BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

LPL ක්‍රිකට් පිටිය හොල්ලන දැවැන්ත තරඟ පාවාදීමේ කුමන්ත්‍රණයක් : Jaffna Kings හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයින් දෙදෙනා රිමාන්ඩ්!

T

The Leader Desk

July 17, 2026 • 4:30 PM

LPL ක්‍රිකට් පිටිය හොල්ලන දැවැන්ත තරඟ පාවාදීමේ කුමන්ත්‍රණයක් : Jaffna Kings හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයින් දෙදෙනා රිමාන්ඩ්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් තරඟයකට ඩොලර් 50,000 බැගින් දීමට ගිය රහසිගත සංවාද ඇතුළත් හඬපට සහ ලක්ෂ 95ක මුදල් බෑගය උසාවියට.
  • එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි.
  • සිද්ධියට අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
  • ක්‍රීඩා සම්බන්ධ දූෂණ චෝදනා පිළිබඳව ක්‍රියාත්මක කළ විමර්ශනයක් අනුව Jaffna Kings කණ්ඩායමේ එක් හිමිකරුවෙකු ලෙස හඳුනාගත් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් පවසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ රහසිගත මෙහෙයුමකින් සැකකරුවන් කොටු වෙද්දී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්.

තරඟ  පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන  31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) අද නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි.

සිද්ධියට අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

ක්‍රීඩා සම්බන්ධ දූෂණ චෝදනා පිළිබඳව ක්‍රියාත්මක කළ විමර්ශනයක් අනුව Jaffna Kings කණ්ඩායමේ එක් හිමිකරුවෙකු ලෙස හඳුනාගත් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් පවසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2026 LPL තරගාවලියේ තරග පවා දීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණට කරුණු දක්වමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ මෙලෙස පවසා සිටියේය.

" ස්වාමිනි, ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙකුහට මෙම සැකකරුවන් දෙදෙනා විසින් 2026 LPL තරගය පාවාදීමට යෝජනා කර තිබෙනවා. 2026/7/15 දින ඩොලර් ලක්ෂ 3 ක් මැච් 4කට ලබා දීමට තමයි කටයුතු යොදා තිබුණේ. එක මැච් එකකට ඩෝලර් 50,000 ගානේ. ඒ සම්බන්ධයෙන් කරන ලද සංවාද ඇතුලත් රේකෝඩරය අද අධිකරණයට ඉදිරිපත් කරනවා."

" මෙම ගණුදෙනුව ලක්ෂ 120 ගණුදෙනුවක්. පසුව එය ලක්ෂ 115 කට අඩුකරගෙන. මෙම සැකකරු මුදල් ලබා දෙන අවස්ථාවේදි තමයි අත්අඩංගුවට ගත්තේ.එහි තිබු මුදල් සහ බෑගය අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි ලක්ෂ 95ක මුදලක් තිබුණා."

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිළධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

LPL ක්‍රිකට් පිටිය හොල්ලන දැවැන්ත තරඟ පාවාදීමේ කුමන්ත්‍රණයක් : Jaffna Kings හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයින් දෙදෙනා රිමාන්ඩ්! | The Leader