BREAKING
Top Ad
පුවත්

පොලිස් STF වෙඩි පහරින් ලලිත් පිංතු මැරට

T

The Leader

July 17, 2021 • 11:04 PM

  පොලිස් STF වෙඩි පහරින් ලලිත් පිංතු මැරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් ලලිත් පිංතු නැමැත්තකු සීදූව ප්‍රදේශයේදී මිය ගොස් ඇතැයි වාර්තාවේ.
  •   ඊයේ (17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
  •   එම වෙඩි තැබීමෙන් වාහනය තුළ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
  •   එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
සීදුව බේස්ලයින් පාර අමන්දොලුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රීයේ වෙඩි තැබීම සිදුව ඇත.
 
ඊයේ (17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
 
එම වෙඩි තැබීමෙන් වාහනය තුළ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
 
එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.
 
එම පුද්ගලයා 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
වෙඩි තැබීම සිදුවන විට එම මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති බවත් එම ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
 
 
 
 
THE LEADER TV
 
 
ඩයලොග් එකට ඩයනාගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...