BREAKING
Top Ad
බුකිය

විසි වෙනි සියවසේ සිහින දුටුවෙක් සමුගෙන ඇත...

T

The Leader

September 2, 2019 • 10:42 AM

විසි වෙනි සියවසේ සිහින දුටුවෙක් සමුගෙන ඇත...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොකු සිහින මියගිය ලෝකයක පොඩි සිහින වෙනුවෙන් පමණක් අපේ එවුන් මරා ගන්නා යුගයක ලොකු සිහිනයක් තිබූ මිනිසෙක් මියගොස් ඇත.
  • වඩා ලොකු අවකාශයක් වෙනුවෙන් සිහින මැවූ විසිවන සියවසේ ඔබට සාපේක්ෂව අපට ඇත්තේ සිව්පාවුන්ටත් වඩා කුඩා වූ සිහිනයකි.
  • ඇත්තේ අප ඉදිරියේ දිදුළන අඟල් හතරක ඩිජීටල් තීරයකි.
  • ඔබ දැනසිටි ඒ අවකාශය අඩි හයකින් අවසන් වුවේ නම් අපගේ අවකාශය අඟල් හයක් දක්වා මුහුණු පොත විසින් සංකෝචනය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නිමා නොවන ශීතලක ඝනීභවනය වී ඇති අපගේ සිහිනයද මේ යුගයේ සොරකම් කරගෙන ගොස් ඇත. වඩා ලොකු අවකාශයක් වෙනුවෙන් සිහින මැවූ විසිවන සියවසේ ඔබට සාපේක්ෂව අපට ඇත්තේ සිව්පාවුන්ටත් වඩා කුඩා වූ සිහිනයකි. අවකාශයකි. එය අපගේ භූමියයි. වෙනස් කරන්නට තරම් ලෝකයක් අද නැත. ඇත්තේ අප ඉදිරියේ දිදුළන අඟල් හතරක ඩිජීටල් තීරයකි. අපගේ සිහිනය වාරණය කර ඇත.

ඔබගේ පරපුරට අවම වශයෙන් වෙනස් කරන්නට භුමියක් තිබුණි. ඔබ දැනසිටි ඒ අවකාශය අඩි හයකින් අවසන් වුවේ නම් අපගේ අවකාශය අඟල් හයක් දක්වා මුහුණු පොත විසින් සංකෝචනය කර ඇත. දැන් පරම්පරාව උපදින්නේ ද මිය යන්නේ ද ඒ අඟල් හතරක පෝස්ටුව තුලය.

Kalo Fonseka Deathකාලෝ...ඔබ අයිති ලොකු සිහින දුටු පරණ පරම්පරාවට ය. අප අයිති අතරමැද පරම්පරාවට ය. අපෙන් පසු එන්නේ සිහින මියගිය පරම්පරාවක් වනු ඇත. ඔවුන් මේ ලොවට උපදවන්නේ ම ඔවුන්ගේ සිහිනය සොරකම් කරගෙන වනු ඇත.

විසි වන සියවසේ මිනිසෙක් ලෙස මිත්‍යාව සමඟ ඔබ සටන් වැදුනද මේ පශ්චාත් නූතන භූමියේ මිත්‍යාව මිය ගියේ නැත. ඒ මේ ෂෙලිනියානු භූමියේ හැටිය. අද අප මේ භූමිය තේරුම් ගනිමින් සිටිමු.

රුදුරු තුරු වදුලේ ඔබ සැතපෙන්න. අප මේ යුවල් නෝවා හරාරි යුගයේ කිසිදා නැවත නොඑන නොමිනිස් අනන්තයකට දිව යන්නම්. මිනිස් කායික විද්‍යාව දැන සිටි ඔබට යුවල් නෝවා හරාරි ගේ භෞතිකවාදී බයෝ මෙට්‍රික් සිහිනය වඩාත් හොඳින් වැටහෙනු ඇතැයි සිතමි.

අපෙන් පසු පරම්පරාවේ රත්තරන් දුව නැවත කිසිදා නොඑනු ඇත. මන්ද ඇයට එසේ පැමිණීමට තරම් මතකයක් ඔවුන් ඉතුරු නොකරනු ඇත. සද්ගුරු කියන්නේ 'මතකය' යනු සියලු මිනිස් කරදර වල මුල කියාය. එසේ නම් ඔවුන් බොහොම පහසුවෙන් අනාගත පශ්චාත් මිනිසාගේ (post-human) මතකය ඉවත් කර දමනු ඇත. කෙලවරක් නැති විනෝදය පමණක් ශේෂ කරනු ඇත.

එසේනම් ඔබ අයිති වූ ඒ ශ්‍රේෂ්ට දේ සිදුවූ විසි වෙනි සියවස නම් යුගය අප සියල්ලන් ට ම මතක නැතිව යනු ඇත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ද මේ කරදරකාරී සිහින දකින්නන් ගෙන් අත් මිදීමට ය. මේ යුගයේ වඩාත් ම විප්ලවීය වනුයේ සිහින දකින්නන් බව ජිජැක් කියන්නේ නිකමට නොවේය.

අන් කිසිදා අප අත් නොදුටු ශුන්‍යතාවයක් විසින් අපගේ ලෝකය ගිලගෙන ඇත. එසේ හෙයින් ඔබ වෙනුවෙන් ලිවූ මේ කුඩා සටහන අඳුරු ලියවිල්ලක් වූවාට කමා කරන්න. අප අවට එතරම් ම අඳුරුය.

අමරණීය පාර - මිනිසෙක් ගැන පුරෝකතනය කරන යුවල් නෝවා හරාරි සිහිපත් කරමින් ම සියල්ල අනිත්‍ය බව මෙතැන සඳහන් කරන්න එසේනම් ඉඩ දෙන්න.

සුබ ගමන්!

 (මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී ) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...