BREAKING
Top Ad
බුකිය

ලැජ්ජයි පොලිසිය !

T

The Leader

September 25, 2023 • 4:19 AM

ලැජ්ජයි පොලිසිය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවන්ත ආටිගල කාටුනයකි
  • ඒ පුද්ගලික බිමක පෙම් කරමින් සිටි පෙම්වතුන් ජෝඩු 24ක් අත්අඩංගුවට ගැනීමෙනි.
  • නමුත් දැන් පෙම් කරන්නේ නම් ඒ සඳහා දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙන් අවසර රැගත් අයදුම්පතක් පොලිසියට බාරදිය යුතු තත්වයට‍ රෝගය උත්සන්න වී ඇත.  සමාජ මාධ්‍ය පෝස්ටුවකි මේ සදාචාරය රකින අමන පොලිස් සම්ප්‍රදාය රාජපක්ෂවාදයේ මූලික සංස්කෘතික ලකුණකි.
  • අවුරුදු 16ට වැඩි දෙන්නෙකු නිදහසේ පෙම් කිරීම අත්අඩංගුවට පත්විය හැකි වරදක් යැයි පවසන නීතිය මොකක්දැයි පොලිසියෙන් විමසා දැනගත යුතුය.  පොලිස් නිලධාරියා කියන්නේ මෙසේ පෙම් කිරීම නිසා සිදුවන අවදානම දරන්න වන්නේ තමන්ට බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝමාගම පොලිසිය විසින් තවත් වීරක්‍රියාවක් සිදු කර තිබේ. ඒ පුද්ගලික බිමක පෙම් කරමින් සිටි පෙම්වතුන් ජෝඩු 24ක් අත්අඩංගුවට ගැනීමෙනි. ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර මේ බලහත්කාරය කිසිම ලැජ්ජාවකින් තොරව කරගෙන යමින් තිබේ. 


ප්‍රේම කිරීමට පොලිසියෙන් අවසර ගත යුතු යැයි ලංකාවෙ නීතියක් නැත. නමුත් දැන් පෙම් කරන්නේ නම් ඒ සඳහා දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙන් අවසර රැගත් අයදුම්පතක් පොලිසියට බාරදිය යුතු තත්වයට‍ රෝගය උත්සන්න වී ඇත. 

383093343 10160649201174818 5045182562059908708 n

සමාජ මාධ්‍ය පෝස්ටුවකි

මේ සදාචාරය රකින අමන පොලිස් සම්ප්‍රදාය රාජපක්ෂවාදයේ මූලික සංස්කෘතික ලකුණකි. ඒ කාලෙ රාජපක්ෂලාගේ සදාචාරය වුනත් දැන් මේ රනිල් වික්‍රමසිංහගේ සදාචාරය වෙන්න පුළුවන.  

මිනිස්සුන්ගේ ලිංගික නිදහසට බාධා කරන මට්ටමට පොලිසිය විසින් තමන්ගේ නිලබලය කිසි ගානකට නැතුව අවභාවිතා කරමින් තිබේ. ජනතාව තමන්ගේ බදු මුදලින් පොලිසියට පඩි ගෙවන්නේ මෙවන් පහත් ක්‍රියාවන් කරගෙන යාමට දැයි අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුය. අවුරුදු 16ට වැඩි දෙන්නෙකු නිදහසේ පෙම් කිරීම අත්අඩංගුවට පත්විය හැකි වරදක් යැයි පවසන නීතිය මොකක්දැයි පොලිසියෙන් විමසා දැනගත යුතුය. 

පොලිස් නිලධාරියා කියන්නේ මෙසේ පෙම් කිරීම නිසා සිදුවන අවදානම දරන්න වන්නේ තමන්ට බවයි. පොලිසියට එවන් පුරවැසියන්ගේ පුද්ගල සදාචාරය ආරක්ෂා කිරීමේ වගකීමක් පැවරී ඇත්දැයි පොලිස් ඇමති ටිරාන් අලස් පැහැදිලි කළ යුතුය. එහෙනම් මේ රටේ පොලිසිය සහ ආගම එකක් විය යුතුය. 


 

ඇත්තෙන්ම මේ තරුණ තරුණියන්ට ජීවිත අවදානමක් ගෙන දෙන්නේ මේ අමනෝඥ පොලිස් නිලධාරියාගේ ක්‍රියාවයි. මෙවන් ආතතීන් නිසා තරුණ තරුණියන් දිවිනසා ගන්නා අවස්ථාවන්ද ඕනෑ තරම්ය. එවැන්නක වගකීම නොදන්නා පොලිසිය සිප් එකක් ඇරගෙන සිටීමේ වගකීමක් ගැන කතා කරයි.

මේ රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේ ලංකාවෙ අප්‍රකාශිත ලිංගික ප්‍රතිපත්තියයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම වරදක් යැයි සම්මත සදාචාරයක් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ ගැන අපි හොඳටම දන්නේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිණිස පැවරෙන ව්‍යාපෘති අපේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාවට නගන පටු ආකාරය ඇස්පනාපිටම දැක ඇති බැවිනි. අවිවාහක අයට උපත් පාලනය පිළිබඳ දැනුවත් කිරීම පවා වරදක් යැයි පවසන, ලිංගික අධ්‍යාපන කටයුතු කරන ප්‍රධාන පෙලේ රජයේ වෛද්‍යවරු අපට මුනගැසී ඇත. ඉතින් මේ ලිංගික භීතිකාව පොලිසියේ පමණක් නොව සමස්ත  රජයේ වගේම ඔය බොහෝ ප්‍රගතිශීලී  යැයි කියන පක්ෂවල අයගේද රෝග තත්වයකි. ඇත්තෙන්ම එය සිංබෞ සංස්කෘතියේම අසහනකාරී දිගුවකි. සිංබෞවන් පවතින්නේ මේ ලිංගික ඇරියස් එක මතයි. රාජපක්ෂවාදය කියන්නේ  මේ රෝගයෙහි රෝග ලක්ෂණයයි.

z new800

මෙවන් සිදුවීමකදී කිසිම දේශපාලන පක්ෂයක් ඒ පෙම්වතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. ලංකාවෙ එවන් වෙනසක් ඇති වුනේ 2015 පෙරලියෙන් විතරය. එදා පෙම්වතුන්ට නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන ඉන්න බෑ කියන ආරක්ෂකයන්ට විරුද්ධව රජයේ මැති ඇමතිවරු පවා එතනට රැස්වුනා. ඒත් එදා ඒ හිටපු අයත්  අද මේ වගේ සිදුවීම්වලදි කතා නෑ.

මේ පෙම්වතුන්ට බාධා කරමින් තමන්ගේ නිල ඇඳුමේ බලහත්කාරය මුදාහළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. නැවත නැවත පොලිසිය විසින් ආඩම්බරයෙන් කරන මේ කාලකණ්ණි ක්‍රියාවට තිත තැබිය හැක්කේ එවන් ප්‍රායෝගික උදාහරණයක් වෙනුවෙන් බලකිරීමෙන් පමණකි. මෙය මානව අයිතිවාසිකම් කඩකිරීමකි. ඒ වෙනුවෙන් මේ නිලධාරීන් වගඋත්තරකරුවන් කළ යුතුය. 

මේ සිදුවීමේදී ඒ පෙම්වතුන්ට පෙම් කිරීම වෙනුවෙන් තමන්ගේ පුද්ගලික බිමෙහි අවසර ලබා දී තිබූ වැඩිහිටි ව්‍යාපාරිකයා විශේෂයෙන් අගය කළ යුතු මැදිහත්වීමක් කරයි. සිප් එකක් ඇරගෙන හිටියම වැරැද්දක් දැයි පොලිසියෙන් ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්න කිරීම වරදක් යැයි කියමින් පොලිසිය ඒ පුද්ගලයාවද අත්අඩංගුවට ගනී. මේ කාගේ නීතියක් ද?

ආදරයේ සහ ලිංගිකත්වයේ නිදහස වෙනුවෙන් එවන් පෙනී සිටීමක් සිදු කිරීමට හයියක් තිබූ ඒ ව්‍යාපාරිකයාට අපගේ ප්‍රණාමය.( අපිට ලංකාවෙ මේ වගේ අවස්ථාවල මෙතෙක් මුනගැහී තිබුනෙ  මූන හංගගෙන දුවන බියගුල්ලන්ය)

මේ සිදුවීම කිසිසේත් සරලව අමතක කර දැමිය නොහැකිය. ලව් කරන උන්ගෙ අයිතිය වෙනුවෙන්වත් පෙනී ඉන්න බැරි නං මොකටද ඉතිං.


ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපියක් :
මේ අපි අත්දකින නරකම යුගයක්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...