පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ

”දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

ඒ, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කල පෙත්සමක් සහ ඊට අදාළව ගොනු කල අතරමැදි පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (21) අවසන් කිරීමෙන් අනතුරුවයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණ.

පෙරේදා දින ආරම්භ වූ අදාළ පෙත්සම් විභාගය ඊයේ අවසන් කෙරුණු අතර පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ලබන 24 වනදා හෝ ඊට පෙර ගොනු කරක ලෙස අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කළේය.

විශ්‍රාමික යුධ හමුදා  බ්‍රිගේඩියර්වරයෙකු වන ඒ අතුල එච් ද සිල්වා, දේශපාලන විශ්ලේෂිකාවක වන ෂෙනාලී ඩී. වඩුගේ සහ සමාජ ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ. පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා තිබුණේ යෝජිත පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ප්‍රතිපාදනවලින් සමලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ වැරදි අපරාධමය නොවන වැරදි වශයෙන් අර්ථකථනය කිරීම සිදුකර ඇති බවයි.

මෙම තත්ත්වය තුළින් කාන්තා හා ළමා අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වන අතර රටේ ආගමික විශ්වාස සදාචාරය සංස්කෘතියට පටහැනි බවත් එම පෙත්සම්වල සඳහන් කර ඇත. එබැවින් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන්  ඉල්ලා තිබිණ.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඒ.බී. භුමි හරේන්, ආචාර්ය  වී. චන්ද්‍රසේකරන්,  ආචාර්ය රාධිකා කුමාරස්වාමි, මහාචාර්ය සාවිත්‍රී  ගුණසේකර ඇතුළු පිරිසක් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.


සබැඳි පුවත් :

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්