BREAKING
Top Ad
බුකිය

දුප්පත්කමේ අවමඟුල ගැන මේ අය හරි හැටි දන්නවාද? ඡන්දදායකයාවත් දන්නවාද?

T

The Leader

October 28, 2019 • 9:08 PM

 දුප්පත්කමේ අවමඟුල ගැන මේ අය හරි හැටි දන්නවාද? ඡන්දදායකයාවත් දන්නවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට ඉදිරිපත් කර ඇති ගෝටාගේ, අනුරගේ හෝ මහේෂ්ගේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශණවල දුප්පත්කම ගැන සාකච්ඡාවක් නැත. තිබුනත් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.
  • ලෝකයේ දියුණු රටවල ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශණවලත් එය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවේ.
  • ඇත්තව වශයෙන්ම දුප්පත්කම ගැන වැඩියෙන්ම මැතිවරණ වේදිකාවේ කතා කරන අපේක්‍ෂකයා සජිත්ය.
  •  කාන්තාවන්ට සනීපාරක්‍ෂ තුවා ලබාදීම:  පෙරේදා ලංකාවේ ප්‍රථමවතාවට ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස කාන්තාවන්ට සනීපාරක්‍ෂ තුවා ලබාදීම ගැන සජිත් කී දේට මම නැවත නැවත කී අකාරයට ඔහුට අපේ ගෞරවය හිමිවිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

දුප්පත්කම හෝ සමාජ ආරක්‍ෂණ වැඩ පිලිවෙලක් ප්‍රතිපත්ති ප්‍රකාශණයක ප්‍රධාන අංගයක් විය යුතුය. ලෝකයේ දියුණු රටවල ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශණවලත් එය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවේ.

ඇත්තව වශයෙන්ම දුප්පත්කම ගැන වැඩියෙන්ම මැතිවරණ වේදිකාවේ කතා කරන අපේක්‍ෂකයා සජිත්ය. ඔහු ඒ හැර වෙන දෙයක් ගැන කතා නොකරන ගානය. අනුරත් දුප්පත්කම ගැන ඔහුගේ හැම කතාවකදීම කියයි. ඒත් මේ කවුරුත් ඒ ගැන කොතරම් සබුද්ධිකව කතාකරනවා දැයි නොදනිමි.

 කාන්තාවන්ට සනීපාරක්‍ෂ තුවා ලබාදීම:

 පෙරේදා ලංකාවේ ප්‍රථමවතාවට ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස කාන්තාවන්ට සනීපාරක්‍ෂ තුවා ලබාදීම ගැන සජිත් කී දේට මම නැවත නැවත කී අකාරයට ඔහුට අපේ ගෞරවය හිමිවිය යුතුය. එය කීමට අනුරටවත් ආත්ම ශක්තියක් තිබුනේ නැත!!!!

ඒත් සජිත් උනත් කතා කරේ සනීපාරක්‍ෂාව පිලිබඳ දුප්පත්කමේ (Period poverty) එක කොටසක් වන "සනීපාරක්‍ෂක තුවා" ගැන පමණි. එහි අනික් අංශ ගැන ඔහු කතා කලේ නැත.

මම ඔවුන් මේ වෙනුවෙන් මෙතෙක් කියා ඇති දේවල් අවතක්සේරු නොකරමි. ඒත් ඔවුන් මේ දුප්පත්කම ගැන ප්‍රශ්ණය හරියට ආමන්ත්‍රණය කරනවාද යන්න ගැන නැවත සිතා බැලිය යුතුය.

නිදන්ගත දුප්පත්කම, එහෙම නැත්නම් මූලික අත්‍යාවශ්‍ය දේවල් නොමැතිව අත්තකිලමථයෙන් ජීවිතය ගතකරන අය ගැනවත් හරි හමන් සාකාච්ඡාවක් මේ මැතිවරණයේදී මතු කර ගැනීමට ඡන්දදායකයින්ට, ඒ සඳහා වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජවලට නොහැකිවී ඇත.

 දුප්පත්කමේ කැටගරි ?

ළමා දුප්පත්කමේ සිට අවමගුල් දුප්පත්කම (funeral poverty) දක්වා දුප්පත්කමේ කැටගරි තිබේ. දියුණු රටවල අනෙකුත් දුප්පත්කම් අතර සනීපාරක්‍ෂාව පිලිබඳ දුප්පත්කම, ආහාර පිලිබඳ දුප්පත්කම, ඇඳුම් පිලිබඳ දුප්පත්කම, නිදාගැනීමට ළමයින්ගේ සිට මහල්ලන් දක්වා ඇඳන් නැති කමේ දුප්පත්කම (bed poverty) සිට ගෙවල් වල ඇතිකරන සුරතල් සතුන් හරි හමන් ලෙස බලාගැනීමට නොහැකිවීමේ දුප්පත්කම (pet poverty) වගේ අතිවිශාල පරාසයක විහිදෙන ලෙස දුප්පත්කම ඛණඩනයකර සාකච්ච්ජා කරයි. ඒ සඳහා රාජ්‍යය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානත්, උනන්ඳුමත් සංවිධාන කටයුතු කරයි.

එංගලන්තයේ සිටියදී මා ඇසුරු කල "දුප්පතුන් යැයි තමන් හිතූ අයට" තිබ්බ දුප්පත්කමේ තරම නම් - අවුරුද්දකට වරක් හෝ හොලිඩේ යාමට (පිටරටකට හෝ එක්සත් රාජධානිය තුල හෝ), සතියකට වරක්වත් රෙස්ටුරන්ට් එකකින් පවුල සමඟ ගොස් ආහාර වේලක් ගැනීමට - මුදල් නොමැතිවීම වැනි ප්‍රශ්ණය.

නමුත් ඒ රටේ නිදන්ගත දුප්පත්කමේ එක එක කැටගරි තිබේ. ලංකාව වැනි දුප්පත් රටක ඒ ගැන කියනු කවරේද. ගෝල්ෆේස්/මූද/කැළණි පංසල පෙන්නන්න එක්කන් යනවා, කන්න බොන්න දෙනවා කියා කොළඹට දේශපාලන රැස්වීම්වලට එක්කන් එන්නේ ඔවුන්ට තම මුදලින් කිසිදා ඒවා බලන්නට යෑමට නොහැකි නිසාය. දුප්පත්කමේ කැටගරි ගොඩකි.

මේ අල්ලපු ගෙදර ගෑණි අලුත් ඇඳුමක් ගත්තා, මටත් එකක් ගන්න ඕනෙ/ ඒ ගොල්ල කුස්සියට කබර්ඩ් ගැහැව්ව අපිත් ගහන්න ඕනෙ, ඒ මිනිහ බයික් එක්කක් ගත්ත අපිත් ගන්න ඕනෙ, ඒ ගොල්ලන්ගෙ කාර් එකට වඩා හොඳ කාර් එකක් අපි ගන්න ඕනෙ ආදී වශයෙන් කියමින් ණය/ෆිනෑන්ස් ගන්නා අය නොවේ. මූලික අවශ්‍යතාවයන් නොමැති අයගේ නිදන්ගත දුප්පත්කමේ කැටගරිවලට අයත් අය ගැනය.

ඒ අයව දුප්පත්කමින් මුදවා ගැනීමට මේ අය ගන්න ක්‍රියා මාර්ග කවරේද? මේ අය මොනවද කියන්නේ කියන ප්‍රශ්ණයයි මා මතු කරන්නෙ.

දුප්පතුන්ගේ ආත්ම ගරුත්වය !

 ඒ වගේම සමෘදිය හෝ ඒ සමඟ ජනසවියත් දෙනවා කියා සජිත් කියන විට හෝ දිවිනැඟුම දෙනවා කියා තවකෙක් කියන විට හෝ, පරණ පිං පඩි දෙන කාලේදීවත් - ඒ අය මේව ලබා ගැනීමට යන විට - ඒ දුප්පතුන්ගේ ආත්ම ගරුත්වය ගැනවත් මේ අය හිතා තිබේද? ඒ හා බැඳුන ඔවුන් විඳින ලැජ්ජාව/අපහාසය ගැන මේ අපේක්‍ෂකයින් මොකුත් කියනවාද?

දුප්පත්කම ගැන හොඳම විග්‍රයක් තම අම්මා හා අක්කත් ඉන්න රැස්වීමක සමාජයට කියා දුන් අනුරටවත් ඒ දුප්පත්කමේ එක එක කැටගරි ගැන තිබෙන විසඳුම් මොනවාද කියා කියනවාද?

සජිත් දුප්පත්කම කීවාට අනුර වගේ ඉස්කෝල සිසුවෙක් ලෙස ඉන්නා කාලයේදී කෝච්චියේ ටොපි, අඹ, සිගරට් විකුණා අත්දැකීම් නැත. අක්කා කුලියට කැවුම් බදින්නට ගොස් අත පුච්චාගෙන දුක් විඳීමේ අත්දැකීම් නැත.

සජිත්ගේ තාත්තාට ලැවරියා විකුණා, මාර්ටිනස් සහෝදරයාගෙ කාරේ නැග පෝස්ටර් ගසා දුප්පත්කමේ අත්දැකීම් තිබ්බත් සජිත්ට දුප්පත්කම හරි හැටි තේරෙනවා?

 ගෝටා මේ ගැන මොකු නොකියන නිසා....

ගෝටා මේ ගැන මොකු නොකියන නිසා එතුමා ගැන මම කතා නොකරමි. එතුමා කොම්පියුටර් පොඩි දේවල් ටිකක් දන්න නිසා ඒකෙනුත්, හමුදාවෙ ඉඳල තියෙන නිසා ඒකෙනුත් රටේ  ප්‍රශ්ණ විසදන්න හදන කෙනෙක් එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශණය අනුව.

මේක දිග වෙන නිසා නවතිමි!

(colombotelegraph.com වෙබ් අඩවියේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...