එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතව තිබේ.



අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ඇති බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිත වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනි දා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.

ඒ, සිංගප්පූරුවේ නීතිඥ සමාගමක් මගිනි.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි.

ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවීමට ද පියවර ගෙන තිබේ.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 මැයි 20 වැනි දා ඇති වූ ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.

(News 1st)


සබැඳි පුවත් :


එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව : ජනාධිපති මාධ්‍ය අංශයෙන් වීඩියෝවක්

ගිනිගත් 'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ කප්පම්කරුගේ නම එළියට !

එක්ස්ප්‍රස් පර්ල් : 'වන්දි වෙනුවට පගා ගහලා' - විපක්ෂ නායක

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා සමුද්‍ර දූෂණයට ලංකාවේ නඩු පවරන්න ජාත්‍යන්තර බාධාවක් නැහැ - (CENS)

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කව් ද ?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් ! - චම්පික කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි ගැටුම : අවසන් වාර්තාව ලබන සතියේ නීතිපතිට

සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්