BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

රුසියානු - බෙලරුසියානු ඔලිම්පික් ක්‍රීඩකයන් ගැන සෝදිසියක් කරන්නැයි යුක්රේනය ඉල්ලයි

T

The Leader Desk

February 9, 2024 • 11:56 AM

රුසියානු - බෙලරුසියානු ඔලිම්පික් ක්‍රීඩකයන් ගැන සෝදිසියක් කරන්නැයි යුක්රේනය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සියුම් සෝදිසියක් කරන ලෙස යුක්රේනයේ ඔලිම්පික් කමිටුව විසින් ජගත් ඔලිම්පික් කමිටුවෙන් (IOC) ඉල්ලීමක් කර තිබෙනවා.
  •   යුක්රේනයේ පවතින යුද්ධයට තමන් ක්‍රියාකාරීව සහයෝගය දක්වා නැති බව ඇතුළු කොන්දේසි කිහිපයක් සෑම ක්‍රීඩකයෙකු ම පිළිපැදීම අවශ්‍ය බව ඔවුන් දන්වා සිටියා.
  • මේ ක්‍රීඩකයන් රුසියානු හෝ බෙලරුසියානු හමුදාවන් හෝ ජාතික ආරක්ෂක ඒජන්සිවලට සේවය නොකරණ බවට ද සහතික විය යුතු යැයි IOCය දන්වා තිබුනා.
  • මේ කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට තමා ජගත් ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටින බව Huttsait පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන් ඔලිම්පික් මල්ලවපොර ක්‍රීඩාවේ තරග වදින රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන් විශේෂ පරීක්ෂණයකට යොමු කරන ලෙසට යුක්රේනය ඉල්ලා තිබෙන්නේ ඔවුන් මධ්‍යස්ථභාවය උල්ලංඝනය කර තිබෙන බවට නැගෙන චෝදනාවලින් පසුව.

 

GettyImages 1251611499Vadym Huttsait

මේ පිළිබඳව යුක්රේන් ඔලිම්පික් කමිටුවේ සභාපති Vadym Huttsait ජගත් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී Thomas Bach වෙත යවා ඇති ලිපියේ මෙසේ සඳහන්: “2024 පැරිස් ඔලිම්පික් උළෙලේ විශේෂයෙන් මල්ලවපොර තරගවලට සහභාගි වන රුසියානු හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍ර තිබෙන මධ්‍යස්ථ තනි ක්‍රීඩකයන් හා ඔලිම්පික් සහභාගිත්වය සඳහා වන IOCයේ කොන්දේසි එම ක්‍රීඩකයන් පිළිපැදීම යන කාරණා සම්බන්ධයෙන් නැවත ඔබේ අවධානය යොමු කිරීමට මා කැමතියි.”

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික කොඩි, ලාංජන හෝ ජාතික ගීත නැතිව මධ්‍යස්ථ ක්‍රීඩකයන් ලෙස තනි ඉසව්වලට පමණක් තරග කළ හැකි බවට ජගත් ඔලිම්පික් කමිටුව දෙසැම්බරයේදී ප්‍රකාශ කළා.

 

data108968769 e64deb

යුක්රේනයේ පවතින යුද්ධයට තමන් ක්‍රියාකාරීව සහයෝගය දක්වා නැති බව ඇතුළු කොන්දේසි කිහිපයක් සෑම ක්‍රීඩකයෙකු ම පිළිපැදීම අවශ්‍ය බව ඔවුන් දන්වා සිටියා. මේ ක්‍රීඩකයන් රුසියානු හෝ බෙලරුසියානු හමුදාවන් හෝ ජාතික ආරක්ෂක ඒජන්සිවලට සේවය නොකරණ බවට ද සහතික විය යුතු යැයි IOCය දන්වා තිබුනා.

මේ කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට තමා ජගත් ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටින බව Huttsait පැවසුවා.

 

231208153815 russia team olympics 2020

  
ඔහු මේ ඉල්ලීම කර තිබෙන්නේ යුක්රේනයේ මතයට අනුව IOCයේ මධ්‍යස්ථභාවයේ අවශ්‍යතාවන්ට පටහැනිව ක්‍රියා කර තිබෙන රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින්. 
 

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...