ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්ත - විරෝධී පනතට මැදිහත් වන ලෙසයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඉල්ලා සිටී.


නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පැවසුවේ, "ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත සෑම මානව හිමිකම් මිණුම් ලකුණකින්ම නිශ්චිතවම අසාර්ථක වන" බවයි.

“බියිඩන් පරිපාලනය ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් අගය කරන්නේ නම්, මෙම නීතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි පණිවිඩයක් යැවිය යුතු” බව ඇය අවධාරණය කර තිබේ.

"මෙම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරනවිට ඇමරිකානු පරිපාලනය සහ කොන්ග්‍රසය නිශ්ශබ්ද වන්නේ නම්, එය විරුද්ධ මත මර්දනය කිරීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට ඉඩදීමක් බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පවසයි.

ඇය පැවසුවේ, “යෝජිත නීති කෙටුම්පත මානව හිමිකම් ආරක්ෂා කෙරෙන නීති ප්‍රතිසංස්කරණවෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට අපහාසයක් බවයි.

මෙය නරක නීතියක් වැඩිදියුණු කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සද්භාවයෙන් දරන ප්‍රයත්නයකට වඩා බොහෝ දුරස්, බවත් එය ඔවුන්ගේ විවේචනයන් ඉලක්ක කර නිශ්ශබ්ද කිරීමට රජයට ඇති හැකියාව ඉහළ නැංවීමේ උත්සාහයක් බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.

(News 1st)

සබැඳි පුවත් හා ලිපි :

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්