BREAKING
Top Ad
බුකිය

බණ්ඩා කල්පනා කරපු විදිහටම තමයි චම්පික කල්පනා කරන්නෙත්

T

The Leader

September 30, 2023 • 10:16 AM

බණ්ඩා කල්පනා කරපු විදිහටම තමයි චම්පික කල්පනා කරන්නෙත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චම්පික රණවක මහත්තයා ළගදි හරි බුද්දිමත් කතාවක් කියලා තිබුන.
  • බහුතරය ඇතුල්වෙන ඕනම දේකදි මේක සිද්ද වෙනවා.
  • ඒක ඉංග්‍රීසි සිංහල හුවමාරුවක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බණ්ඩා භාෂාව සිංහල නොකලා නම් අපි බහුතරයක් තාම හේන් ගොවිතැන් කරනවා කියලා එතුමා කියනවා.



මේ කියන්නෙ ප්‍රමාණාත්මක පැත්තෙ තර්කයක්. බහුතරය ඉගෙන ගෙන රාජ්‍ය සේවෙට ආවා කියලත් ඒ බහුතරය එතන කරන්නෙත් හේන් ගොවිතැනම තමයි. රාජ්‍ය සේව‍කයෙක් විදිහට හේන් ගොවියෙක් ඉන්න එකේ ප්‍රතිඵලය තමයි අපි අද බුක්ති විඳිමින් ඉන්නෙ. බහුතරය ඒ මහත්තයා කියනවා වගේ චන්ද වැඩි කරන්න වැදගත්. බණ්ඩා කල්පනා කරපු විදිහටම තමයි චම්පික කල්පනා කරන්නෙත්.

zdvfsfdw

භාෂාව සිංහල වීමෙන් සිද්ද වුනේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්වය පිරිහෙන එකයි. බහුතරය ඇතුල්වෙන ඕනම දේකදි මේක සිද්ද වෙනවා. ඒක ඉංග්‍රීසි සිංහල හුවමාරුවක් නෙමෙයි. සිංහල ග්‍රාම්‍යත්වය උත්කර්ෂයට නැංවීමක්. අපි හේන් ගොවියාම අමු‍ඩෙ ගලවලා දොස්තර කෙනෙක් කළා. ඊට පස්සෙ අපිට කාබනික වගාව ගැන, මස් කෑමේ ආදිනව ගැන උපදෙස් දෙන විශේෂඥ දොස්තරලා බිහිවුනා. කොරොනාවලට පැණි විකුණන මහාචාර්යවරු බිහිවුනා. ලෝකෙ පවතින සංස්කෘතික ප්‍රවේශයන් ගැන කිසිම දැනුමක් නැති විශ්ව විද්‍යාල බිහිවුනා. ලියුමක් ටයිප් කරගන්න බැරි රාජ්‍ය සේවකයො බිහිවුනා.



ඒත් තාමත් චම්පිකලාගෙ පක්සෙ කට්ටිය බණ්ඩාගෙ සිංහලකරණය ගැන ආඩම්බර වෙනවා කියන්නෙ හේන් ගොවියො ටිකක් ‍විසින් දේශපාලන බලයත් අල්ලගන්න හදනවා කියන එකට උදාහරණයක් මිස ඊට වැඩි දෙයක් නෙමෙයි.

(ටිපර් වමෙන් හෝ දකුනෙන්)


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...