BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කවුද මේ සරකානි ? - ( කළණ ගිහන්ත)

T

The Leader

December 17, 2023 • 5:31 AM

කවුද මේ සරකානි ? - ( කළණ ගිහන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (16) සෙනසුරාදා ස්වාධීන රූපවාහිනියේ මීයා ටෙලි නාට්‍යයේ කියනවා බුද්ධ කාලෙ චරිතයක් ගැන. නම සරකානි.
  •   මේ කතා නිසා මහනාම කියන ශාක්‍යයා බුදුන් වහන්සේගෙන් ඇවිල්ලා මේ ගැන විමසනවා.
  • එතනදි ඒ තැනැත්තා මත්පැනට ලොල්වීම කියන කාරණය අදාල වෙන්නෙ නෑ.    බේබද්දෙකුට වුනත් නිර්වාණ අව‍බෝධයට ඇති දොරටු වැහිලා නෑ කියන එකයි සරකානි සූත්‍රයේ අදහස වෙන්නෙ.
  • සමාජය විසින් මත්පැන් පානය කිරීම සදාචාර විරෝධී ලෙස සැලකුවත් ආධ්‍යාත්මික මාර්ගයේදී ඒ සමාජ සදාචාර පිලිගැනීම් බුදුන් කර තියා නොගත් බවත් මෙතනදී පැහැදිලි වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
සරකානි ශාක්‍යසිංහ. ඔව් එයා ශාක්‍යයෙක්. ශාක්‍යයන් අතර එයා ප්‍රසිද්ධ බේබද්දෙක් විදිහට. 

සරකානි හදිස්සියෙ මහපාරෙ වැටිලා මිය යනවා. 
 
ඒ ගැන දැනගත්තම බුදුන් වහන්සේ කියනවා, ‘සරකානි සෝවාන් මගට පිළිපන් කෙනෙක්. ඒ නිසා කිසිදු දුගතියක උපත ලබන්නේ නෑ. අනාගතයේ අවබෝධයට පත්වෙනවා කියල.’
මේ කතාව අහලා ශාක්‍යයන්ට හොඳටම තරහා යනවා. ඒ අය බුදුන් වහන්සේ ගැන ඕපාදූප කියනවා.

‘හරි ෂෝක්. අන්න සරකානි සෝවාන් වෙලා කියන්නෙ. දැන් බලාගෙන ගියාම බේබද්දොත් සෝවාන් වෙනවා නොවැ’ තැන් තැන්වල බුදුන් දෙසූ වදන් ගැන කතා මතුවෙනවා.
 

මේ කතා නිසා මහනාම කියන ශාක්‍යයා බුදුන් වහන්සේගෙන් ඇවිල්ලා මේ ගැන විමසනවා. පැතිරෙන ඕපාදූප ගැන දැනුම් දෙනවා. බුදුන් එතැනදි මහනාම ශාක්‍යයාට කළ පැහැදිලි කිරීම තමයි සරකානි සූත්‍රය කියන්නෙ.

ඒ සූත්‍රයේදී බුදුන් දේශනා කරනවා, යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි සැකයෙන් තොර, පැහැදිලි අවබෝධයෙක් පැහැදේද, ඒ ත්‍රිවිධ රත්නයන්ගේ ගුණයන් පිළිබඳ දැනුවත්ව පැහැදීමෙන් වසන්නේද එවැනි කෙනෙක් සෝවාන් මාර්ගයට පිවිසෙනවා කියල. එතනදි ඒ තැනැත්තා මත්පැනට ලොල්වීම කියන කාරණය අදාල වෙන්නෙ නෑ. 
 
බේබද්දෙකුට වුනත් නිර්වාණ අව‍බෝධයට ඇති දොරටු වැහිලා නෑ කියන එකයි සරකානි සූත්‍රයේ අදහස වෙන්නෙ. සමාජය විසින් මත්පැන් පානය කිරීම සදාචාර විරෝධී ලෙස සැලකුවත් ආධ්‍යාත්මික මාර්ගයේදී ඒ සමාජ සදාචාර පිලිගැනීම් බුදුන් කර තියා නොගත් බවත් මෙතනදී පැහැදිලි වෙනවා.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...