BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
පුවත්

බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි

Nethmini

Nethmini

October 2, 2026 • 12:31 PM

බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවන වියදම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලකරමින් කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් වේ.
  • අද පෙරවරුවේ නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මේ බව අනාවරණය කළේය.
  • විරෝධතාව බොරැල්ල කැම්බල් පිටියෙන් මෙම විරෝධතා පාගමන හෙට දහවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
  • පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශ්ව ජනතාවගේ දෛනික ආර්ථික පීඩනය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන බවට මෙහිදී චෝදනා එල්ල විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාව මුහුණ දෙන අධික බදු බර සහ ජීවන වියදම් අර්බුදයට විසඳුම් ඉල්ලා කොළඹ කේන්ද්‍ර කරගනිමින් හෙට (ඔක්තෝබර් 03) විරෝධතා පාගමනක් පැවැත්වීමට ජන අරගල ව්‍යාපාරය තීරණය කර තිබේ.

අද පෙරවරුවේ නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මේ බව අනාවරණය කළේය.

විරෝධතාව බොරැල්ල කැම්බල් පිටියෙන්


මෙම විරෝධතා පාගමන හෙට දහවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශ්ව ජනතාවගේ දෛනික ආර්ථික පීඩනය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන බවට මෙහිදී චෝදනා එල්ල විය.


සාමාන්‍ය ජනතාවගේ දෛනික පරිභෝජනය සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා මූලික කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

අත්‍යවශ්‍ය ආහාර සහ අධ්‍යාපන උපකරණ

පාසල් උපකරණ සහ මූලික ආහාර ද්‍රව්‍ය මත පැටවී ඇති බදු බර හේතුවෙන් පවුල් ඒකක දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වසන්ත මුදලිගේ පෙන්වා දුන්නේය.

ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පීඩනය මෙසේය:

* හාල්මැස්සෝ - කිලෝවකට රුපියල් 100ක පමණ බද්දක්
* කුකුල් මස්කි - ලෝවකට රුපියල් 310කට ආසන්න බද්දක්
* බිත්තර - එක් බිත්තරයක් සඳහා රුපියල් 11ක බදු බරක්

ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලබාගැනීමට පවා මේ හේතුවෙන් සාමාන්‍ය පවුල්වලට බාධා එල්ල වී ඇති බව ඔහු පැවසිය.

''දැන් ආණ්ඩුව විපක්ෂය, IMF එක ඇතුළු සියලු පාර්ශව එක පිලකට ඇවිල්ලා ඊලග අයවැයෙන් මිසයිල, කාල තුවක්කු මේ රටේ දුප්පත් ජනතාවගේ පැත්තට එවන්න සූදානම් වෙලා ඉන්නවා. අන්න ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න ජනතාව සංවිධානය විය යුතුයි. අපි හිතනවා මහපාරෙ අරගලය හැරෙන්න ජනතාවට වෙන වසඳුමක් නැහැ කියලා. අන්න ඒ නිසා  හෙට ඔක්තෝබර් 3වෙනිදා බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පවත්වන දැවැන්ත විරෝධතා පාගමනට එන්න කියලා මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා. " වැඩිදුරටත් කියා සිටියේය..

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජනතා පීඩනය

රට තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ ඉදිරි අයවැය මඟින්ද ජනතාවට සහන ලැබීමේ හැකියාව සීමිත බවට සංවිධායකයෝ මත පළ කරති.

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඉහළ පොලී අනුපාතික යටතේ සිදුකෙරෙන මූල්‍ය මෙහෙයුම්වල බර අවසානයේ පැටවෙන්නේ පොදු ජනතාව මත බව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මෙම තත්ත්වයට එරෙහිව සියලු ප්‍රජා කණ්ඩායම් හෙට පැවැත්වෙන විරෝධතාව වටා එක්විය යුතු බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...