙන්නේ,  අප නිවස අභ්‍යන්තරයේ සිට චිත්‍රපටය නරඹන නිසා ය. නමුත්, ප්‍රේක්ෂකයන් ලෙස අප දන්නා රහසක් අපට ම හෙළිදරව් වෙයි.  අපගේ දැනුම වන්නේ,  ඉෂීතා සහ සීමා යළිත් එකතු වන්නේ, යථාර්ථයේ ඔවුන්ට සම්මුඛ වූ දුෂ්කරතා නිසා නොව ඔවුන් දෙදෙනාගේ ලිංගික ක්‍රීඩාවෙන් ඔවුන් ලැබූ අමතර විනෝදය නිසාය, යන කාරණයයි.  එනම් ෆැන්ටසි සාධකයයි.

sdr3wr4
චිත්‍රපටියේ දී අපට ලෝක දෙකක් එකිනෙකට සම්මුඛ කරයි. එක පැත්තක අන්ත දරිද්‍රතාවය ඇත. එම දරිද්‍රතාවය කෙතරම් අන්තයකට ගමන් කරන්නේද යත් සීමා ට තම සැමියා සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට නිදහස් ස්ථානයක් පවා නැත. අනෙක් අතට ඉෂීතාගේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට, ඇයට සියලු සම්පත් සහ දෛනික ආදායමක් පවා ඇත. එපමණක් නොව සීමා ට නැති දෙය ඇයට තිබේ. තම නිවසේ නිදහස්  කාමරයක් ඉෂීතාට ඇත. නමුත්, ඒ සඳහා පිරිමියෙක් ඇයට නැත. මේ විරුද්ධාභාසය නූතන විවාහයේ ප්‍රධාන මුහුණත බවට පත්වී ඇත.


පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන් විවාහය දෙස නරඹා නිපදවා ඇති චිත්‍රපට ඕනෑ තරම් ඇත. නමුත් ස්ත්‍රියගේ ආත්ම මූලිකත්වයේ දෘෂ්ටිකෝණයට අනුව, නිපදවන ලද චිත්‍රපටයක් කෙවැනි ආකෘතියක් ලබා ගනීවි දැයි, යන්න මේ දක්වා පැවතියේ ප්‍රහේලිකාවක ස්වරූපයෙනි. නමුත් මෙම ‘කැඩපත’ කෙටි චිත්‍රපටය අපට පෙන්වන්නේ, නැරඹුම් කාමය (VOYEURISM) ස්ත්‍රී දෘෂ්ටිකෝණයකිනි.  එසේ පෙන්වූ විට යථාර්ථය නම් ප්‍රබන්ධයේ ප්‍රබන්ධ මානය හෙළිදරව් වන අතර, එහි අසංගතභාවය ද විසරණය වෙයි.


දික්කසාද වූ ස්ත්‍රියකගේ, ෆැන්ටසි මානය  ‘සීමා’ නම් දුප්පත් ස්ත්‍රියගේ ලිංගික ජීවිතය වීම පුදුම සහගතය. යථාර්ථය තුළ දී මේ පන්ති දෙක පසමිතුරු ය. නමුත් ෆැන්ටසිය මේ පන්ති දෙක අතර, කල්පිත පාලමක් නිර්මාණය කරයි. එය හරියට, ඩයස්පෝරා සිංහලයන්ට ලංකාව නම් දුප්පත් රටෙන් දෙමළා, මුසල්මානුවා, බෞද්ධයා වැනි ෆැන්ටසි ප්‍රතිරූප තම මානසික සංගතභාවය සඳහා අවශ්‍ය වන්නාක් මෙනි.  ‘සත්‍යය’ අපට හමුවන්නේ, දුප්පත්කම හෝ අසරණයන් තුළ නොව අප තුළමය.

 

 
Deepthii 2021(දීප්ති කුමාර ගුණරත්න)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
kmgunarathne@gmail.com
(3mana.com)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...