BREAKING
Top Ad
බුකිය

මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද?

T

The Leader

June 28, 2019 • 9:58 AM

මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද ? කියා චමල් අකලංක පොල්වත්තගේ සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.
  • # මේ පොලීසියක් ඇතුලත දී පෞද්ගලික වෛරයක් පිරිමසාගැනීමට තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළ රටය.
  • # මේ කප්පම් ගැනීම පිණිස අහිංසකයන් 11 අතුරුදන් කර ඝාතනය කළ බවට ආරක්ෂක අංශ වල ඉහළම නිලධාරීන් චෝදනා ලැබූ රටය.
  • # උඹ දැඟලුවොත් කුඩු පැකට් එකක් දාලා ඇතුලට දාන්නං කියන රටය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

# මේ අවුරුදු දාහතේ දරුවෙකුගේ පරිගනකයේ තිබූ නිල් චිත්‍රපට දැක අල්ලාගෙනගොස් වෙනත් අපචාරයක වරද පැටවූ රටය.

# මේ, නොකල වරදකට කොණ්ඩයාව අල්ලාගෙන එල්ලුම්ගස් යැවීමට සූදානම් වූ රටය.

# මේ පොලීසියක් ඇතුලත දී පෞද්ගලික වෛරයක් පිරිමසාගැනීමට තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළ රටය.

# මේ කප්පම් ගැනීමට මනුෂ්‍ය ඝාතන සිදු කර DIG ලා වැරදිකරුවන් වූ රටය.

# මේ කප්පම් ගැනීම පිණිස අහිංසකයන් 11 අතුරුදන් කර ඝාතනය කළ බවට ආරක්ෂක අංශ වල ඉහළම නිලධාරීන් චෝදනා ලැබූ රටය.

# උඹ දැඟලුවොත් කුඩු පැකට් එකක් දාලා ඇතුලට දාන්නං කියන රටය.

# මේ සිරගෙට පැන නම් කතා කර රැඳවියන් ඝාතනය කළ රටය.

# මේ අගමැති වගකීම ගන්නං කියා පත් කර මහ බැංකුව කොල්ලකා රටින් පලාගිය මහබැංකු අධිපතිලා ඉන්න රට ය.

# මේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා, පාස්කු ප්‍රහාරයෙන් පසු සැබෑ ඝාතකයන් හෙළිදරව් වන තෙක් රිමාන්ඩ් වී සිටි රටය. සහරාන් නැත්තං ඌත් ගස් ය.

# මේ ජනාධිපති අගමැති ඇතුළු සියල්ලෝම පෙර දැනගෙන අහිංසක ජීවිත 250+ ක් මියයන තෙක් කිසිවක් නොකර සිටි රටය.

# කාර් ඇතුලේ රගර් ක්‍රීඩකයන් බාබකිව් වූ රටය.

# අධි ආරක්ෂිත කලාප වල මාධ්‍යවේදීන් මියගිය ,මාධ්‍ය ආයතන වල බෝම්බ ගැසූ රටය.

# මිනීමරුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වූ රටය.

# නීතිය බල්ලට දමා ආයුධ පෙන්නීම ආතල් එකක් වූ රටය.

# දහස් ගණනක් ඝාතනය වූ වධකාගාර නඩත්තු කළ බවට චෝදනා ලැබූවන් අගමැතිවරුන් වූ රට ය.

# පාතාලයන් සාම විනිසුරුවන් වූ රට ය.

# නඩු තීන්දු ලබා දීමට විත්තිකරුගේ බිරිඳව කෙලෙසූ විනිසුරුවන් සිටි රටය.

# ත්‍රස්තවාදීන් රටේ අමාත්‍යවරුන් වූ රට ය.

# රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදැන අමු අමුවේ උල්ලංඝණය කර ජනාධිපතිවරුන්ගේ රටය.

මරණ දඬුවම දෙන්න හදන්නේ එහෙම රටකය..!!

පෞද්ගලික කෝන්තරේකට හෝ රාජ්‍ය මර්දනය වෙනුවෙන් බොරු චෝදනා මත ඔබව හෝ ඔබේ ආදරණීයෙක්ව එල්ලුම් ගස් නොයවන තෙක් ඔබත් පෝරකේ කඹේ ඔංචිලි පදිනු ඇත..!!''

සටහන - චමල් අකලංක පොල්වත්තගේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...