BREAKING
Top Ad
පුවත්

මන්ද මානසික තරුණියක් සමුහ දුෂණය කරලා ! -කාන්තාවන්ට හෙටක් හදන 'ගොට්ටන්'ගේ වැඩ මෙන්න!! (VIDEO)

T

The Leader

November 9, 2019 • 2:00 AM

 මන්ද මානසික තරුණියක් සමුහ දුෂණය කරලා ! -කාන්තාවන්ට හෙටක් හදන 'ගොට්ටන්'ගේ වැඩ මෙන්න!! (VIDEO) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු විසින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
  • තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය තම දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.
  • බිරිඳ සහ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බව ද පියාගේ පැමිණිල්ලේ සඳහන් විය.
  • පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය තම දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.

බිරිඳ සහ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බව ද පියාගේ පැමිණිල්ලේ සඳහන් විය.

පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ය.

සැකකාර තරුණයා සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු එම ස්ථානයේදී තරුණියට ලිංගික අතවර සිදුකර ඇතැයි වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ය.

තරුණිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

 



පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්


මේ අතර පොලිස් මූලස්ථානය පවසන්නේ, හෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ  සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බවයි. 

එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ මෙසේ තහනම් කර තිබේ.

මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල ඊයේ රාත්‍රියේ  ලැබී ඇතත් හෙම්මාතගම පොලීසිය විසින් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර නොමැත.

සබරගමුව පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී විසින් මෙම වැඩතහනම සිදුකර තිබේ.

මේ අතර ඊයේ රාත්‍රියේ එම තරුණියගේ නිවස වෙත කඩා වැදුණු මැර කණ්ඩායමක් එම තරුණියගේ පවුලේ සමාජිකයන්ට තර්ජනය කොට සිද්ධියට අදාල පැමිණිල්ල පොලිසියෙන් ඉවත් කර ගන්නා ලෙසත්, එසේ නොකළ හොත් නිවස ගිනිබත් කොට පවුලේ සාමාජිකයන් සියල්ල මරා දමන බවටත් තර්ජනය කොට ඇතැයි වාර්තාවේ.

සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් !

'පොහොට්ටු' පක්ෂයේ තරුණයින් පිරිසක් විසින් මෙසේ මන්ද මානසික තරුණියක් සමුහ දුෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ලවී ඇත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...