BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මෙවර බුකර් සම්මානය පෝල් ලින්ච්ගේ Prophet Song නවකතාවට

T

The Leader

November 30, 2023 • 2:06 AM

මෙවර බුකර් සම්මානය පෝල් ලින්ච්ගේ Prophet Song නවකතාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ප්‍රකට බුකර් ත්‍යාගය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච්ගේ Prophet Song නවකතාවට මෙවර (2023) හිමි විය.
  • ඔහු වෙත සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ පසුගිය වසරේ (2022) බුකර් සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක විසිනි.
  • Prophet Song ලින්ච්ගේ පස්වැනි කෘතිය වන අතර එය සිය දේශය තුළ ඒකාධිපතිවාදය තහවුරු වන, යුද්ධයක් කරා ඇදී යන පසුබිමක සිය කුටුම්භය සුරැකීම පිණිස කාන්තාවක කරන අඛණ්ඩ අරගලය පවසයි.
  • "අපගේ වර්තමාන මොහොතේ සමාජ හා දේශපාලන කනස්සල්ල ග්‍රහණය කරගන්නා ආත්මය කම්පා කරවන සුළු සැබෑ නවකතාවක් ලෙසින් ප්‍රොපට් සෝන්ග් විනිශ්චය මණ්ඩලය විසින්ද හඳුන්වා දෙනු ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලන්ඩනයේ බිලිංස්ගේට්හිදී පෙරේදා (26) රාත්‍රියේ පැවැති 2023 බුකර් සම්මාන උළෙලේදී අවසන් වටයට තෝරාගත් කෘති 6ක් අතරින් Prophet Song සම්මානයට පාත්‍ර වූ අතර මුදලින් පවුම් 50,000ක් ජයග්‍රාහකයාට ප්‍රදානය කෙරුණි. ඔහු වෙත සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ පසුගිය වසරේ (2022) බුකර් සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක විසිනි.

අවසන් වටයට තේරුණු අනෙකුත් කෘතීන් අතරින් පෝල් ලින්ච්ගේ කෘතිය තෝරාගැනීම විනිශ්චයමණ්ඩල සභාවට ඉතා අභියෝගාත්මක තත්ත්වයක් ඇති කළ බවත් පැය හය ඉක්මවූ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව ජයග්‍රාහී කෘතිය තෝරාගත් බවත් විනිශ්චයමණ්ඩල සභාවේ ප්‍රධාන විනිසුරු එසී එඩියුගන් පැවසීය.

අයර්ලන්ත ලේඛකයකු වන පෝල් මුරාරිගේ The Bee Sting, කෙන්යානු චේත්නා මාරෝගේ Western Lane, ඇමරිකානු පෝල් හාර්ඩිංගේ This Other Eden, ජොනතන් එස්කෝෆෙරිගේ If I survive You, සාරා බර්න්ස්ටයින්ගේ Study For Obedience යන අවසන් වටයේ නිර්දේශිත අනෙකුත් නවකතා පහද ජයග්‍රාහී කෘතිය තරම්ම වැදගත් අදහස් රැගත් කෘතීන් බවයි එම ප්‍රකාශය මගින් බොහෝ දුරට හැඳින්වුණේ.

Booker Prize 2023.11.30

Prophet Song ලින්ච්ගේ පස්වැනි කෘතිය වන අතර එය සිය දේශය තුළ ඒකාධිපතිවාදය තහවුරු වන, යුද්ධයක් කරා ඇදී යන පසුබිමක සිය කුටුම්භය සුරැකීම පිණිස කාන්තාවක කරන අඛණ්ඩ අරගලය පවසයි.

"අපගේ වර්තමාන මොහොතේ සමාජ හා දේශපාලන කනස්සල්ල ග්‍රහණය කරගන්නා ආත්මය කම්පා කරවන සුළු සැබෑ නවකතාවක් ලෙසින් ප්‍රොපට් සෝන්ග් විනිශ්චය මණ්ඩලය විසින්ද හඳුන්වා දෙනු ලැබිණි.

සිරියානු යුද්ධය හා සරණාගත අර්බුදය විසින් නවකතාව ලිවීමට තමන්ට නිර්මාණාවේශය සපයනු ලැබූ බව පෝල් ලින්ච් පැවසීය. සිය පස්වැනි නවකතාව ලියා අවසන් කිරීමට තමන් වසර 4ක කාලයක් ගත කළ බවද ලින්ච් ෆ්‍රාන්ස් 24 සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

එම නාලිකාව Prophet Song හඳුන්වන්නේ 'ලින්ච්ගේ පස්වන නවකතාව වන මෙය අපේ කාලයේ සමාජ හා දේශපාලන කනස්සල්ල ග්‍රහණය කරගනිමින් සැබෑ ලෙස විස්තර කරන ලද කාලෝචිත පොතක්' ලෙසය. ලේඛකයාගේ ලියවිලි පසුගිය කාලයේ ඩබ්ලින්හි ඇති වූ කෝලාහලවලට බෙහෙවින් සමාන බවත් එම නාලිකාව පෙන්වා දෙයි. පලස්තීනයේ, යුක්රේනයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩත්වය සහ යුද්ධයෙන් විනාශ වූ රටවලින් පලා යන සියලු දෙනාගේ අත්දැකීම් සමග 'නබි ගීතය'ද ප්‍රතිරාව වන බවද එහි සඳහන්ය.

Prophet Song ලිවීමට පෙර ලින්ච් ලියා පළ කළ කෘති වන්නේ Beyond the Sea, Grace, The Black Snow, Red Sky in Morning වේ. මේ සියල්ලක්ම ජනප්‍රිය සාහිත්‍ය සම්මාන ගණනාවක් හිමිකරගත් ඒවා වේ.

සබැඳි පුවත් :

2023 බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති මෙන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...