BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි - (සමන් අතාවුදහෙට්ටි)

T

The Leader

November 15, 2023 • 11:29 AM

නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි - (සමන් අතාවුදහෙට්ටි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම වසර ගණනාවක් ජනාධිපති සම්මාන උළෙල මෙහෙයවා ඇත්තෙමි.
  • සම්මාන උළෙල දා උදෑසන මා ඇමතූ මහාචාර්ය සුනිල් ආරියරත්න කීවේ, නන්දා මාලිනි 2020 හොඳම ගායිකාව ලෙස නිර්දේශ වී ඇති බවය.
  • අසනීප තත්වය නිසා ඇවිදීමේ අපහසුතාවක් ඇති බවද, එනමුදු ඇය කෙටි වේලාවකට හෝ උළෙලට සහභාගී වන බවද කී ඔහු මගෙන් ඉල්ලීමක් ද කළේ ය.
  • යම් හෙයකින් ඇය සම්මානයට පාත්‍ර වුවහොත්, ඇයට වේදිකාවට ඇවිද එන්නට අපහසු බව කී සුනිල් මගෙන් ඉල්ලා සිටියේ අවස්ථාවට ගැලපෙන පරිදි ඒ අපහසුව නිවේදනය කරන ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):


හැබැයි මට මා ගැන වඩාත්ම සතුටක් සහ ආඩම්බරයක් ඇති වූ සම්මාන උළෙල 2023 සම්මාන උළෙල යි.

සම්මාන උළෙල දා උදෑසන මා ඇමතූ මහාචාර්ය සුනිල් ආරියරත්න කීවේ, නන්දා මාලිනි 2020 හොඳම ගායිකාව ලෙස නිර්දේශ වී ඇති බවය. අසනීප තත්වය නිසා ඇවිදීමේ අපහසුතාවක් ඇති බවද, එනමුදු ඇය කෙටි වේලාවකට හෝ උළෙලට සහභාගී වන බවද කී ඔහු මගෙන් ඉල්ලීමක් ද කළේ ය.

යම් හෙයකින් ඇය සම්මානයට පාත්‍ර වුවහොත්, ඇයට වේදිකාවට ඇවිද එන්නට අපහසු බව කී සුනිල් මගෙන් ඉල්ලා සිටියේ අවස්ථාවට ගැලපෙන පරිදි ඒ අපහසුව නිවේදනය කරන ලෙස ය. ඇගේ දියණියක හෝ සහෝදරියක වේදිකාවට පැමිණ සම්මානය ලබා ගනු ඇති බව ද ඔහු පැවසීය.

ගායක ගායිකාවන් උදෙසා සම්මාන පිරිනමන අවස්ථාව එළැඹිණි. ඒ අදියරෙහි සම්මාන පිරිනමමින් සිටියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ය.

2020 හොඳම ගායිකාව ලෙස සම්මානය නියමිත කවරය විවෘත කර නම නිවේදනය කරන්නට සැරසුණෙමි.

නන්දා මාලිනී යනුයෙන් එහි සටහන් වී තිබිණි. 

 

ඒ නම නිවේදනය නොකළ යුතු යැයි එසැණ සිතිවිල්ලක් මට පහළ විය.

මම රාජ්‍ය අමාත්‍යතුමා වෙත ගියෙමි.

" පොඩි වෙනසක් කරන්න උත්සාහ කරමු ද?” ඇසීමි.
ඔහු එකඟ විය.

අපි දෙදෙනා සම්මානයත් රැගෙන වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගරය වෙත ගියෙමු.

‘කොහෙද මේ යන්නෙ? නමක්වත් එනවුන්ස් කළේ නෑනේ...”

මුල් පෙළ අසුන් ගෙන සිටි ආචාර්ය සෝමරත්න දිසානායක ඇසීය. මම ටිකක් ඉන්න යැයි සෝමෙ අයියාට අතින් සන් කරමින් ඇවිද ගියෙමි.

අප මේ යන්නේ නන්දා මාලිනිය අසළට ම ගොස් සම්මානය පිරිනැමීමට ය.

ඒ අතර තවත් දඩබ්බර සිතිවිල්ලක් සිතට නැගිණි. එය සම්ප්‍රදාය විරෝධී කාරියකි. නමුත් සම්ප්‍රදායන් කඩන්නට හයියක් නැත්නම් අපෙන් ඇති පලය කිම?

මම ජනාධිපතිතුමන් වෙත ගොස් නන්දා මාලිනියට කරන ගෞරවයක් ලෙස මේ සම්මානය පිරිනමන ලෙස ඉල්ලා සිටියෙමි.

ජනාධිපති සම්මාන උළෙල ඇරඹූ දා පටන් මේ දක්වා හොඳම ගායිකාවට ජනාධිපති අතින් සම්මානයක් පිරි නමා නැත.

ජනාධිපතිතුමාත්, විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනත්, සම්ප්‍රදාය බිඳින්නට මේ කාර්යය කරන්නට එකඟ වූහ. එසේ කිරීම වඩාත් සුදුසු  බව රාජ්‍ය අමාත්‍යතුමාද පැවසීය.

නිල අවසරය ලැබිණි.

වැඩේ තීන්දුය..!

ජනාධිපතිතුමා සිය අස්නෙන් නැගිට නන්දා මාලිනිය වෙත ගියේය.

අන්දුන්කුන්දුන්ව මා පිටුපසින් දිව ආ සහෝදර නිවේදකාවන් දෙදෙනා අත තිබූ එෆ් එම් මෛක්‍රෆෝනය ගත් මම නිල නිවේදනය කළෙමි.



 " හොඳම පසුබිම් ගායිකාව - ආචාර්ය නන්දා මාලිනී....!”

ජනාධිපතිතුමා නන්දක්කාට සම්මාන පුද කළේ ය. මුළු සභාවම නැගී සිට ගෞරවාචාරය දැක්වූහ. ජනාධිපතිතුමා දෑත ඉහළට ඔසවා අත්පොලොසන් දුන්නේ ය.

ඡායාරූප ශිල්පියෝ එකා පිට එකා නගිමින් පින්තූර ගත්හ.

xfge444
‘හැටතුනේ ඔබතුමියට මුල් වරට සම්මානෙ දෙද්දිත් මම ශාලාවෙ ඉඳන් අත්පුඩි ගැහුවා...’ ජනාධිපතිතුමා නන්දක්කා වෙත නැවී පැවසීය.

‘සර් හැමෝටම ඇහෙන්න ඔය කතාව කියන්නකෝ..’ කියා මම එතුමාට ළංව ඉල්ලීමි. මා අත තිබූ මෛක්‍රෆෝනය එතුමාට දුන්නෙමි.

‘1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.”

ජනාධිපතිතුමා පැවසීය. 

ශාලාවේ සිටි සහෘදයෝ යළිත් අත්පොළොසන් නැගූහ.

නන්දක්කාට සුබ පැතූ ජනාධිපතිතුමා සිය අසුන වෙත ගියේ ය.

මමත් රාජ්‍ය අමාත්‍යතුමාත් වේදිකාවට ගියෙමු.

නන්දා මාලිනියට ආයුරාරෝග්‍ය සම්පත් පතමින් යළිදු වරක් නැගී සිට ගෞරවය සහ ආදරය පිරිනමන ලෙස මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියෙමි.

සියල්ලෝ නැගී සිට ආචරය පුද කළහ.

nanda saman
නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි. නිහතමානී ආඩම්බරයකි.!


Saman Athaudahetti(සමන් අතාවුදහෙට්ටි)
ප්‍රවීන නිවේදක හා ගීත රචක
saman4media@yahoo.com

සමන් අතාවුදහෙට්ටි ගේ ෆේස්බුක් පිටුවෙන්..

 

 
සබැඳි පුවත් :
ජනාධිපති සිනමා සම්මාන උලෙළ : හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලිනි

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...