පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් ලලිත් පිංතු නැමැත්තකු සීදූව ප්‍රදේශයේදී  මිය ගොස් ඇතැයි වාර්තාවේ.
සීදුව බේස්ලයින් පාර අමන්දොලුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රීයේ වෙඩි තැබීම සිදුව ඇත.
 
ඊයේ (17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
 
එම වෙඩි තැබීමෙන් වාහනය තුළ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
 
එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.
 
එම පුද්ගලයා 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
වෙඩි තැබීම සිදුවන විට එම මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති බවත් එම ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
 
 
 
 
THE LEADER TV
 
 
ඩයලොග් එකට ඩයනාගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්