BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

ඩොලර් බිලියනයේ මහ පරිමාණ ජාවාරම: බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්

T

The Leader Desk

August 20, 2026 • 2:32 PM

ඩොලර් බිලියනයේ මහ පරිමාණ ජාවාරම: බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාජ සමාගම් 36ක් හරහා අවස්ථා 199කදී රටින් පිටවූ මුදල් ගැන දැඩි අවධානයක්
  • පුද්ගලයින් අටදෙනෙකුගේ නම් භාවිත කරමින් ස්ථාපිත කරන ලද ව්‍යාජ සමාගම් 36ක් හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමවේදය ඔස්සේ අවස්ථා 199කදී මෙලෙස ඩොලර් බිලියනයකට අධික මුදලක් බැහැර කර ඇති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
  • කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, රේගු ආඥා පනත සහ විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම ගනුදෙනු සිදු කර ඇති බවද අධිකරණයට දන්වන ලදී.
  • ඉහළ කළමනාකාරීත්වය සහ විමර්ශන පරාසය සැකකාර බැංකු නිලධාරීන්ගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බැවින් විමර්ශනවලට බාධා කිරීමේ හැකියාවක් නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරු ඇප ඉල්ලා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

බැංකුවල ඉහළ නිලධාරීන්ගේ කාර්යභාරය සහ අතපසුවීම් ගැන පූර්ණ වාර්තාවක් කැඳවයි

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු නිලධාරීන් සිව්දෙනා සහ ප්‍රධාන සැකකරු ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය.

සැකකාර බැංකු නිලධාරීන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අධිකරණය හමුවේ අනාවරණය වූ කරුණු

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජිෆ්රි නමැත්තාගෙන් සහ ඔහුගේ සේවකයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රනාන්දු සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර යන නිලධාරීන්ය.

පුද්ගලයින් අටදෙනෙකුගේ නම් භාවිත කරමින් ස්ථාපිත කරන ලද ව්‍යාජ සමාගම් 36ක් හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමවේදය ඔස්සේ අවස්ථා 199කදී මෙලෙස ඩොලර් බිලියනයකට අධික මුදලක් බැහැර කර ඇති බව විමර්ශන නිලධාරීහු පැවසූහ. කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, රේගු ආඥා පනත සහ විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම ගනුදෙනු සිදු කර ඇති බවද අධිකරණයට දන්වන ලදී.

ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්ද සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 6කට අධික මුදලක් බැංකුගත කිරීම සම්බන්ධයෙන් විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පිළිබඳ ආඥා පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

ඉහළ කළමනාකාරීත්වය සහ විමර්ශන පරාසය

සැකකාර බැංකු නිලධාරීන්ගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බැවින් විමර්ශනවලට බාධා කිරීමේ හැකියාවක් නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරු ඇප ඉල්ලා සිටියහ. වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වය සහ ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් තුළ ශාඛා නිලධාරීන්ට සමාගම්වල නීත්‍යනුකූලභාවය හෝ සැබෑ භාණ්ඩ ආනයනයන් පිළිබඳ ක්ෂේත්‍ර මට්ටමින් සෙවීමේ ප්‍රායෝගික සීමා පවතින බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, සැකකාර නිලධාරීන්ට ඉහළින් සිටින බැංකු ප්‍රධානීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත්, සැකකරුවන් ඉදිරිපත් කළ දත්ත විශ්වාස කරමින් ඉහළ කළමනාකාරීත්වය අනුමැතිය ලබා දී ඇති බවට කරුණු හෙළි වූ බවත්ය. විමර්ශනයට ලක්ව ඇති සමාගම් 89න් සමාගම් 36ක් ප්‍රධාන සැකකරුට සෘජුව සම්බන්ධ බවත්, ඉතිරි සමාගම් සහ බැංකු ගිණුම් 12 පිළිබඳව විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් පොලිසිය දන්වා සිටියේය.

තවද, සැකකාර නිලධාරීන් සතිපතා ප්‍රධාන සැකකරු හමුවී විවිධ මුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට සාක්ෂි පවතින බැවින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහාද විමර්ශන සිදුකිරීමට පියවර ගන්නා බව විමර්ශන අංශ අධිකරණයට ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම මූල්‍ය අපරාධ විමර්ශනයේ පවතින බැරෑරුම් හා සංකීර්ණ ස්වභාවය හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබාදීමෙන් සාක්ෂිවලට බලපෑම් සිදුවිය හැකි බව නිරීක්ෂණය කළේය.

බැංකු පද්ධතිය තුළින් සිදුවූ අතපසුවීම්, ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම සහ මෙම ගනුදෙනුවලට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන් සිටීද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.

ඒ අනුව, සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට අවසර දෙමින් සැකකරුවන් සියලුදෙනා සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අධිකරණයේදී අනාවරණය වූ සැකකටයුතු සමාගම් !

01- AY GLOBAL MARKET (PVT) LTD

02- ALAN TRADE INTRANATIONAL (PVT) LTD

03- ASPIRE SOLUTION (PVT) LTD

04- COTTON LEGEND TRADE (PVT) LTD

05- EXACQ TECHNOLOGIES (PVT) LTD

06- FAYA INTRANATIONAL (PVT) LTD

07- FLOURISH INNOVETIONS (PVT) LTD

08- GLOBAL ASCEND LANKA (PVT) LTD

09- PINNACLE LANKA GLOBAL HARDWARE (PVT) LTD

10- PRIME MARCKETING SOLUTIONS (PVT) LTD

11- PROACTIVE WORLD WIDE (PVT) LTD

12- SIMA TRADING COMPANY (PVT) LTD

13- SKY HIGHT CYLON (PVT) LTD

14- SUPREME MULTY CORNER (PVT) LTD

15- TARGET FOCUS (PVT) LTD

16- THRADE CRAFTERS (PVT) LTD

17- TRUMPH LANKA (PVT) LTD

18- WEAVE WORLD (PVT) LTD

19- A 2 WORLD COMPANY (PVT) LTD

20- AY GLOBAL GRAND COMPANY (PVT) LTD

21- AUTO INFINYTY INTRANATIONAL

22- BLUE WAVE ENTRPRISES (PVT) LTD

23- BRILLAINT LIGHTING TRADE (PVT) LTD

24- DOLCO ATTIRE (PVT) LTD

25- FUSHION TECHNOLOGIES (PVT) LTD

26 FUSION BYNAMICS (PVT) LTD

27- INNO LANKA (PVT) LTD

28- KING FOOD LANKA (PVT) LTD

29- MASS SOLUTIONS TRADE INT (PVT) LTD

30- MASTER FABRIC LINE INTRANATIONAL (PVT) LTD

31- MY LANKA ASTUTE (PVT) LTD

32- ONE ASIA HARDWARD (PVT) LTD

33- RENOEATION PEAK STATION (PVT) LTD

34- RICHY ATTRACTION (PVT) LTD

35- SMART FABRICS (PVT) LTD

36- TECH BORN (PVT) LTD

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොලර් බිලියනයේ මහ පරිමාණ ජාවාරම: බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ් | The Leader