පුවත්
Showing page 243 of 1718 (25,756 articles)

ලංකාවට ගෙන්වූ ගල් අඟුරු තොගය තත්ත්වයෙන් බාල ද? - මේ තොරතුරු ගැන ඔබ දැනුවත් ද ?
ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගයක නිසි ගුණාත්මකභාවයක් නොමැති බවට විපක්ෂයෙන් හා සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.

තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිස් පොතට
දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන තයියිට්ටි තිස්ස විහාරයට එරෙහි මාසික විරෝධයට පැමිණෙන වාහන හා හිමිකරුවන් පිලිබඳ විස්තර පොලිසිය විසින් මින් පෙර නොවූ විරූ අයුරින් රැස් කරගැනීම නිසා මර්දනයට ගොදුරු වීමේ අවදානම පිලිබඳ බියක් ප්‍රදේශවාසී දෙමළ ක්‍රියාධාරීන් අතර මතුව තිබේ.

ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 30%ක් නිරපරාදේ මියයනවා !
ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලට අවශ්‍ය ඉමේජ් ගයිඩඩ් රේඩියේෂන් තෙරපි (Image Guided radiation Therapy) උපකරණ ප්‍රමාණවත් තරම් නොමැති නිසා ජීවත් කරවිය හැකි රෝගීන්ගෙන් සියයට තිහක (30%) පමණ පිරිසක් නිරපරාදේ මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක් - පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

යුද්ධයෙන් පසු විනාශ කළ සිද්ධස්ථාන දෙකක විස්තර පාර්ලිමේන්තුවට
තමන් වාමාංශිකයැයි කියාගන්නා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ද රටේ ජාතීන් අනුව නීතිය වෙනස් ලෙස භාවිතයට ගන්නා බවට චෝදනා කරන උතුරේ ජ්‍යෙෂ්ඨ දෙමළ ජනතා නියෝජිතයකු ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කරන අයුරින් සියළු ජාතීන්ට එක සේ සැලකිම හා ජාතික සමගිය ගොඩනැංවීම ක්‍රියාවට නංවන්නේ කවදාදැයි ප්‍රශ්න කර තිබේ.

සජබ මන්ත්‍රී කාවින්ද ට්‍රම්ප්ට ස්තුති කරයි
ඇමැරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට ස්තූති කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ (07) පස්වරුවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියක් බාර දී තිබේ.

එජාප - සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක්
ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු කිරීමට එකසත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පල කර තිබේ.

කොළඹ වරාය නගර සංශෝධන පනතින් මෙරට ආර්ථිකයට බරපතල අවදානමක් !
සෙවණැලි බැංකු පද්ධතියක් (Shadow Banking) බිහිවීමේ අනතුරක් ගැන ෆයිසර් මුස්තෆා අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති මහාචාර්ය නාමල් විජේසිංහ
ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ තේරී පත්වී ඇත.

ලොව වසඟ කළ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද (7)
ලෝක ප්‍රකට සරාගී නිළියක වශයෙන් ජීවිතයේ මුල් අර්ධයේ ද සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ජීවිතයේ දෙවන අර්ධයේ ද ලෝක ප්‍රකට වූ බ්‍රිජට් බාඩෝ ගේ අවමංගල්‍යය අද (7) ඇගේ මව් රට වන ප්‍රංශයේ ගිනිකොණ දිග රිවීරා වෙරළ බඩ පිහිටි අති සුන්දර ශාන්ත-ට්‍රොපෙස් හි පැවැත්වීමට කටයුතු කොට ඇත.

ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය 'සිනමන් එයාර්' යානයක් අනතුරට ලක්වෙයි
කොළඹ සිට නුවරඑළිය බලා පියාසර කළ 'සිනමන් එයාර්' (Cinnamon Air) සමාගමට අයත් කුඩා මගී ගුවන් යානයක් (Sea Plane) අද (07) අනතුරට ලක්ව තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරයි
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා අධ්‍යාපන

කන්කසන්තුරේ තිස්ස පන්සලේ හාමුදුරුවන්ට විරෝධය පෑ තිහකට ඇප
දෙමළ පවුල් කිහිපයක් අයිතිය කියා පාන උතුරේ භුමියක හමුදා අනුග්‍රහයෙන් ලියාපදිංචියෙන් තොරව ඉදි කර ඇති බෞද්ධ විහාරස්ථානයක, විහාරාධිපති හිමියන්ට නාහිමි පදවියක් ලබාදීමට විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු හින්දු පූජකයකු ඇතුළු දෙමළ ක්‍රියාකාරීන් තිස් දෙනකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

විගණකාධිපති පුටුව හිස්වීමෙන් මූල්‍ය අර්බුද රැසක් !
මාසයකට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුරට කිසිවෙක් පත් නොකිරීම හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට මෙම මස වැටුප් ගෙවීම් ඇතුළු මූල්‍ය කටයුතු බරපතළ ලෙස අර්බුදයකට ගොස් ඇතැයි එම කාර්යාලය පවසයි.

සුමති ධර්මවර්ධනට උසස් වීමක්
මෙතෙක් කල් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.

