BREAKING
Top Ad
බුකිය

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න

T

The Leader

September 29, 2023 • 5:32 PM

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය
  • ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී ඇත.
  • * පසුගිය වසරේ එනම් 2022 නොවැම්බරයේදී ලිංගික බලහත්කාරීකමට අදාළ චෝදනා සදහා ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගන්නා ලදී.
  • * ඔහුගෙන් ප්‍රකාශ නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් සටහන් කර ගත් අතර එය වීඩියෝ තාක්ෂණය ඔස්සේද පටිගත කර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත.

ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී ඇත.

 එයින් උද්දාමයට පත් වනවා වෙනුවට ඕස්‍ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස අවධානය යොමු කිරීම ලංකාවේ අපට වැදගත්.

සිදුවීම් පෙළගැස්ම මෙසේය.

* පසුගිය වසරේ එනම් 2022 නොවැම්බරයේදී ලිංගික බලහත්කාරීකමට අදාළ චෝදනා සදහා ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගන්නා ලදී.

* ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම වැළැක්වීමේ නියෝගයක් කඩිනමින් ලබා ගෙන ඔහුගේ පිටත් වීම වළක්වා ඔහුව නිව් සවුත් වේල්ස් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදී.

* ඔහුගෙන් ප්‍රකාශ නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් සටහන් කර ගත් අතර එය වීඩියෝ තාක්ෂණය ඔස්සේද පටිගත කර ගෙන ඇත. එම නිසා පසුව වෙනස් කිරීමට නොහැක.

* පැමිණිලිකාරියගේ ප්‍රකාශද සලකා බලමින් මුල් අවස්ථාවේදී ලිංගික බලහත්කාරය සම්බන්ධ චෝදනා හතරක් මත අපරාධ චෝදනා ධනුෂ්කට එරෙහිව ගොනු කරන ලදී.

* මුල් අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනද පසුව ඔහුව මුදා හැර සීමා කාරී නිවෙස් රදවාගැනීමකට ඔහුව පත් කරන ලදී.


* CCTV දර්ශනද පැමිණිලිකාරියගේ ප්‍රකාශද තවත් කරුණුද සලකා බැලූ නිව් සවුත් වේල්ස් මහජන අභිචෝදක වරයා එසේ නැතහොත් රජයේ නඩු පවරන්නා (Public Prosecutor) විසින් 2023 මැයි මාසයේදී එල්ල කරන ලද චෝදනා හතරෙන් තුනක්ම ඉවත් කරගෙන එක් චෝදනාවක් පමණක් පවත්වාගෙන යන ලදී.


* 2023 සැප්තැම්බරයේදී නඩු විභාගය ආරම්භ කල අතර දින හතරක් පුරා පැවති නඩු විභාගය අවසන් කර 2023 සැප්තැම්බර් 28 දින නිව් සවුත් වේල්ස් දිසා අධිකරණය ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ එකම චෝදනාවෙන් ඔහුව නිදහස් කරන ලදී.


* සිදුවීම සිදු වූ දින සිට සම්පූර්ණ තීන්දුව ලබා දීමට ගත වී ඇත්තේ මාස 10 ක පමණ කාලයකි.


* ධනුෂ්ක නිදහස් වුවද නඩු විභාගය අතරතුර හෝ ඊට පෙරද අදාළ පැමිණිලිකාරියව එළිදරව් කර නැත. කිසිදු මාධ්‍යයක් එය සිදු කලේ නැත. එසේ එළිදරව් කිරීම නීතියෙන් තහනම්‍.


* CCTV දර්ශන මාධ්‍යයට ලබා දුන්නද ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කෙරුණි. ඇය ටින්ඩර් ඩේටින් ඇප් භාවිතා කරන කාන්තාවක් වුවද ඇයගේ පෞද්ගලිකත්වය සුරැකුණි.

* මාස දහයක කාලයක් තුළ පැමිණිලිකාරියගේද අනන්‍යතාව හෙළි නොකරමින්, නඩු විභාගය ද අවසන් කර තීන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා පුරවැසියකු වන ධනුෂ්ක ගුණතිලකටද යුක්තිය කඩිනමින් ඉටු කිරීමට නිව් සවුත් වේල්ස් නීතිය සමත් වී ඇත.

දැනට පවතින නීතියක් තුළ මොනයම් හෝ චෝදනාවකට නඩු පැවරීමක් සිදු කල හොත් තීන්දුව ලබා දීමට කොපමණ කාලයක් ගත වෙයිද?

ළමා අපචාර නඩු පවා වසර ගණනාවක් දිග් ගැස්සෙන නඩු බවට පත් වී ඇති රටක් ලෙස අපට ආඩම්බර විය හැකිද?

ලෝකෙන් උතුම් රටේ හැටි එහෙමය.

යුක්තියේ ප්‍රමාදය යනු යුක්තිය ප්‍රතික්ෂේප වීමකි.

කඩිනමින් යුක්තිය ඉටු වීම නිසා ධනුෂ්කට නැවත ක්‍රිකට් ගැන සිතිය හැක. ජීවිතය ගැන සිතිය හැක. වසර ගණනක් ප්‍රමාද වූවා නම් ඔහුගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

යුක්තියේ ප්‍රමාදය වැළක්වීමට මැදිහත් වෙමු.



සටහන : නීතිඥ දුලාන් දසනායක

(අන්තර්ජාලයෙන් උපුටා ගැනිණ )

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...