leader s

නිදහස ජනතා සභා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන විසින් 'කුරුන්දි විහාර වංසය' නමින් කෘතියක් එළිදැක්වීමට කටයුතු කර ඇත.


ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවයේ දී ඛල්ලාටනාග රජු විසින් කරවන ලද, මුලතිව් නාගචෝළ මහ වන මැද පිහිටි කුරුන්දි මහා සෑයේත්, කුරුන්දි පබ්බත විහාර සංකීර්ණයයේත් සියළු තොරතුරු අන්තර්ගත කොට තමන්ගේ ආරාධනයෙන් විශ්වවිද්‍යාල පහක විද්වතුන් තිහකගේ බුද්ධිමය ව්‍යායාමයක් ලෙස දෑවුරුද්දකට අධික කාලයක් සිදු කළ පර්‍යේෂණාත්මක ව්‍යායාමය, කුරුන්දි විහාර වංසය නමින්  සරසවි  ප්‍රකාශනයක් ලෙස 2023 අගෝස්තු 7 සදුදා සවස 3.30 ට කොළඹ, තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළි දක්වන බව මහාචාර්ය චන්න ජයසුමන පැවසිය.

උත්සවයේ මූලාසනය සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ උසුලති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි නාහිමි, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ සංස්කෘතික ත්‍රීකෝණයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය විද්‍යාජෝති නිමල් ද සිල්වා සමරුදෙසුම් පවත්වති.

Murundi 2023.08.05
සබැඳි ලිපි :
මහා විහාරයෙන් කුරුන්දියට -(සුජිත් අක්කරවත්ත)

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් පවරා දීමට තීන්දුවක් ගෙන නැහැ - ජනපති ලේකම් සමන් ඒකනායක

කුරුදුමලේ ඉඩම් අවුල හරහා එල්ලාවල මේධානන්ද හිමි යළි කරලියට !

කුරුන්දි විහාර අර්බුදය : විහාරාධිපති හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම !

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්